භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Sunday, January 15, 2023

චාටු බසින් වුවද අවශ්‍ය ප්‍රතිඵල ලද හැකිය

 

අප ගැන කරන ප්‍රශංසා ඇසීමට අප හැම දෙනා ම කැමති වුවත් බොහෝ විට අසන්නට ලැබෙන්නේ අපේ වැරදි ය. එය සාධාරණ බව සිතේ. අප හැම විට ම වාගේ කතා කරන්නේ අනුන්ගේ වැරදි ගැන ය. අප අනුන් ගැන ප්‍රශංසා කරන්නේ ම නැත. ඔබ කතා කරන විට ඊට සවන් දීමට උත්සහ කරන්න.

ප්‍රශංසාවෙන් තොර වූ විට, යහපත් ගුණාංග ප්‍රතිෂක්තිමත් නො කළ විට ඒ ගුණාංග මැල වී යයි. එහෙත් සුළු ප්‍රශංසාවකින් ඒ ගුණාංගවලට රුකුලක් ලැබේ. ප්‍රශංසා ඇසීමට අප කවුරුත් ප්‍රිය කරන අතර ඒ සඳහා අප කළ යුතු දේ නිශ්චිතව දැන ගත යුතු ය.

ආහාර අනුභවය පිළිබඳ ඉතා විරල රෝගාබාධයකින් පෙළුණු කුඩා දරුවන් සඳහා ධනාත්මක උපක්‍රමයක් අනුගමනය කළ වෛද්‍ය පිරිසක් පිළිබඳ විස්තරයක් සඟරාවක පළ වී තිබිණි. මේ දරුවන් ඝන ආහාර අනුභව කළ හැම විට ම එසැණින් ඔවුහු ඒවා වමනය කළහ. කිසි යම් දරුවකු ආහාර ස්වල්පයක් මිනිත්තු දෙකක් වත් කුස තුල රඳවා ගෙන සිටීමට සමත් වුණොත් කවුරුත් ඒ ගැන සතුට පළ කළහ. දෙමාපියන් අත්පොළසන් දෙමින් ප්‍රීති ඝෝෂා කළ අතර කිසිවෙක් ඒ දරුවන්ගේ ප්‍රියතම ගීතය පියානෝවේ වාදනය කළේය. එය එක වර ප්‍රීති උත්සවයක් බවට පත් විය.

ආහාර වැඩි වෙලාවක් කුස තුළ රඳවා ගැනීමට ආරම්භ කිරීමත් සමග දෙමාපියන් තමන් ගැන ප්‍රීති වනු දැකීමෙන් දරුවන්ගේ ස්නායු පද්ධතිය වඩා ශක්තිමත් විය. ඒ දරුවන්ට මෙන් අපට ද ප්‍රශංසාව අවශ්‍ය ය.