බ්‍රහ්මචාරී භික්ෂුවක වශයෙන්, ‘පෞද්ගලික
සම්බඳතා’ පිළිබඳව මගේ දැනුම ඉතා අල්ප වුවත්, ශ්‍රාවකයින්
ඉදිරිපත් කළ ගටපු, පහසුවෙන් හඳුනාගත හැකි විය. ඉක්මනින් ම, සියලු ම දුරකථන ඇමතුම් මා වෙත යොමු කරන ලද අතර, ඒ වැඩ සටහන සඳහා වූ චෙක් පත ලැබුණේ ලිංගික විද්‍යාඥයාටය. මුදල් භාර ගැනීමට අවසර නැති භික්ෂුවක වශයෙන් මට
ලැබුණේ, චොකලට් පෙත්තක් පමණි.
තවත් අවස්ථාවක, පිරිමියකු
විසින් පහත සඳහන් ප්‍රශ්නය මා වෙත යොමු කරන ලදී.
“මා විවාහක කෙනෙක්, තවත්
කාන්තාවක් සමග මගේ සම්බන්ධයක් තියෙනවා. මගේ බිරිඳ ඒ බව දන්නේ නෑ. එහි වරදක් නැහැ
නේද?”
“එහි වරදක් නැත්නම්, ඔබ ඒ ගැන
මගෙන් අහන්නෙ නැහැ නේද?”
බොහෝ අය එබඳු ප්‍රශ්න අසන්නේ, තමන් වැරදි
බව දැන දැන ය. එහෙත් කිසියම් ‘විශේෂඥයකු’ ඔවුන් නිවැරදි
බව කියති ඔවුහූ අපේක්ෂා කරති. හරි දේ කුමක් ද? වැරදි දේ කුමක් ද? යන වග බොහෝ අයගේ
ඇතුල් සිත දනී.