දෙවන කොටස.....
පන්සල් වත්ත
ජපානයේ බෞද්ධ විහාරස්ථාන, සුන්දර ගෙවතු පිළිබඳව ප්‍රකටය.
වසර කීපයකට පෙර, අන් හැමටම වඩා සුන්දර ගෙවත්තක් සහිත විහාරස්ථානයක් විය. එහි
සුවිශේෂී ක්‍රමානුකුල බවත් සරල බවත් නැරඹීම සඳහා රටේ හැම පෙදෙසකින්ම සංචාරකයෝ
පැමිණියහ.
වරක් වයස්ගත භික්ෂුවක් එය නැරඹීමට පැමිණියේය. ඔහු
පැමිණියේ හිරු උදා වී මැද වෙලාවකට පසුවය. ඒ පන්සල් වත්ත එතරම් ආකර්ෂණීය යයි ප්‍රකට
වීමට හේතුව සොයා ගැනීමට ඔහුට අවශ්‍ය විය. එබැවින් මුළු ගෙවත්තම පෙනෙන පරිදි ඔහු
විශාල පඳුරකට මුවා විය. වේවැල් කූඩ දෙකක් අතැතිව ළාබාල භික්ෂුවක, විහාරස්ථානයෙන්
පිටතට පැමිණ සැටි ඔහු බලා සිටියේය.
ඒ ළාබාල භික්ෂුව, ගෙවත්ත මැද පිහිටි පලම් ගසකින්
වැටුණු හැම කොළයක් ම , රිකිල්ලක්ම අහුලා ගත්තේය. ඔහු ඒව ඒ මේ ඇත හරවා පරික්ෂා කර
සිතට ප්‍රිය කොළ හා රිකිළි එක් කූඩයක පරිස්සමෙන් තැන්පත් කළ අතර ප්‍රයෝජනවත්
නැතැයි සිතුණු ඒවා අනෙක් කූඩයට එනම් කුණු කූඩයට දැමීය. පසුව කුණු කූඩය පන්සල් වත්ත
පහළ කුණු ගොඩට හිස් කළේය. මේ කටයුතු සඳහා ඔහුට තුන් පැයක් පමණ ගත විය. ඉන් පසු ඊළඟ
වැදගත් අවස්ථාව සඳහා ඔහුගේ සිත තැන්පත් කර ගැනීමටත් තේ පානය සඳහාත්, ඔහු මදක් විවේක ගත්තේය.
ළාබාල භික්ෂුව අනතුරුව, ඒ හැම කොළයක් සහ රිකිල්ලක්
සිහිනුවණින් යුතුව පරිස්සමෙන්, දක්ෂ ලෙස ගෙවත්තේ පෙර තිබුණු ස්ථානයේ ම තැන්පත්
කළේය. එහි දී ඔහු කොළවල වර්ණ හා හැඩය පිළිබඳව සැලකිලිමත් වන බව පෙනිණ.
ඔහු සුළු කරුණු ගැන දැක්වූ අවධානයක්, වර්ණය හා හැඩය පිළිබඳ නිපුනත්වයත්, ස්වභාව
සෞන්දර්ය පිළිබඳ අවබෝධයත් විශිෂ්ට විය.
ඒ අවස්ථාවේදී වයස්ගත භික්ෂුව,
සැඟවී සිටි ස්ථානයෙන් පිටතට පැමිණියේය. ඔහු කතා කළේ මැද සිනහවකින් යුතුවය.
“හිමියනි, ඔබේ කටයුතු
අනර්ඝයි..! මම උදේ සිටම ඔබේ දක්ෂකම් බලා ගෙන සිටිය. ඔබේ උද්යෝගයත් , සුපරික්ෂාකාරි බවත් ප්‍රශංසා
ලණිය යුතුයි. ඔබේ ගෙවත්ත බොහෝ දුරට සර්ව සම්පූර්ණයි..!
ළාබාල භික්ෂුවගේ මුහුණ සුදුමැලි විය. ගොනුස්සකු දෂ්ට
කළාක් මෙන් ඔහුගේ සිරුරු දරන්දඬු විය. ජපානයේදී වයස්ගත භික්ෂුවගේ මද සිනාව, කිසි
විටක තේරුම් ගත නොහැකි විය.
“ස්වාමීනි, බොහෝ දුරට යනුවෙන් ඔබ වහන්සේ අදහස් කරන්නේ කුමක්ද..? අනේ ස්වාමීනි මට
අනුකම්පා කරන්න. මගේ ගෙවත්ත සර්ව සම්පූර්ණ කරන සැටි මට පෙන්වන්න.”
“පෙන්වන්න අවශ්‍යමද..?”
ඔව් ස්වාමීනි, කරුණාකර මට පෙන්වන්න.”
වයස්ගත භික්ෂුව ගෙවත්ත මැදට ගමන් කර සිය ශක්තිමත්
අත් වලින් පලම් ගස තදින් සොලවන්නට විය. ඔහු නතර වූයේ ගසේ සියලු ම කොළ සහ රිකිලි
බිම වැටුණු විටය.
ළාබාල භික්ෂුව භීතියට පත් විය. උදය කාලය පුරාම කළ
කටයුතු අපතේ ගිය බව පෙනිණ. ඔහුගේ සිත වයස්ගත භික්ෂුව කෙරෙහි කෝපයෙන් දැවෙන්නට විය.
එහෙත් කෝපය සමනය වන කාරුණික හිනාවකින් යුතුව වයස්ගත භික්ෂුව මෙසේ පැවසීය.
“ඔබේ ගෙවත්ත, දැන් සැබවින්ම සර්ව සම්පුර්ණයයි..!”
0 comments:
Post a Comment