පින්වතුනි, අපි සාමාන්‍යයෙන් කිව්වට කොච්චර බණ ඇහුවත්
කිසිකෙනෙක් හැදෙන්නෑ කියල. එහෙම නෑ. ධර්මයන් හැදෙන, ප්‍රයෝජන ගන්න අය ඉන්නව. එකට
උදාහරණයක් කියන්නම් අපි ඉස්සර පුංචි කාලේ ඉන්නකොට ගමේ අය බලන නාට්ටියක් තිබ්බ
රාමායනය කියල. ඕක ආසාවෙන් බලල ඉස්කෝලෙ ගිහින් ඇවිත් අර රාමායනේ තිබ්බ කොටස්
රඟපානව. අර අහපු දැකපු දේ ඒ විදිහට ක්‍රියාවට නැන්වෙනව. මතක නැද්ද ඔය ටීවී එකේ
හොරු අල්ලන හැටි වගේ එක එක වැඩසටහන් තියෙනව. ඕව බලල හොරකම් කරපු අය හිටිය. හොරකම්
කිරීම නමැති බීජය තියෙනව. ක්‍රමේ දන්නේ නෑ. ටීවී එකෙන් පෙන්නනව.. කරනව. ඇතුළෙ බීජෙ
තියෙනව. ඒ වගේ භාවනාවක් කරන්න පුළුවන් ස්වභාවයක් හිතේ තියෙනව. එකට කරුණු යෙදෙන්නෙ
නැති උනොත් කෙරෙන්නේ නෑ. පින්වත්නි, භාවනාවකට හිත නැමෙන එක බීජයක්. ඒ බීජයට පොහොර
ලැබුනොත්, වතුර වැටුනොත් ඒ බීජය වැඩෙනව. එකයි මෙතන තියෙන්නෙ. හේතුඵල දහමක්. කොයි
පැත්තටද කරුණු යෙදෙන්නෙ ඒ පැත්තට හිත හැදෙනව. මැස්ස ගහන්නේ කොයි පැත්තටද ඒ පැත්තට
වැල යනව. ඕක තමයි සසර. ඒ නිසා කවුරුහරි මේ බණ අහන කෙනෙක් ඉන්න පුළුවන්, අද මේ කියන
ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න. අහන ඔබටත් ඒ පිංවන්තයටත් මේ ධර්මය වේවා කියල තමයි මේ
ධර්මය කියන්නෙ. හරි අගේ ඇති භාවනා අරමුණක් තමයි මේ විස්තර කරන්න යන්නේ.. නවසීවතකය.
මේ නවසීවතක භාවනාව කියන්නේ හරියටම කළොත් බොහෝ දෙනෙක්ගෙ හිත එකඟ
වෙන්න පුළුවන් භාවනාවක්. එකට හේතුව.. ගලපා බැලීමක් මේකෙ තියෙන්නෙ. අපේ හිත්වලත්
තියෙනව ගලපා බැලීමක්. අරයගෙ ඇස් දෙක කොහොමද? මගේ කොහොමද? අරයගෙ කොන්ඩෙ කොහොමද?
කියල හිත්වල තියෙනව ගලපා බැලීමක්. ඕක තමයි බීජය. ඔන්න ඕකට ආදේශ කරන්න ඕන අවබෝධ වෙන
දේ. කරගත්තොත් හරි.. ඊළඟට තමයි අපේ හිත සාමාන්‍යයෙන් හුරු එකම දෙයකට වැඩිය ගොඩක්
දේවල් හිතන්න. ඒ නිසා ඒක උපකාර කරගෙන මළසිරුරක් බලලා තමන්ට ගලප ගලපා බලන්න තියෙන්නෙ.
එතකොට අද කාලේ චරිත ස්වභාවයන් එක්ක බලනකොට හරි අගේ භාවනාවක්. ගොඩාක් තියෙන්නේ රාග
චරිත. හිත වල ඒකමයි වැඩෙන්නෙ. උදාහරණයක් විදිහට.. මට එක මහත්තයෙක් කියනව.
“ස්වාමිනි මගේ දෝණිගේ වයස අවුරුදු 4යි. එක දවසක් මං ඉන්න තැන එයා කාටුන් බල බල ඉන්නකොට එකපාර දෝණි ඇවිත්
ඇස්දෙක වැහුව. තාත්තට ඕව බලන්න හොඳ නෑ කියල”.. ඒ තමයි අද කාලේ බීජ. ඉතින් මේ රාග
බීජ වලට පහර ගහන්න පුළුවන් ශක්තිය මේ භාවනාවට තියෙනව. ඊළඟට තියෙන දෙයක් තමයි මේ
හිත්වල ඉක්මනට බැඳෙනව. ඉක්මනට බැඳෙන්නැත්තං කොහොමද එක්කෙනා විවාහ 2ක් තුනක්
කරගන්නේ. වැරදි කාම සේවනය බහුල වෙන්නෙ කොහොමද?. ඒ තමයි අරමුණු වලට වේගයෙන් බැඳීම.
එහෙම බැඳෙද්දී අරමුණුවල යතා ස්වභාවය තේරුම් ගන්න හරී උපකාරයි මේ භාවනාව. අපිට
හිතෙන්න පුළුවන් අපේ හිත් වල රාගයටයි, බැඳීමටයි සාපේක්ෂව බලනකොට භාවනා කරල අපේ හිත
වල තියන ඒව නැතිවෙයිද කියල. භාවනා කරල කෙලෙස් නැතිවෙනවද නැද්ද කියල දන්නේ භාග්‍යවත්
අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සෙ. උන්වහන්සෙ වදාළ මේ භාවනා අරමුණෙන් ඒකාන්තයෙන්
කරන්න පුළුවන් සෝක, වැලපීම් දුරු කරලනව. චතුරාර්ය සත්‍ය අවබෝධ කරවනව. දුක් දොම්නස්
නැතිකරනව. නිවණ සාක්ෂාත් කරනව. හිත පිරිසිඳු කරනව. එතකොට මං මේ නවසීවතක භාවනාව රාගය
දුරු කරන්න හරි උපකාරි කියනකොට කෙනෙක්ට කියන්න පුළුවන් ඕකනම් හොඳයි හාමුදුරුවන්ට.
අපි ජීවත් වෙන්නේ දරුමල්ලොත් එක්ක. ඔයා කියන විදිහෙ භාවනාවක් අපි කලොත් එහෙම අපේ
උන්දැත් දමල ගහල යයි. අපි කියමු දළ වශයෙන්.. ස්ත්‍රීන් කොටි 350ක් ඉන්නව ලෝකේ.
තමන්ට ලැබෙන්නෙ එක ස්ත්‍රියයි. එතකොට එක ස්ත්‍රිකට රාගය පවත්වල කොටි 350කට
විරාගයක් පවත්වන්න ඕනෙ. කොහොමද එක කරන්නෙ. ඒවගේම කොටි 350ක් පිරිමින්ට විරාගෙ
පවත්වල තමන්ගෙ ස්වාමියාගෙන් පමණක් සෑහීමට
පත්වෙන්නෙ ඕනෙ. කොහොමද එක කරන්නෙ.. ඒ නිසා මේ භාවනා අරමුණුවලට
සිතිවිල්ලකින්වත් ගරහන්න එපා. රාගෙන් ගොඩ යන්න නම්, බන්දන වලින් ගොඩ යන්න නම්,
දකින දකින රූපෙට හිත යන ලෝකකෙන් නිදහස් වෙන්න නම් කවදාහරි මේ කියන දේ නුවණින්
විමසන්නම වෙනව. එදාට නුවණින් විමසල අපේ හිත පිරිසිදු කරන ධර්මයට දැන් ගරහන්න එපා.
තමන්ට පුලුවන් බැරි බව තමන්ගේ දෙය. නමුත් එකට ධර්මය පලි නෑ. ධර්මය කුඩයක් නම් ඒ
කුඩය ඇතුළට යන කෙනා තෙමෙන්නේ නෑ. ඔයා තමයි මූලික පසුබිම භාවනාව ගැන. නවසීවතක
භාවනාව හරී ප්‍රායෝගික දැන් නෙවයි ඉස්සර. ඇයි එකට හේතුව. මේ නවසීවතකය භාවනා නවයක්.
අපි පුරුදු වෙලා තියෙන්නේ භාවනා නවයම කරන්න. මිනියක් කුණුවෙලා යනහැටි බලනව. ශරීරයට
ගලපගන්න එක කොටස් නමයම කරන එක. නමුත් ඒ නවය එකට කලාට හිත සමාධිමත් වෙනකොට හිත
රැඳෙන්නේ එකක. එක මේ වගේ. වඳුරෙක් ඉන්නව. ගස් නවයක් තියෙද්දී ඔය ගස් වල පැන පැන
ගිහිලා එක ගහක නවතිනව. අපි කොටස් නමයම සිහිකරනව භාවනාවේ. එහෙම කරාට එක අරමුණක හිත
නවතිනව. ඒ අරමුණ බහුල බහුල වශයෙන් වඩනකොට භාවනා නිමිත්ත හිතේ පිහිටනව. ඒ පිහිටන
භාවනා නිමිත්ත සිහිකරන්න කරන්න හිත සමාධිමත් වෙනව. සියල්ල දන්නා වූ සියල්ල දක්නාවූ
ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ “එකයනෝ අයං භික්ඛවේ මග්ගෝ” කියල
වදාළ නම් ඒ මේ සතර සතිපට්ඨානය. කුමක් සඳහාද එකම මාර්ගය මේ සත්වයන්ගේ කෙලෙස් සහිත
හිත පිරිසිදු කරන්න. දුක් දොම්නස්, සෝක වැලපීම්වලින් ඉක්මවා යන්න. අත්මිදීම පිණිස.
චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න. නිවණ සාක්ෂාත් කරන්න. එහෙමනම් නිවණට, දුක්දෝමනස්
වලින් මිදෙන්නට කැමති නම් එකම මාර්ගය ඒ මේ සතර සතිපට්ඨානය. එතකොට සතර සතිපට්ඨානය කියල
කතා කරනකොට පේන්නේ ඕන තමන්ගෙ ඇඟ. ඒ නසා ඒ භාවනාවේ මුලින්ම තියෙනව කායානුපස්සනාව.
කය අනුව බලනව. හොඳට සිහිය හසුරුවන්න පුළුවන් කෙනෙකුට තමන්ගේ ලඟම භාවනා අරමුණක්
තියෙනව.. තමන්ගේ හුස්ම රැල්ල. ඒ හුස්ම රැල්ල මුල්කරගෙන සසරෙන් නිදහස් වෙනව. හුස්ම
මුල් කරගෙනම සසරෙත් යනව. සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටුවන තැන. එතකොට ආශ්වාස, ප්‍රශ්වාසයේ
සිහිය පිහිටුවනකොට ඒක කායට සම්බන්ධයි. දැන් අද අපි කතා කරන නවසීවතකය ටිකක් වෙනස්.
එකයි මං මුල ඉඳල කියන්නේ, ඊළඟට ආනාපානසතියේ විශේෂයක් තියෙනව. එක කරද්දී කොන්ද
කෙලින් කරගෙන කය සෘජුව සෑදී පැහැදී සිටින්නට ඕන. ඒක එහෙමම කරන්න ඕන. එතකොට තමයි හුස්ම
රැල්ල අවබෝධයක් කරා ගෙනියන්න පහසු වෙන්නෙ. කොන්ද නවාගෙන භාවනා කලොත් එයාගේ පිනක්
තිබ්බොත් නිකන්ම කොන්ද කෙලින් වෙනව. ආනාපානාසතියෙන් හැදෙන සෘජුභව කොච්චරද කියනවනම්
පිරිසක් මැද හිටියත් හොයාගන්න පුළුවන්. එයාගෙ ඇඟ හෙල්ලෙන්නෙ නෑ. ඒක භාවනාවේ
ආනිසංසයක්. එයා අවසාන හුස්ම රැල්ලත් දන්නව. ඊළඟට කෙනෙකුට හොඳට සිහිය පිහිටනවා
ඉරියව්වල. භාහිර කෙනෙක් තමන් දිහා බලං ඉන්නව වගේ තමන්ගේ හිතින් තමන් දිහා බලං
ඉන්නව. ඇවිදිනකොට, ඉඳගෙන ඉන්නකොට, කනකොට, නිදාගෙන ඉන්නකොට.. ඉන්න ඉරියව්ව ගැන
සිහියෙන් ඉන්නව. ඉරියාපත භාවනාව. සතිසම්පජන්න භාවනාව කියල භාවනාවක් තියෙනව එකෙදින්
කරන්නේ.. දැන් පිණ්ඩපාතෙ යද්දි සිහිය පිහිටනව කිසිම ඉරියව්වක කෙලෙස් උපද්දවන්නෙ නෑ
කියල. ආයේ එද්දිත් සිහිය පිහිටනව කිසිම ඉරියව්වක කෙලෙස් උපද්දවන්නෙ නෑ කියල. අතපය
හරවද්දී, සිවුරු පොරවද්දී, කද්දී, බොද්දි, වැසිකිළි කැසිකිලි කරද්දී පවා සිහිය
පිහිටුවනව කෙලෙස් උපද්දවන්නෙ නෑ කියල. ඒ කියන්නෙ වැසිකිළි කරද්දින් පවා අවබෝධ
වෙන්න පුළුවන්. ඒකයි ඒ මොහොතෙත් සිහියෙන් ඉන්නෙ. බලන්න මේ සසරෙන් එතෙරවුණු මුනිවරු
සිහිය පිහිටුවපු හැටි. අපේ ඉස්සර මිනිනිස්සු හොඳයි. සතර සතිපත්ඨානය කටපාඩම්. පාඩම්
තිබ්බත් යහපතක්. මෙකෙන්නෙ කෙනෙක් නිදහස් උනේ. ඊළඟට භාවනාවක් තියෙනව, අසුභ භාවනාව.
හිසකෙස්වලින් පහලට යටිපතුලෙන් උඩට ශරීරයේ කුණප කොට්ටාස 32ක් තියෙනව. එක සිහිකරනව.
මේ භාවනා කරද්දී තියෙනව ගුණධර්ම ටිකක් හදාගන්න. ඒ තමයි. ආතාපි -
කෙලෙස් තවන්න ඕන. නීවරණ වලින් පීඩා විඳිනව. එතකොට ඒවත් තව තවා භාවනාවට යන්න ඕන. හංඳි
රිදෙනව, කොන්ද රිදෙනව.. චිත්ත පීඩා දෙනව අරමුණු වලින්. සම්පජානෝ - හොඳට නුවණ මෙහෙය
මෙහෙයවා දැන් මේක කරන්න ඕන, දැන් මේක කරන්න ඕන කියල. අදාළ දේට විමස විමසා භාවනාව කරන්න ඕන. සතිමා -
සිහිය පිහිටුවන්න ඕන. ගොඩාක් අයට දොස තියෙන්නේ භාවනාව ටික වෙලාවක් කරද්දී එක එක ඒව
පේනව. දේව රූප බලන්න යනව. විනෙයිය ලෝකේ අභිජ්ජා දෝමනස්සං - මේ ලෝකෙ තියෙන රූප,
ශබ්ද, ගඳ, අරමුණු කෙරේ තියෙන දොම්නසත්, ඇල්මත් දුරු කරන්න ඕන. අසුභ භාවනාව කරද්දි
මුණ ගොරක ලෙල්ල වගේ තියාගෙන කරන්නෑ. එකට ලස්සන උපමාවක් තියෙනව. දෙපැත්තේ කට තියෙන
මල්ලක් තියෙනව. නානාප්‍රකාර ධාන්‍ය දාල තියෙන්නෙ. නුවණැති පුරුෂයෙක් මේ මල්ල ලිහල
ඒව වෙන් කරනව. මේ හාල්, මේ වී, මුන්, තල, කියල. මේ විදිහට මේ කයේ කෙස්, ලොම්..
කියල මේ කයේ තියෙන ටික වෙන් කරනව. අපිට වරදින තව තැනක් තියෙනව. භාහිර රූපයක් මුල්
කරගෙන රාගය ඇති උනොත්, ඒක දුරුකරන්න තියෙන්නේ අසුභය කියල කල්පනා කරල.. අර කෙල්ලගේ
කෙස්, ලොම් කියල කරොත් ඇවිළෙන ගින්නට දර දැම්ම වගේ. ඒ කෙල්ලගෙ කොන්ඩෙ තමයි නියම
කියල හිතෙනව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ වෙන දෙයක්. භාවනාවෙ මුල තියෙනව අත්ති
ඉමස්මිං කයේ - මෙන්න මේකයි කෙස්, ලොම්.. විදිහ. ඇත්තටම අපි ඇලෙන්නේ අපිට මේ ශරීරය
ගැන අවබෝධයක් නැති නිසා. එකට උදාහරණයක්.. උදේට දත් මැද්දේ නැත්තං දැන් අපි
කට්ටියත් එක්ක කයිය ගහනවද? දැක්කද ඇතුලෙ තියෙන අසුභය නිසා එතනින් අයින් වෙච්ච
හැටි. උදේ පාන්දර ඇස්වල කබ, කටකෙල පිරිලා බහුබූත ස්වරූපයෙන් ඉන්නකොට අපිවත් අපේ
මුණ කන්නාඩියෙන් බලන්නෑ. බලලද හෝදන්නෙ, හෝදලද මුණ දිහා බලන්නෙ.. හොඳට මතක තියාගන්න
අපි අපේ ඇත්තට ආවොත් තමයි ලෝකෙන් ඈත් වෙන්නෙ. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
වදාළ කෙස්, ලොම්.. කියල තමන්ගේ කය විමසන්න. නොයෙක් යෝගාවචරයෝ ඉස්සෙල්ලාම මේක
විමසන්න ගත්තෙ කෙස්, ලොම්.. කියල පේන නිසා. මේකම සිහිකරකර හිටිය, වැරදි කියන්න බෑ.
නහර, ඇට පේන්නෑ. ඒ නිසා අරක හොඳට සිහියෙන් විමසල තමයි මේක සිහිකරන්න ගත්තෙ. නමුත්
කෙනෙක් කුණප කොටස් 32ම සිහිකරා කියන එක භාවනාවට හරි උපකාරයි. එතකොට මුලින්ම එයා
කරන්නෙ අරමුණ සජ්ජායනා කරකර ඉන්නව. ඒක භාවනාවට උපකාරයි. එකපාර භාවනාවට ඉඳගත්ත ගමන්
සමාධිය උපදින්නෙ නෑ. අනික සතර සතිපට්ඨානය කියන්නෙ සමාධිය උපද්දවන එකක්ද, සිහිය
පිහිටුවන එකක්ද. ඒ නිසා හිත එකඟ උනා හෝ නැති උනා හෝ ඒ අරමුණුවල සිහිය පිහිටුවනව
කෙස්, ලොම් නිය.. කියල. එහෙම සිහිය පිහිටුවන නිසා උපදින දේ තමයි සමාධිය. ඊළඟට
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ “මේ විදිහට අභ්‍යන්තර කය ගැන
කායානුපස්සනාවෙන් වාසය කරනව. ඊළඟට භාහිර කයවල් ගැන. ඒක මේ වගේ ෆෝන් එකක් ඔබල විනාස
වෙච්ච කොල්ලෙක් ඉන්නව. මේ කෙනාට තව කොල්ලෙක් ෆෝන් එකක් පාවිච්චි කරනකොට හිතට
උපදිනව අරකත් එහෙම වෙන්න ඇති. ෆෝන් එකෙන් විනාස වෙනව කිව්වට සමහර අය කල්පනා කරනව
මොන විකාරයක් කියනවද කියල. එයාගේ දැනුමට තමයි එයා ලෝකේ දිහා බලන්නෙ. මේකත් ඒ වගේ.
තමන්ගේ කය හොඳට තේරුම් ගත්ත කෙනා තමයි අනිත් අයගෙ කයත් මෙහෙමයි කියන සිතිවිල්ල
උපදින්නෙ. හැබැයි අනිත් අයගේ කයින් තමන්ගේ කයට සිතිවිල්ල උපදින්නෙ නෑ. ඔය භාවනා
ටික තමන්ගේ කයත් එක්ක සම්බන්ධයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ තවත් භාවනා අරමුණක්
තියෙනව ‘මේකත් කරපන් කියල නෙමේ’ පින්වත් මහණෙනි තවත් භාවනාවක් කියන්නම්..
මොකක්ද ඊළඟ භාවනාව. ධාතු මනසිකාරය. මේ ශරීරයේ තියෙනව පොළොවට පස්වෙලා යන දේවල්,
වැගිරෙන දේවල්, මේ කයේ තියෙනව උණුසුමට අයිති දේවල්, හමා යන දේවල්.. කයේ තියෙන සතර
මහා ධාතු විමසා ඉන්නව. එකත් එක භාවනාවක්. ඔහොම භාවනා ටික එනකොට අද කතා කරන නවසීවතක
භාවනාව එනව. මේ භාවනාවේ තමන් ඉස්සරලා භාවනාවට අරමුණු කරගන්නව. භාහිරින් අරමුණක්
ගන්නව. ඒ නිසා ඒ භාවනාව පටන් ගන්නව “පින්වත් මහණෙනි එක මේ වගේ ඒ තමයි මෙයා දකිනව
සොහොනේ දාලා තියෙන මල සිරුරුක්. ඕන්න ඕක තමයි නැත්තෙ. මිනියට වෙච්ච දෙයක් නෑනෙ අද.
මැරිච්ච ගමන්ම එම්භාම් කරනව. පුච්චනව. මිනියක් හොයන්න ඉන්ටර්නෙට් සර්ච් කරල
හොයනකොට හොඳට මිනී පේනව.. අපේ හිතේ රාගය කියන එක පින්වත්නි, චප්පවෙච්ච ඇඟවල් හා
කරල පෙන්නන්න පුළුවන්. නිශ්චල ශරීර චංචල කරල පෙන්නන පුළුවන්. ඒ නිසා මේ රාගය අසුභ
දෙයක් සොයද්දිනුත් උපදිනව. මහ නුවනැත්තොම මේකෙන් ගැලවෙනව. රහතන් වහන්සේ නමක් කියා
හිටිනව “මම භාවනා අරමුණක් සොයාගෙන තමයි සොහොනට ගියේ ඔලුකට්ට සුදුවෙච්ච, පණුවෝ
දඟලන, ඇඟ ඉදිමිච්ච ඒ ශරීරය දකිනකොට අනිත් අයටනම් ඇතිවෙන්නේ පිළිකුලක්. ඒත් අහෝ!
පුදුමයක් මට ඉපදුණේ රාගයක්. මං කිව්ව මගේ හිතට චී මොකද්ද මේ කරන්නෙ.. මං එහෙම්ම
මොහොතක් ඈත් මෑත් වෙලා භාවනා අරමුණෙ මනාව හිත පිහිටුවා ගත්ත. බතක් ඉදෙන මොහොතින්
මං සියලු කෙලෙස් නසල දැම්ම”. එතකොට මේ භාවනාව හරිම ප්‍රායෝගිකයි බුද්ධ කාලේ.
මොකද හේතුව මිනී ගිහිල්ල ඔහෙ ඔතල දානව. අදත් එහෙමයි ඉන්දියාවේ සතර පෙරනිමිතිම පේනව
කලකිරුන්නැති උනාට. වෙනස් වෙන්නෙ නෑ කියන තැන ඉඳල තමයි මේ සෙල්ල ඔක්කොම අපේ. දැන්
මං අද රෑට මැරුනොත් හෙට හවස් වෙනකොට පුච්චනව. මේ බණ කියන හාමුදුරුවන්ගෙ හෙට අලුවත්
නෑ. මේ සසර.. මේක අවබෝධ නොවෙන සිතට නින්දා වේවා. ඒ කාලේ හරීයට මිනී පේන්න තියෙනව.
භාවනාවට අරමුණක් හොයන භික්ෂුවට පෙන්ව මිනී දාල තියෙනව අමු සොහොනෙ. මිනිය දාල එක
දවසක් වෙන්න පුළුවන් සොහොනට. දවස් දෙකක්, තුනක් වෙන්න පුළුවන්. උද්දුමාතකං - මේක
ඉදිමෙනව. මේ සන්දි නොපෙනී යනව. ඇස් ඉදිමෙනව, බඩ කලගෙඩියක් වගේ ඉදිමෙනව. විනීලකං - ඔය
කෙට්ටු අයගෙ ඇඟේ නහර පේනව. නහර ටික නිල පාට වෙනව. විපුබ්බකජාතකං - තැන්
තැන්වල සැරව හැදෙනව. අපි දන්න ළමයෙක් බොහෝ කාලයක් දැඩිසත්කාරයෙ ඉඳල මැරිලා ගිය.
ගෙනල්ල එක දවසයි ඇඟේ පොඩ්ඩ පොඩ්ඩ සැරව එනව පේන්නම. මේක දැකපු අම්මම ඉක්මනට වගේ
දාමු කියල කෑ ගැහුව. එතන හිටපු එක කොල්ලෙක් ඒ මොහොතෙම ආව මහණ වෙන්න. දැන් තියෙන
කරුමෙ මේවා බලන්නෙ නෑ. දඹදිව යදිදං
ඉස්සෙල්ලාම කියනව කෙනෙක් ඉන්නව වීඩියෝ කරන්න. පොටෝ ගහන්න එපා. ඒත් ගහනව. දවසක්
කෝච්චි පාරේ බල්ලෙක් මැරිලා හොඳටම ඉදිමිලා ඉන්නව.. මං කිව්ව ගහපියව් මේක පොටෝ.
කියලවත් ගහන්නේ නෑ.. සසරේ නිදහස් වෙන කෙනා මේක දිහා බලනව. ඉස්සර මේකට සෑදී පැහැදී
ගිහිල්ල තියෙන්නෙ. ආරංචි වෙනව භික්ෂුවකට මිනියක් සොහොනෙ දාල තියෙනව කියල. එතකොට
ගුරු හාමුදුරුවෝ උගන්නව ඔහොම ආරංචියක් ආවොත් කලබල වෙන්න එපා. ඒ පාර ගැන, වටපිට ගැන
සිහියෙන් යන්න. ගිහිල්ල මිනියෙන් ගඳ තමන්ගෙ පැත්තට එන විදිහට ඉන්න එපා. මොකද ඒ ගඳේ
සැරට අරමුණු ගන්න කලින් චී කියල හිත පෙරලෙන්න පුළුවන්. මිනිය පිටිපස්සට යන්න එපා
කියනව අමනුස්සයෝ ඉන්නෙ ගඳ එන පැත්තේ නෙමේ අනික් පැත්තෙ කියනව. ළඟටම යන්න එපා කියනව
මිනියෙ ස්වභාවය හිතට ගන්න අමාරුයි කියල. දුරට යන්න එපා කියනව හොඳින් පේන්නෙ නෑ
කියනව. ඊට පස්සෙ පුළුවන්තරම් පිරිමි කෙනා පිරිමි කෙනෙක්ගෙ මැරිච්ච ශරීරයක් තමයි
අරමුණු කරගන්න ඕන. ගෑණු කෙනා ගෑණු සරීරයක් අරමුණු කරගන්න ඕන. තවම භාවනා පටන් ගත්තෙ
නෑ. ඊළඟට වටේ තියෙන ඒව බලන්න කියනව ගල්, ගස්. ඒව බලන්නෙ ඇයි සමහර වෙලාවට භාවනා
කරකර ඉන්නකොට මිනිය නැගිටිනව පේනව. එතකොට හිතන්න කියනව අර වටේ තියෙන ඒව ගැන. අප්‍රාණික
ගස්, ගල් සෙලවෙන්නේ නැතුව ඇයි මිනිය විතරක් නැගිට්ටේ කියල. මං හිතනව ඔච්චර
විස්තරයක් ඕන නෑ. මොකද ඔච්චර කරන උන්දල නෑ. මොකද ඔච්චර වෙහෙස මහන්සි වෙන යුගය
ඉවරයි. ඊට පස්සේ ඇස්දෙක පියාගෙන, ඇරගෙන බලනව අර රූපෙ හොඳට මතකයිද කියල. හොඳට අර
නිමිත්ත හිතට ගන්න කියනව. හිතට හොඳට පෙන්ව නම් ආයිත් අර ආපු පාරෙ සිහියෙන් එන්න
කියනව. ඕව බලන්න යන්න කලින් ගුරු හාමුදුරුවන්ට හරි අසපු හාමුදුරුවෝ කෙනෙක්ට කියන්න
කියනව. හදිස්සියේ භය වෙලා එන්න බැරි උනොත් කවුරු හරි යවල ගේන්න ගන්න පුළුවන්.
අනෙත් එක හොරකමකට අල්ලනකොට ආරණ්‍යයේ හාමුදුරුවන්ට කියන්න පුළුවන්. ඉස්සර ඉතින්
ගෝලනමවල් රැකල තියෙන විදිහ. දැන් සිහිකර කර එද්දින් මගදී කවුරුහරි හමුවෙලා කතා
කරොත් එහෙම කවදාවත් උත්තර නොදී ඉන්න එපා කියනව. දැක්කද භාවනාව කලත් සාමාන්‍ය ලෝකය
ඉදිරියේ එයා අද්භූත චරිතයක් වෙන්නෙ නෑ. අද උන්දලා.. මේ භාවනාවෙන් ඉන්නව කවුරුහරි
හයියෙන් දොර ඇරියොත් කෑ ගහනව තොපි මාර පැටව් කියල. ඇයි අහනකොට කියනව මං මේ මෛත්‍රී
ධ්‍යානයෙන් ඉන්නකොටයි තො දොර ඇරියෙ. එක අම්ම කෙනෙක් කිව්ව මෛත්‍රී භාවනාවමයි කරන්න
ආස කරන්න දෙන්නෙම නෑ දොර අරිනව, සද්ද දානව... මං කිව්ව අම්මට, මං මෛත්‍රී භාවනාව
අලුත් විදිහකට කියල දෙන්නම් කියල. කොහොමද හාමුදුරුවනේ, ඇහුව. භාවනාව කරද්දී දොර
අරින කොට දොර ඇරපු කෙනා සුවපත් වේවා!. බඩුවක් පොලේ ගහනව. බඩුව පොලේ ගහපු කෙනා
සුවපත් වේවා!. හොඳට මෛත්‍රීය වැඩෙනවද නැද්ද.. දැක්කද අපිට තියෙන මුලාව. සාමාන්‍ය
ලෝකයට අද්භූත වෙන්න යනව අපි. භාවනාව ප්‍රායෝගික නෑ. ඒ නිසා හිතේ පිහිටන්න බෑ. බොහෝ
කාලයක් පවත්වන්න බෑ.
ඊට පස්සේ යෝගාවචරය අසපුවට එනකොට ගුරු ස්වාමීන් වහන්සේ වැඩල.
භාවනා අරමුණ පැත්තක තියල වත් කරන්න කියනව. ගිලන්පස, ඇප උපස්ථාන, කුටි බලල..
කවදාවත් වත්පිළිවෙත් වලට භාවනාව නිසා බාධාවක් ඇති කරගන්න එපා කියල කියනව. මේ
අටුවාවල විස්තර.. අද කාලේ යම්කිසි භාවනාවකින් සමාධියක් වැඩුනොත් එහෙම මොකද කරන්නෙ
පිරිස් ගොඩේ බණ අහන්න බෑ කියනව. පිරිසෙම ඉඳලයි සමාධිය ඩිංගක් හදාගත්තෙ. සමාධිය
හදාගත්තට පස්සෙ බෑ. දැක්කද අපි යන පාර. අහෝ! භාවනාව යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ
පාරිශුද්ධ දේ දංනැති නිසා මේ ලෝක සත්වයා මුලා වෙන හැටි. හරියට මුලා වෙනව භාවනාව
නිසා. හේතුව මේ සතර සතිපට්ඨානය ගැන පිරිසිදුව කතා නොකිරීම. ඊට පස්සේ කියනව දැන්
ආයෙ දකින්න මිනියකුත් නැත්තං යෝගාවචරයන් වහන්සේලාට ඉඳගෙන හිතින් හිතන්න කියවනව කුටියෙ
ඉඳල අමු සොහොන දක්වා ගිය විදිහ.. එතකොට අර භාවනා අරමුණ අනිවාර්යයෙන් හිතට එනව
කියනව. එහෙනම් අපිට මොනව හරි අමතක උනොත් සාමාන්‍ය ජීවිතේට හිතෙන් යන්න ආපහු පස්සට
මේක කළා මේක කළා.. ආපස්සට ආපස්සට ගිහිල්ල හිතනකොට අමතක වෙච්ච දේ මතක් වෙනව. ඔන්න
දැන් මිනිය දැක්ක.. හිතට අරමුණ ආව. මිනිය ඉදිමිලා, සැරව පිරිලා. පහුගිය දවස්වල
ගංවතුර කාලේ යසට ඔය රූප. ටීවි එකේ පෙන්නනකොට වහගන්නව මුණ අම්මෝ සංසාරයක් කියල. ඕව
බලන්න සිද්ධවෙන්නවත් එපා කියනව. මේකෙ කියනව භාග්‍යවතුන් වහන්සේ බලල භාවනා කොරන්න
කියල. මේ උපාසක අම්මල කියනව ඕව බලන්න සිද්ධ වෙන්නවත් එපා කියල. මිනියක්, සොහොනක්
ගැන කවර කතාද, මළගෙදරකට ගිහිල්ල බලාගෙන ඉන්නව අනේ නිදාගෙන ඉන්නව වගේ. හිටියටත්
වැඩිය ලස්සනයි. අඩුම තරමෙ ඒ මිනිය දිහා බලලවත් මටත් මේ වාගේ නිදාගන්න වෙනවා. මේ
ඇස් ආයෙ ඇරෙන්නෑ. මේ කන්වලට ආයෙ ඇහෙන්නෙ නෑ. ශරීරයට දැනෙන්නෙ නෑ. ආයේ කෑමක් බීමක්
නෑ කියල මළගෙදරක මිනියක් ගැන හිතන්නවත් අපිට ඤාණය නෑ. තවම මේ විස්තර කරන්නේ පලවෙනි
සීවතකය. ඊට පස්සේ මේ ඉදිමී ගිය, නිල්වී ගිය, සැරව පිරුණ මේ ශරීරය භාවනා කරන කෙනා
සක්මන් කරකර හරි, ඉඳගෙන හරි, එරමිනිය ගොතාගෙන හරි, නිදාගෙන හරි සිහිකරනව. ඒ
සිහිකරන මිනිය ගලප ගන්න ඕන කාටද?, තමන්ට. මිනිය ගැනම හිත හිතා ඉන්නෙ නෑ. කොහොමද..
මගේ මෙන්න මේ ශරීරයටත් ඔන්න ඕක තමයි වෙන දේ. ඔය ස්වාභාවයමයි. ඔයා ස්වභාවය ඉක්මවා
නැත. දැන් හිතන්න අපේ මේ නවීන ලෝකය නිසා මනුස්ස්සයාට ජීවිතය අවබෝධ වෙන පැති කොච්චර
ඇහිරිලාද. අමුසොහොන නෑ කියන්නෙ කයේ යතා ස්වභාවය එහෙම්ම වහල දැම්ම. දවසක්, දෙකක්
ගිහිල්ල නහර, ඇඟ නිල් වෙලා, සැරව හැදිලා, මැස්සෝ වලහ මේ සරීරය.. මේක තමයි නෑව්වෙ,
මේකට තමයි කැව්වෙ, පෙව්වෙ, මේකට තමයි අර සුට් එක මේ සුට් එක අන්දෙව්වෙ, මේක තමයි
නලවගෙන ගියේ, මේක තමයි පොටෝ ගත්තේ දැන් ඉදිමිලා, නිල්වෙලා. අපිව අමුසොහොනට දාල
තිබ්බනම් අපේ අයවත් ගන්නෑ පොටෝ අපේ. මේ ශරීරයටත් ඕකමයි. හිස් ජීවිත.. කලබලයක්
නැතුව හිමීට හිතනව. මටත් මෙහෙම වෙනවා. දෙයියනේ මෙහෙම සරීරයක් නේද මේ සෙන්, පවුඩර්
දාගෙන ඉන්නෙ කියල හිතනව. දැන් අනිත් අයට කියා කිය යන්නේ නෑ. දාඩිය දැම්මම, මලමුත්‍රා
ගියහම, නොසෝදා හිටියම දැනෙන ගඳ.. කොච්චර ගඳක්ද. හොඳට සිහිකරනව.. ගොඩකින් සිහි කරල
අර වඳුරා ගස් වලින් පැනල පැනල එක ගහක නතර වෙන්ව වගේ ඕකත් එක තැනක නතර වෙනව. එක්කෝ
ඉදිමිච්ච හැටි, නිල් වෙච්ච හැටි, එක්කෝ සැරව ගලන හැටි ප්‍රකට වෙනව. ඒ භාවනා
නිමිත්ත හිතේ පිහිටනව. හිත ඒකෙ රැඳෙනව. භාවනා නිමිත්ත කියන්නෙ මේ වගේ. සමහර අය
කියනව අරයගෙ හිනාව. ඒ කෙනාගේ හිතේ පිහිටලා තියෙන්නේ හිනාව. එයාගේ ඇස් දෙක.. එතකොට
නිමිත්ත තමයි ඇස් දෙක. යම් එක දෙයක් ප්‍රකට වෙන්ව. එක භාවනා නිමිත්ත. සමහර වෙලාවට
පින්වතුනි මේකම සිහිකරකර පැය ගානක් ඉන්න පුළුවන්. ඒ අතර වැඩක් යෙදුනොත්.. මේක කයේ
අවබෝධය පිණිසම වේවා කියල සාමාන්‍ය වැඩකටයුතු වලට යනව. එක දිගට ප්‍රකට වෙවී ගියා
කියල.. අද කඩෙන් කන්න කියනව කියල මේකම කරනව.. ඉදිමෙනව, නිල්වෙනව කියල එහෙම නෑ. භාවනාව
ටිකක් කරල නැගිටලා සාමාන්‍ය කටයුතු කරල ආයේ මුල ඉඳල භාවනා කරනව. කරන්න කරන්න භාවනා
නිමිත්ත හිතේ පිහිටනව. ඔය විදිහට තමන්ගේ කය ගැනත් හොඳට විමසා විමසා ඉන්නව. මේක
ජීවිත අවබෝධයට යන එකක්. මේකෙ හිත පිහිටුවනකොට කොච්චර ෆෝන් ළඟ තිබ්බත් ඔබන්න
හිතෙන්නෙ නෑ. විකාර ලෝකවලට යන්නේ නෑ. මොකද්දෝ සංසිඳීමක්. සිත ප්‍රමුදිතයි. හිත
භාවනාවට කැමතියි. ඔන්න ඊට පස්සේ භාහිර කයවලුත් මෙහෙමමයි කියල සිහිය පිහිටුවනකොට
ඕනම කයක් මෙහෙම විමසන්න පුළුවන්. හොඳට මතක තියා ගන්න අනිත් අයගෙ කයවල් ගැන විමසන්න
කලින් තමන්ගේ කයයි විමසන්නෙ. අනුන්ගේ දෙයක් විදිහට ගත්තේ භාවනාවට අරමුණක් ඕනෑ
නිසයි. ඒත් මැරිච්ච එකෙක්. එහෙම නැත්තං මෙතන නෝනලා, අපේ මහත්තය මැරිලා ගියාට පස්සේ
ඉදිමිලා, නිල්වෙලා.. කියල හිතුවට හරියන්නෙ නෑ. මැරිච්ච මළසිරුරක් අරමුණු කරගෙනයි
කරන්නෙ. පින්වතුනි මේව හුරුවෙන්න දැන්. ඔය වාහන ඇක්සිඩන්ට් වෙලා චප්ප වෙච්ච දේවල්
කාගේ හරි ෆෝන් එකක තියෙනව නම් එයාගෙ යම් විමසිල්ලක් ඇති. හැබැයි ඒත් මුණ
පුළුටුකරගෙන නෙවෙයි, මේකයි ස්වභාවය කියල. මේ ලෝකෙන් ගඳම මිනිය තමයි මනුස්ස සරීරය.
පණපිටින් පණුවෝ ගහල ගඳ ගහනව මුළු ගෙදරම.. අහෝ මේ සරීරය. මේ සරීරයට ඇලුණු හිතට
නින්දා වේවා. මෙවැනි සරීරම පතන හිතට නින්දා වේවා. දැන් භාහිර ශරීරත් එහෙම නිසා
භාහිර රූප පතන්නෙත් නෑ. මේක තමයි නුවණ කියන්නෙ. මෙන්න පින් බලය. පින් කරකරා ගත්ත
බඩුවලින්, පින් කරකරා ගත්ත වැලි, සිමෙන්ති වලින් හදන චෛත්‍ය තමයි මේක. දැන් ඔය බඩු
ටික ඔක්කොම තියෙනවනම් මෙන්න මෙහෙමයි චෛත්‍ය බඳින්නෙ. හොඳටම තේරෙනව මේක හේතුඵල
දහමෙන් හටගන්නෙ. ආහාර තියෙන තාක්කල් මේ ශරීර තියෙනව. ආහාර නැතිකොට නැතිවෙලා යනව.
ආහාර ඇතිවීමෙන් ඇතිවන කයත්, ආහාර නැතිවීම්න් නැතිවන කයත් හොඳට විමසා විමසා වාසය
කරනව. දැන් බලන්න සමාධියක් ගැන කිව්වේ නෑ. අනේ මේ මෙච්චර කාලයක් කයක් කියල මේ
අල්ලගෙන් හිටියේ අනිත්‍ය වූ දුක් වූ වෙනස්වන සාරයක් නැති ඇඟක් නෙ මේ තියෙන්නෙ..
හොඳට ඤාණය පිහිටනව. මේ ලෝකේ කිසිවකට බැඳෙන්නනැතුව යනව. මේ මිනියක් නිසා වෙච්ච
දෙයක්. දැන් කෝ සමාධියේ කතාවක්. මේක හොඳට සිහි කරන්න කරන්න දැන් මේ ඉඳගන්න බැරුව
හිටපු අයනෙ මේ. මේ උන්දලා ටික ටික මේක සිහි කරනකොට ප්‍රීතියක් උපදිනවා. ඒ කියන්නේ
භාවනා කරන්න ඉඳගන්න ආසයි නිතර නිතර. ප්‍රමෝදය. එක හරියට මේ වගේ නාට්ටියක් බලලා ආස
හිතුන කෙනා ඊළඟ කොටස එනකන් බලාගෙන ඉන්නවනෙ. ඒවගේ වැඩටික කරල වෙලාවක් එනකං බලං
ඉන්නව... කරනව. නැවත නැවත කරනව. එතකොට ප්‍රීති. ඇයි අර ඇඟේ බර ගතිය ටිකක් අඩු
වෙලා. කකුල් රිදෙන ගතිය, කොන්දෙ කැක්ම අඩුවෙලා, මේ ඇඟත් ටිකක් කෙලින් වෙලා එහෙම්ම සංසිඳිල.
වෙන ඒව සිහිකරන්න සිහිකරන්න සැකයක් උපදිනව. පංච නීවරණවල බර. ගෙවල්වල බර. අරමුණුවල
බර.. සංසිඳිල ප්‍රීතියක් උපදිනව අරක සිහිකර කර ඉද්දින්. ඊට පසේ හිත එක අරමුණකම
තියෙනව... එතකොට විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, එකාග්ගතා සහිත පලවෙනි ධ්‍යානයට හිත
පත්වෙනව. විමසා විමසා ඉද්දින්ම. අර භාවනාවෙදිම හිත පලවෙනි ධ්‍යානයට පත් වෙන්ව.
හැබැයි පලවෙනි ධ්‍යානය කියා කියා ඉඳල භාවනාව අතැරලා සිහිකරන්නෙ නෑ. දැන් තමන්ට ප්‍රීතියක්
දැනෙනවනෙ කය සැහැල්ලු වෙලා, බරගතිය අඩුවෙලා එනවනෙ. සැහැල්ලුව දැනගනිමින් රුපයේ
ස්වභාවයම විමසනව. එයාට තේරෙනව භාවනා අරමුණ සිහිකරන කරන්නම සැපයා උපදිනව කියල. දැන්
මේ බලන්නකෝ මේ සිහි කරන්නෙ අසුභයක්.. කුණු වෙච්ච දෙයක්, සැපයක් උපදිනවනෙ. ඔන්න එක
භාවනාවක් ඕක. දෙවෙනි භාවනාව බුදුරජාණන් වහන්සේ වදාළ තවත් භාවනාවක් කියල දෙන්නම්
පින්වති මහණෙනි, ඒ තමයි සොහොනෙ දාල තියෙන සිරුරක් දකිනව.. මේක වෙන එකක් ඈ. කපුටෝ
කොට කොටා කනව දැන්. ඊළඟට උකුස්සෝ කනව. බඩවල් අදිනව. මේ ඇස්වලට කොට කොටා ගන්නව.
තියුණු තුඩ තියෙන ගිජුලිහිණියෝ ඇද ඇද කනව. ඒක අස්සෙ බල්ලොත් ගිහින් කඩ කඩා කනව. අර
කුණු වෙච්ච සරීරයේ. හිවල්ලු කනව. නොයෙක් සත්තු කනව. අපි දැකල තියෙනව බත් ඇට වගේ
පණුවෝ.. මිනිය වහගන්නව. මේ නහයෙන් එනව ඊළඟ නහයෙන් යනව. ඒ අස්සෙ අර සත්තු පණුවොත්
කනව, මසුත් කනව. නහයෙන් එන පණුවෝ කටින් ඇතුලට යනව. ගුද මාර්ගයෙන් එළියට එනව. මේක
දිහා හොඳට බලං ඉන්නව මේ කෙනා. අපි ඇත්ත බලන්න කැමති නෑ. ගොඩාක් අය කාටුන් වලටනෙ
කැමති. කාටුන් කියන්නේ ඇත්ත ලෝකේ නෙමේ. පුංචි කාලේ ඉඳල ඇත්ත ලෝකෙ පොඩි එවුන්ට
පෙන්නන්නෙ නෑ... නාට්‍ය, චිත්‍රපටිවල තියෙන්නේ ඇත්ත ලෝකේ නෙමෙයි. ඇත්ත නොවන දෙයක්
බල බලා, ඇත්ත නොවන දෙයක් අහ අහා, ඇත්ත නොවන දෙයක හිත පවත්තලා කොහොමද ඇත්ත අවබෝධ
කරගන්නනෙ. කියනව ඉස්සෙල්ලා නහයට ගඳ එහෙම හුරු කරල ඔලුව කරකැවෙනවන්ම් නහය වහගන්න
කියල. අරමුණ ගන්න කියනව හිතට. මං දැක්ක නේරංජනා ගඟ අයිනෙ බල්ලෝ කකුල් ඇදගෙන යනව
මිනී වල. මේ භාවනා අරමුණ ගන්නවා හිතට සක්මන් කරමින් හෝ ඉඳගෙන හෝ සැතපී හෝ
නවසීවතකයේ දෙවෙනි භාවනාව පටන් ගන්නව.. තමන්ගේ ඇඟට ගලපනව. තමාගේ ඇඟටත් මේ ධර්මයයි.
මේ ස්වභාවයමයි. මේක ඉක්මවල නෑ කියල. මේවා ඇද ඇද කනකොට. පොඩ්ඩක් කෙනෙත්තුවත් ඉවසන්න
බෑ.. වැඩිය ඕන නෑ මේ ඇඟ අනිප්පැත්ත හැරෙව්වොත් මොකක් වෙයිද. හම ඇතුළට දාල මස්ටික
පිටට දැම්මොත් මොකක් වෙයිද. පන්න පන්නා කයි සත්තු. මේ ඔක්කොම සෙල්ලං අපේ ජීවිතයේ
ඇත්තට පේන්නෙ නැති තාක්. පින්වතුනි අපි ඔක්කොම අහුවෙන්නෙ හමට. අරය ලස්සනයි. මෙයා
ලස්සනයි.. මං දැක්ක බණ පොතේ තියෙනව හම හමගහල ගුලි කලොත් දෙහි ගෙඩියක් තරම්වත් නෑ
කියනව... කිරි අප්පේ මෙච්චර දේකට නේද මේ සෙල්ලං. අයියෝ අපිට ඇත්ත අවබෝධ වෙන්නෙ
කවද්ද. අපෙ හිත කොච්චර තුච්චයිද. එහෙම තියාගෙන නේද දුප්පත් එකාව පාගන්නෙ. එකාට
එකාට ඔෆිස් වල කැපිල්ල දාන්නෙ. ඔහොම තියාගෙන නේද එකිනෙකා අභිභවා යන්න හදන්නෙ.
මොනවා තිබිලද මේ. මේ ඇඟ කඩ කඩා සත්තු කනව. මට මේක වෙනවනෙ කියල විමසා විමසා බලනව.
කලබලයක් නෑ. හිතින් හොඳට විමසනව. අර භාවනාව වගේමයි.. තමන්ගේ ඇඟ ප්‍රකට වෙන්න වෙන්න
බාහිර ඇඟත් ප්‍රකට කරගන්න පුළුවන්. ඊට පස්සේ හටගැනීම, වැනසීම විමසනව. හොඳට තේරෙනව
නිත්‍ය ශරීරයක් නෙමෙයි. ඒවගේම සුභ, ආත්ම නොවෙන අනිත්‍ය වූ වෙනස් වන හේතුඵල දහමින්
හටගත්ත සත්තුන්ට ආහාරයක් වන ශරීරයක් ඇත කියල හිතනව.. ලෝකෙට බැඳෙන්නෙ නෑ. ඊළඟට
භාගවතුන් වහන්සේ වදාළ තව ශරීර දකින්න පුළුවන් සොහොනෙ, තැන් තැන් වලින් සත්තු කාල
ඇට පෑදිලා මසුත් පේනව.. භාග්‍යවතුන් වහන්සේ වදාළ තව ශරීර පෙන්න පුළුවන් මස් නෑ, ලේ
තැවරිච්ච ඇටසකිල්ලයි නහරයි තියෙනව. ඕකත් විමසන්න. මේ කියන්නෙ මිනියක් දකින්න පුළුවන්
ස්වභාවවල් නවයක්. ඊට පස්සේ තැන් තැන් වල ඇටකටු විසිරිලා තියෙනව. ඊට පස්සෙ දිරල
තියෙනව. අවසානයේ හුණු ටිකක් වගේ වෙනව. ඔය ගම්වල සොහොන් හාරනකොට අහුවෙනවනෙ පස්. ‘ඒ
අමා සුව බොහෝ දුර නොවේ’ පින්වත් ලොකු ස්වාමීන් වහන්සෙගෙ පොත් වහන්සෙගෙ හරි
අගේට විස්තර කරල තියෙනව. දහම් මග විවිර කරල තියෙනව. ඒ ශාස්තෲන් වහන්සෙගෙ ධර්මය
ඔබගෙ බසින් ලියල තියෙනව කියවන්න. සතර සතිපට්ඨාන සූත්‍රය, දීඝ නිකායේ දෙවෙනි පොත්
වහන්සෙගෙ තියෙනව කියවන්න. සිතට සුවදෙන භාවනා පොත් වහන්සෙගෙ තියෙනව කියවන්න. එකක්
හරි පුරුදු කරගන්න ලැබුනොත් අපිට කොච්චර වාසනාවක්ද. දැන් මේකෙ තියෙන ස්වභාවය තමයි
භාවනාව කරගෙන යනකොට ප්‍රීතිය උපදිනව, සැපය උපදිනව. අද අපි රූප වලට ආසාවෙන් යන්න
යන්න දුකමයි උපදින්නෙ. ඇයි අප්ප මං අහුඋනේ කියල හිතනව. බැඳපු උන් ඔක්කොම ඕක
කියන්නෙ. ගඳ ගහන ශරීර වලට අහු උනා අපි. අපේ සරීර වලටත් අහු උනා, අනුන්ගෙ සරීර
වලටත් අහු උනා. මේකෙ යතා ස්වභාවය විමසීම හරිම සන්සිඳීමක්. ඒ නුවණ උපදින්නෙ
භාවනාවත් එක්ක. ඒකයි මුල ඉඳලම සිහි නුවණින් හුරු කරන්නෙ. ඒ නිසා මේ ගෙවල් අතහැරලා,
කන්නෙ නැතුව, බොන්නෙ, නාන්නෙ නැතුව නෑ.. ඒව ඔක්කොම සමයං. මේක අවබෝධය පිණිස කරන
භාවනාවක් මිසක් විකාර ඇතිවෙන්නෙ නෑ මේකෙ. භාග්‍යවතුන් වහන්සෙගෙ ධර්මය පිරිසිදුයි.
ඔන්න ඔය විදිහටත් සත්වයා සිත පිරිසිදු කරගන්නව. ඔයා විදිහටත් සත්වයා සෝක,
පරිදේවයන්ගෙන් මිදෙනව. ඔයා විදිහටත් සත්වයා නිවන සාක්ෂාත් කරනව. අපටද ඒ භාග්‍ය උදා
වේවා ! සාදු සාදු සාදු !!!