Thursday, September 16, 2021

පවින් නොමිදෙන්නා සසර දුකින් ද නොමිදේ

    

කොලොන්නාව තරුණ බෞද්ධ සංගමය

සෑම පුර පසළොස්වක පොහෝ දිනකම නිකුත් කෙරෙන දහම් පත්‍රිකා මාලාව අංක 19                      

 

පවින් නොමිදෙන්නා සසර දුකින් ද නොමිදේ

 

පින්වත්නි,

අද නොවැම්බර් මාසයට යෙදෙන ප්‍රධාන පෝය දවසයි. මෙය චන්ද්‍රමාස ක්‍රමයට අනුව නම් කරනු ලබන්නේ ඉල් පුර පසළොස්වක පෝය යනුවෙනි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පළමු වස බරණැස ඉසිපතනාරාමයෙහි වස් වසමින් වැඩ සිටි සේක්. සට නමක් මහරහතන් වහන්සේලා බිහිකරවා ගැනීමට දක්ෂ වූ හෙයින් ඒ හට නම වහන්සේලා දඹදිව පුරා ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කර හැරි දිනය ලෙස ඉල් පෝය සැලකේ. උරුවෙල ජටිල දමනය සඳහා උරුවෙල ජනපදයට බුදුරජාණන් වහන්සේ වැඩම කිරීම හා අග්‍රශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේගේ පිරිනිවීම නාලන්දාවෙහි තම උපන්ගෙයි තුල දී සිදුවීම ඉල් පෝය හා බැඳේ. තව ද ‘මහාවංශ’ කතාව අනුව අප පුණ්‍ය භූමියට බුද්ධ වර්ෂ 237 පොසොන් පෝදා (අදට වසර 2321ට පෙර) වැඩමවා වදාළ මුහුඳු මහරහතන් වහන්සේ ඒ ළඟම යෙදුනු ඇසළ පුන් පොහෝ දා දෙවනපෑතිස් මහ රජු වස් විසීම සඳහා සාදවා දුන් මිහින්තලා කඳු බිමෙහි වූ කන්ථක චෛත්‍යස්ථානහි හාත්පස අටසැට ලෙණ්හි මහා සංඝයා වහන්සේ සමග වස් තුන්මස ගෙවා ඉල්මස පුර පසලිස්වක පොහෝ දින මහරජු හමු වූ අවස්ථාවේ දී “නරේනද්‍ර ය, අප විසින් බොහෝ කලකින් අපගේ ශාස්තෘ වූ සම්බුද්ධයන් වහන්සේ නුදුටුවෙමු. අනාථයන් වශයෙන් විසුම්හ. අපට මෙහි පූජනීය වස්තුවක් නැත්තේ” යයි වදාළ සේක. “වහන්ස, සර්වඥයන් වහන්සේ සේකැයි මට මට වදාළාහු නෙවෙදැයි රජතෙම ඇසීය. “සර්වඥයන් වහන්සේගේ ධාතුන් දුටු කල්හි සර්වඥයන් වහන්සේ දක්නා ලද්දේ නම් වෙයි යයි මිහිඳු මහරහතන් වහන්සේ වදාළ සේක. එවිට මහරජු පවසන්නේ “මා විසින් සයක් කරවිය යුතු බව ඔබ වහන්සේලාගේ අබිප්‍රාය වන්නේ යයි පවසා මම ථූපයක් කරවන්නෙමි. නුඹ වහන්සේලා ධාතූන් දන වදාරන සේක්වයි පවසා දකුණු අකි ධාතුව (උගුර පහළ සුට උරහිස දක්වා දෙපසට පිහිටා ඇති සිහින් අස්ථි කොටස) තැන්පත් කොට අනුරාධපුර ථුපාරාමය ඉදිකිරීම් ආරම්භව ඇත්තේ ද මෙවන් පෝ දිනකය. (මහා වංශය 16-17 පරිච්චේද)

මේ අයුරින් තුන් ලෝ තලයෙහිම සසර තරණය සඳහා මහත් කුසල් කල හැකි කුසල් භූමිය වූ ශ්‍රී ලංකාවෙහි උපත ලද අපි වාසනාවන්තයෝ නොවෙමුද? නැතහොත් නොවෙමුදැයි විනිශ්චය ඇත්තේ තම තමා තුලමය. කුසල් රැස් කරන්නෝම ත්‍රයිභූමිය ජයගෙන සියලු දුකින් මිදෙන හෙයින් මෙවන් දහමක් දැන පවට බිය වී පවට ලජ්ජා වී කුසලහිම අපි හැසිරෙමු.

ධම්මපද ගාථා අංක 17

“ඉධ තප්පති පෙච්ච තප්පති - පාපකාරී උභයතථ තප්පති

පාපං මෙ කතන්ති තප්පති - භියෙයා තප්පති දුග්ගතිං ගතො”

 

“පව් කරන්නා මෙලොවත් තැවෙයි. පරලොවත් තැවෙයි. දෙලොවෙහිම තැවෙයි. කළ පව් සිහිව මරණයේදී තවත් තැවේ. එහි විපාක වශයෙන් දුගතියෙහි ඉපද ගොර දුක් කුරිරු සේ විඳවමින් බොහෝ සේ තැවේ”

මෙලොව තැවීම් ලබා දෙන පව්කම් කවරේද? සතුන් මැරීම්, සොරකම් කිරීම්, පර අඹුවන් - පර පුරුෂයන් සෙවුම්, බොරු කීම්, සුරාපානය කිරීම්, කේලම් කීම්, පරුෂ වචන කීම්, හිස්වචන කීම්, ලෝභකම් කිරීම්, ක්‍රෝධ කිරීම් හා මිත්‍යා දෘෂ්ඨි ආදිය ඒ අකුසලයෝය. ආශාවට හා ලාභයට ගිජුව කෙරෙන මේ පව්කම් කරන කල ඉතාම මිහිරිය. විඳින කළ බොහෝ අමිහිරි වේ. එහෙයින් මේ බොහෝ සේ තැවීම “ භියෙයා තප්පති” නම් වේ. පව්කම් කළ අයහට බෙහෙවින් තැවීම් ලබා දෙන්නේ නරක - තිරිසන් - ප්‍රේත - අස්ය්ර යන සිව් අපායන්හිය.

මෙහිලා නරකය නම් සංජීව - කාලසුත්‍ර - සංඝාත - රෞරව - මහාරෞරව - තාප - පතාප - අවීචි වශයෙන් හඳුන්වන අටයි. මේ එක් එක් නරකයට දොරටු සතරෙකි. මේ එක් එක් දොරටුවක උස්සද නරක සතර බැගින් එක් මහා නරකයකට උස්සද නරක දහසකි. මෙසේ ඇට මහා නරක හා ගත් කළ නරකාදී සියල්ල (16x8= 136) එකසීය සතිසෙකි. මේවායෙහිදී යමපල්ලන් කෑලි කෑලි කොට කපන ලද්දේ නමුදු විපාක කර්මය ගෙවන තුරු නොමැරී නැවත නැවත ඉපදීම මේ සියල්ලෙහි ඇති එක් දුගති ලක්ෂණයකි. ත්රිසන් අපාය - මෝහයෙන් මුලාව අකුශල කාර්ම කළෝ බොහෝ සෙයින් තිරිසන් ලෝකයෙහි උපදිති. මොවුන්ගේ ප්‍රභේද ඇති විශාලය. මිනිසෙකු ඇසුරු කොට උපදින පණු කුලම පමණක් අසූ දහසකැයි කියති. කාම සංඥා - ගෝචර සංඥා - මරණ සංඥා යන සංඥා තුනෙන් නිතර දැවෙන මොවුන්ට ධර්ම සංඥා පහළ නොවන හෙයින් තිරිසන් භවයෙන් කවදා හෝ මිදෙන්නේ විපාක කර්ම ගෙවී ගිය දවසටය. ප්‍රේත ලෝකය - මුළුමනින්ම සපයා පහව ගියෝ ප්‍රේතයෝය. බහුවිධ දුක් ඇති ප්‍රේත ලෝක සතෙකි. නිජ්ජාමතණ්භික, ඛුප්පපාසික, පංසුපිසාචක, පරදත්තූපැජීවක (අනුන් දෙන දෙයින් ජීවත් වන), කාලකඤජක, අටඨීසංඛලික (ඇටසැකිලි පමණක් ඇති), හා මංසපිණ්ඩික (කුණු වූ මස් ගොඩක් වැනි සිරුරක් ඇති) යනුවෙන් ඒ සතර නම් කෙරේ. දන් නුදුන්, අනුනට ඊර්ෂ්‍යා කළ, මව්පියන්ට නොසලකන, අනුනට පරිභව කරන, අකුසල් කරන්නෝ ප්‍රේත ලෝක වල උපදිති. හැම ප්‍රේතයෝම සා පිපාස දෙකින් පෙළෙති. අසුචි, සර්ව බොති. මෙසේ ප්‍රේතයන් විඳින දුක පමණ කොට දැක්විය නොහැක. ඇසුර අපාය - අපාය ගණයෙහි ලෑ ගැනෙන ඇසුර නිකාය ප්‍රේත ලෝකවිෂහිම වූ කාලකඤජ යයි ගැනේ. වේපචිත්ති වැනි ඇසුරයො මෙහි නො ගැනෙන බව අටුවා විස්තරයෙහි දක්වා කරයි.

මේ සතර අපායන්හි ප්‍රතිසන්ධී ලබන්නේ අකුශල කර්මයන්ගේ ශක්තියෙනි. උපේක්ඛා සන්තීරණ අකුසාල් චිත්තයෙන් ප්‍රතිසන්ධිය වන්නේය. එහෙයින් මොවුහු එකත්තසංඤ (ප්‍රතිසන්ධි සිතින් සමවූ) නානත්තකායි (සිරුරින් වෙනස් වූ) ඇත්තෝය.

මේ සියලු විස්තර ධර්මයෙහි සඳහන් වන මෙහි සඳහන්ව ඇත්තේ අංශුමාත්‍රයකි. පවට බය වී පවට ලජ්ජා වී පවෙන් වැළකී පිනෙහි හැසිරෙමින් කුසල් වඩමින් අපි හැම වහ වහා සසරින් මිදෙන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නෝ වෙමු. අප තිලෝගුරු සම්මා සම්බුදුන් වහන්සේ සමගම එක වෙහෙර ඉඳ - ආසන්නම ඤාතිව - පැඅවිදිව - ධ්‍යානලාභීව හා සෘධිබල ලැබ සිටි දේවදත්ත හිමි නරකයෙහි බලවත්ම දුක් ඇති අවීචි මහ නිරයෙහි උපන් අයුරු දැන් කියවා ලබමු.

 දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලකුණින් යුත් තම ඤාති ශ්‍රේෂ්ඨයාගෙ බුද්ධත්වයට ගෞරව කිරීම වස් ශාක්‍යවංශික හැම ගෘහයකින් කෙනෙකු පැවිදි විය යුතු යයි ඇති කරගත් ප්‍රතිඥාව මත භද්දිය, අනුරුද්ධ, ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත පැවිදි විය. මෙසේ පැවිදි වුවන් අතුරින් භද්දිය, අනුරුද්ධ, භගු, කිම්බිල මහරහත් භාවයටද, ආනන්ද හිමියන් සෝවාන් බවටද, දේවදත්ත ස්ථවීරයන් වහන්සේ ලෞකික සෘදි ද ලැබූහ. මෙසේ කල් ගත වෙද්දී බුදුරජාණන් වහන්සේ හා ශ්‍රාවක සඟ රත්නය කෙරෙහි පැහැදුණු රට වැසියෝ මහත් ලාබ පුදකරාලුහ. රෑ දහවල සැදැහැති දායකයෝ බුදුරජුන් කොහිද? සැරියුත්, මුගලන් තෙරහු කොහිද? භද්දිය, ආනන්ද, අනුරුද්ධ, භගු, කිම්බිල තෙරහු කොහිද? ආදී නම් කියමින් පූජා ද්‍රව්‍ය ගෙන විමසන මුත් දේවදත්තයන් ගැන අසනු කිසිවකු නැත්තේ. මටත් ලාබ ලැබිය හැකි කෙනෙකු සොයමි සිතා දේවදත්ත හිමි අජාසත් කුමරු රවටා ගත්තේ සෘධි මවා පා බිය කොටය. මේ අතර දේවදත්ත හිමිට සඟයා පාලනය කිරීමට පාපකාරී සිතක් ඇතිවී සෘධියෙන් පිරිහිණි. සිතූ පරිදි බුදුරජාන වහන්සේගෙන් ඉල්ලීමක් කළේය. එය ගැරහූ බුදුරජාණන් වහන්සේ සාසනයෙන් නෙරපනු ලැබූ විනය කර්මය පැනවීමෙන් පසු වෛර බැඳ පලිගැනීමට දේවදත්තයන් තීරණය කොට “මම ශ්‍රමණ ගෞතමයන් මරමි” යන අදහසින් කලා දෑ බෞද්ධ අපතර ප්‍රකටය. එසේම අජාසත් රජු පොළොඹවා “තම පියා වූ සෝවාන්ව සිටි බිම්බිසාර රජු පුතු අතින් මරවා” එතුමා පීතෘ ඝාතකයකු කළහ. අනතුරුව දේවදත්තයන් සිවුරෙහිම රැඳෙමින් වෙන්ව පෝය කර්ම කොට සඟ භේදය කොට සඟ පිරිසක් ද ගෙන ගයා ශීර්ෂයට ගියහ. පසුව බුද්ධ නියමයෙන් ඒ පිරිස දෑගසවුවන් වහන්සේලා විසින් ධර්මාවබෝධය ලබාදී නැවත ගෙන ආවේ අහසින්මය. මෙය දෙව්දත් අතවැසි කෝකාලිකයන් දේවදත්ත හට දැන් වූ විට ඇතිවූ කම්පනයෙන් ලේ වමනය රෝගයෙන් නව මසක් පමණ පෙලී ඔහු බලවත් සේ ගිලන්ව කෙලවර බුදුරජාණන් වහන්සේ දැක සමාව ගැනීමට කැමැත්ත පළකළේය. කිසිඳු වරදක් නොකළ බුදුරජාණන් වහන්සේ ඔබ කලා සාහසිකකම නිසා අපට ඔබ එහි ගෙන යාමට බැරි යැයි අතවැස්සෝ කී විට, මං එසේ කලත් බුදුරජු ඉදිරියට රැගෙන යව් යයි කලා ඉල්ලීම අනුව ඇඳක තබා කරට ගෙණ - දෙව්රම් වෙහෙරට යන්නේ ඒ ආසන්නයේ පිහිටි පොකුණ ළඟ තබා ගෙන ආ අය නාන්නට ගිය විට දෙව්දත් ද ඇඳෙන් බස දෙපා බිම තබත්ම පොළොව විවරව බෙලෙන් උඩ හනු ඇටය දක්වා ගිලී යන්නේ අග්‍රපුද්ගල බුදුරජාණන් වහන්සේ සරණ ගියේය. මේ සරණාගමනය දුටු නිසා බුදුරජාණන් වහන්සේ දෙව්දතුන් පැවිදි කළ සේක. එසේ කලේ බුදු සිරුරින් ලේ සෙලවීම හා සංඝභේදයන් කරගෙන බලවත් අකුසල් සමගින් මොහු මියගියේ නම් කල්ප දස දහස් ගණනකින් වත් මොහුට අවීචිමහ නිරයෙන් ගැලවීමක් නොවන බව දැනගෙනය. පොළොවේ ගිලුණු දෙව්දත් හිමියෝ අවිචි මහ නිරයේ ඉපද අද ද එහි ඇති මහත් දුක් විඳි./ දේවදත්තයන් මෙසේ දෙවන වරට බුදුරජාණන් වහන්සේ විසින් පැවිදි කලා හෙයින් සිය දහස් කල්පයකින් මතුයෙහි අට්ඨීස්සර නම් පසේ බුදු වන්නේය.

දෙව්දතුන් මළ කල්හි රට වැස්සෝ තුටු පහටුව සැණකෙළි පවත්වමින් සතුටු වූ අතර භික්ෂුන් වහන්සේලා ඔහු අවීචි මහ නිරයෙහි උපන් බව අසා මෙලොවද නොයෙක් කම්කටොලු විඳ තැවෙමින් සිට පරලිව ගියෙත් සියදහස් කප් අවිචියෙහි පැසෙන බවත් බුදුරජාණන් වහන්සේ ගෙන්  අසා දන කම්පා වුවෝය. “මහණෙනි පැවිද්දෙක් හෝ වේවා ගිහියෙක් හෝ වේවා පව්කම් කලේ නම් දෙලොවම තැවෙන්නේ” යයි ඉහත ගාථාවෙන් ධර්ම දේශනා කල සේක. ධර්මය ඇසු බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණියෝය.

“ඉඳ ඉඳ එක වෙහෙර - විඳ විඳ දහම් මනහර

සිඳ බිඳ දුක් සසර - අහෝ දෙව්දත් නොදිටි මොක්පුර”

 

සැමට තෙරුවන් සරණයි !

 

මේ දහම් පත්‍රියාව සම්පාදනය කලේ - කේ. කේ සුගතපාල

(ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදන මණ්ඩලයේ ලේකම්)

0 comments:

Post a Comment