භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Sunday, January 23, 2022

සදිසා නමස්කාරය.



 දිනක් මහා කාරුණාවෙන් ලොව බලන බුදුරජාණන් වහන්සේ හට පින්වත් තරුණයෙක් කිසිඳු අර්ථයක් නොමැතිව දිසා හයට වන්දනා කරනවා දුටු සේක. මේ තරුණයාට යහපතක් කරලීම සඳහා ඔහු ඒ සිටි ස්ථානයට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ, ඔබ ඔය කරන දේ කුමක් දැයි අසා සිටි සේක. ඉතින් මේ තරුණයා මෙය තම පවුලෙන් එන වන්දනා ක්‍රමයක් බවත්, දෙමාපියන් සිටිනා කළ ඔවුන් ගැන අගයක් නොමැතිව, දැන් ඔවුන් පරලොව ගිය බැවින් ඒ කියා දී තිබූ වන්දනා ක්‍රමය ඔවුන් සිහිවී සිදුකරන බව පවසා සිටියහ.

එවිට බුදුරජාණන් වහන්සේ මේ සිඟාල නම් තරුණ ගෘහපතියාට යහපත් ජීවිතය හා ජීවිකාව, සමාජ සම්බන්ධතා... ආදිය ගැන යම් පැහැදිලි කිරීමක් කළ සේක. ඉන්පසු අර්ථයක් නොමැතිව යෙදුනු වන්දනා ක්‍රමය වෙනුවට අර්ථ සහිත පුද්ගල බද්ධ සදිසා නමස්කාරයක් ඔහුට හඳුන්වා දුන් සේක. එසේ හඳුන්වා දෙමින් ඒ ඒ දිසාවන්ට වෙන්කළ පුද්ගලයන් තමා ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් ද මේ සිඟාල ගෘහපතියාට පෙන්වා දෙමින් සමාජයේ එකිනෙකා මේ සමාජ සම්බන්ධතා මනාසේ පවත්වා ගත යුතු අන්දමත් වදාළ සේක. (මෙහි දිසා හය සහ ඒවාට අයත් පුද්ගලයින් පමණක් දැක්වේ).

නැගෙනහිර දිසාව       -       මව්පියන්

දකුණු දිසාව               -       ගුරුවරයන්

බටහිර දිසාව              -       සැමියා, භාර්යාව හා දරුවන්

උතුරු දිසාව               -       මිත්‍රයින්

යට දිසාව                  -       යටත් සේවකයින්

උඩු දිසාව                  -       පූජ්‍ය පක්ෂය