භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Thursday, January 27, 2022

පටිසෝතගාමි චින්තනය - 2

 


ගුරුවරුන්, දෙමාපියන් හා වැඩිහිටියන් උත්සාහ කළේ අලුත් මාර්ගයක්, මාවතක් පෙන්වා දීමටයි. නමුත් ඔවුන්ගේ චින්තනයෙන් ඒ දේ කරන්න බැරිඋනා. මක්නිසාද ඔවුන්ගේ චින්තනය, සිතන රටාව සාම්ප්‍රදායික වීම නිසයි. දරුවා ළදරු වියේ සිටම හොඳින් හදන්නට ඕනෑ, අපට නැති සැපවත් ජිවිතයක් ඔවුනට දෙන්නට ඕනෑ යනුවෙන් සිතූ මුත් ඔවුන්ට නොහැකි වූයේ මන්ද?. සිතන රටාව තුළ සැප හෝ දුක හිමිවන බව ඔවුන් නොදැන සිටීමයි. සිතන ක්‍රමය වෙනස් කිරීම තුලින් අලුත් ජීවිතයක් ලබනා බව තේරුම් කරගැනීමට උත්සහ නොගැනීමයි. සියලු දෙනාම එකම මාර්ගයක ගමන් කර ඊට හාත්පසින්ම වෙනස් වූ ප්‍රතිඵල බලාපොරොත්තුවේ. වෙනස් නොවේවා යයි පතා වෙනස්වන දේවල් ලඟා කර ගනී. ඒ හමුවේ දුක, කනගාටුව සහ පසුතැවීම උරුමකර ගනීයි.

ගෙයක් සෑදීමෙන්, උපාධියක් හෝ වාහනයක් ගැනීමෙන්, විවාහයකින් තමා හට නැති සැනසීමක්, සැපවත් ජීවිතයක් ලඟා කරගත හැකි බව සිතයි. අලුත් අවුරුදු සාමය තුළ අලුත් වීමට බොහෝ කටයුතු සිදු කරා. ලිප අලුත් කළා, අලුත් ඇඳුම් මිලට ගත්ත, ගෙයි තීන්ත ගෑව... නමුත් ජීවිතය අලුත් වුනාද? නැහැ. ගෙවී ගියේ පරණ ආකාරයටමයි. මක්නිසාද පරණ කෙනා තවමත් ඇතුළේ සිටීමයි. අවුරුද්දට පන්සලට ගියහම පිරිත් නූල් ඉවර වෙලා තිබුනොත්... දානෙ හැමදාම දෙන අපිට පිරිත් නූල් නෑ. හිසතෙල් හරි විදිහට ගෑවිලා නෑ. අරය මට කතා කළේ නැහැ අනිත් අයට කතා කරල, මට වඩා හොඳ ඇඳුම් තෑගී අනිත් අයට හම්බවෙලා... අවුරුද්ද, ඇඳුම් අලුත් වූනාට හිතනපතන විදිහ පරන විදිහමයි. හිතන් ඉන්නවා කතා කරන්න ඕන කියල. ඉතින් විඳවනවා. අව්ව - වැස්ස, කාලගුණය නිසාත් විඳවනවා. කාටද පාඩුව, කාගේ සතුටද නැති වූනේ. මේ විදිහට විඳවනවා. මේ ආකාරයට විඳවා මොකටද? අවසානයේදී පුරුදු උඩු දුවා ගහක කොලයක් බිම වැටුනත් කේන්ති අරගෙන විඳවනව. හැම දෙයක්ම විඳවීමක් බවට පත්කරගෙන අසහනකාරී, දුක් සහිත ජිවිතයක් සකස් කරගෙන. මෙය වෙන කිසිවෙකුගේ හෝ දෙවියෙකුගේ සිදු කිරීමක් නොව තමා විසින්ම උදාකරගත් දෙයයි.

කකුලේ ඇනුණු කුඩා කටු කෑල්ල කුඩා යැයි කියා අමතක කරදමා සිටියහොත් කාලයක් යද්දී පැසවීම උඩුදුවා කකුලම විනාසකර කපා අයින් කරන්නට වුවද සිදුවේ. නැතිනම් ඒ ගණන් නොගැනීම තුළ තම ජීවිතය වුවද නැතිකර දැමීමට හැකියාව තියෙනවා. කටුව කුඩා වුනාට සිදුකරහැකි විනාශය සුළුපටු නොවේ. කුඩා කුඩා ගැටීම් කාලයත් සමග විශාලවී අවසානයේදී සෑම මොහොතකටම බලපෑම් කිරීමට හැකි තත්වයකට පත් වෙනවා. එයින් විඳවීම වැඩිවූවා මිස කිසිඳු සතුටක්, සහනයක් නිසැකවම හිමි නොවේ.

 

ස්වාමීන් වහන්සේ නමකගේ දේශනයක් ඇසුරින් මෙම ලිපිය සකස් කොට ඇත.