නිහඬව සිටීමේ වැදගත්කම ළමා
වියේ දී ම ඉගෙන ගත් විට, පසු කලක ඇති වන බොහෝ කරදර වළක්වා ගැනීමට හැකි වනු ඇත. අපේ
බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණෙන ළමයින්ට, පහත දැක්වෙන කතාන්දරය පවසමි.
එකමත් එක කාලයක, කඳුකර ප්‍රදේශ
විලක විලක, වාචාල ඉඳිබුවෙකු වාසය කළේ ය. විල අද්දර පිහිටි උගේ නිවස අසලට සතුන් හැම
විටක ම නැවතීමක් නැතිව, දිගින් දිගටම උන් සමග කතා කිරීම පුරුද්දක් විය. ඒ සතුන්ට
ඉමහත් හිරිහැරයක් වූ අතර සමහර සත්තු අමනාප වූහ, හුස්ම නො ගෙන එතරම් වේලාවක් ඌට කථා කළ හැකි
වූයේ, ඌ ආශ්වාස කළේ කන් වලින් නිසා යයි සතුන් සිතූහ. ඇරත්, ඌ අන් අය පවසන දේට සවන් දීමට, තමන්ගෙ කන්
භාවිත කළේ නැත. වාචාල ඉඳිබුවාගේ කරදරයෙන් බේරීම සඳහා, හාවෝ සිය බෙන තුළට රිංග
ගත්හ. කුරුල්ලෝ ගස් මුදුන්වලට පියඹා ගියහ. මාළුවෝ දිය යට ගල්පර අතර සැඟවුනහ. ඌ කථා
කිරීමට පටන් ගත්තොත්, පැය ගණනක් සවන් දීමට සිදු වන බව සත්තු
දැන සිටියහ. මේ නිසා, වචාල ඉඳිබුවාට සිදු වූයේ, පාළු ජීවිතයක් ගත කිරීමට ය. හැම වර්ෂයක ම ගිම්හාන සමයේ දී, සුදු හංස යුවළක් නිවාඩුව ගත කිරීම සඳහා ඒ විලට පැමිණියහ. කාරුණික වූ
ඔවුහූ, කැමති තරම් වෙලාවක් තමන් සමග කථා කිරීමට ඉඳිබුවාට
ඉඩ දුන්හ. ඉඳිබුවා ද උන්ගේ ඇසුර ප්‍රිය කළේ ය.
ගිම්හාන සමය අවසන් වෙමින්, කාලගුණය
සීතල වීමට පටන් ගත් විට, ආපසු සිය නිවෙස් බලා යාමට හංස
යුවළ සූදානම් වූහ. ඒ දුටු ඉඳිබුවා හඬන්නට පටන් ගත්තේ ය. සීතල පමණක් නොව, මිතුරන්ගෙන් වියෝවීම ද ඌට වේදනාවක් විය.
“මට පුළුවන් ද, ඔබ සමග
යන්න...?” සමහර විට, කඳු බෑවුම ද, මගේ විල ද හිමෙන් වැසී යනවා. සීතල දරා ගන්න
බැහැ. ඒ වගේම, මට හරි පාළුයි. ඉඳිබුවන්ට පියාඹන්න බැරි
නිසා, සුළු දුරක් යන්නත් විශාල කාලයක් ගත වෙනවා.
කාරුණික හංසයින් තුළ ඉඳිබුවා
කෙරෙහි අනුකම්පාවක් ඇති විය.
“හොඳයි ආදරණීය ඉඳිබුවවෝ, අඬන්න
එපා. අපට පුළුවන් ඔබ අරගෙන යන්න. හැබැයි, එක පොරොන්දුවක් වෙන්න කැමති නම් විතරයි, අපට උදව්
කරන්න පුළුවන්.”
“ඔව්. මම පොරොන්දු වෙනවා”
ඉඳිබුවා පැවසුවේ පොරොන්දුව කුමක්දැයි නො දැන ය. “ඉඳිබුවන් හැම විට ම පොරොන්දු
රකිනවා නේ. දවස් කීපයකට පෙර, ඉබිකටු වර්ග ගැන හාවාට විස්තර කළා. ඒ වෙලාවෙ
මම පොරොන්දු වුණා, නිශ්ශබ්දව ඉන්න උත්සහ කරන්නම් කියලා. ඉතින්...”
පයකට පසු ඉඳිබුවා කථා කිරීම
නතර කළ විට, හංස යුවළ මෙසේ පැවසූහ.
“ඉඳිබුවෝ, කට පියාගෙන
ඉන්න, ඔබ අපට පොරොන්දු විය යුතුයි.”
“සුළු දෙයක්, ඇත්ත වශයෙන් අපට
කට පියාගෙන ඉන්න පුළුවන් බව කවුරුත් දන්නවා. ඊයේ හවස මාළුවට ඒ බව විස්තර කළා...”
තවත් පැයකට පසු, ඉඳිබුවා කථා
කිරීම නතර කළ විට, දිග කෝටුවක මැද තදින් සපා ගෙන, කට පියා ගෙන සිටිය යුතු බව හංස යුවල පැවසූහ.
හංසයා කෝටුවේ එක් කෙළවරක්
හොටෙන් අල්ලා ගත් විට, හංස ධේනුව අනෙක් කෙළවර අල්ලා ගත්තා ය. උන්
දෙන්නා අත්තටු ගසා පියාසර කිරීමට තැත් කළත්, එය අසාර්ථක
විය. වාචාල ඉඳිබුවාගේ බාර අධික විය. වාචාල අය ආහාර විශාල ප්‍රමාණයක් අනුභව කරන
බැවින්, ඉතා තරබාරු ය. සිය කටුව තුළට රිංගා යාමට නො හැකි
තරමට ඉඳිබුවා තරබාරු විය.
හංස යුවල, වඩා සැහැල්ලු
කොටුවක් තෝරා ගත්හ. ඉඳිබුවා එහි මැද සපා ගත් විට, හංස යුවළ එහි දෙකෙළවර හොටෙන් අල්ලා ගෙන ඉහළට
පියාසර කළහ.
ලෝක ඉතිහාසයේ, ඉඳිබුවකු
අහසේ පියාසර කළ ප්‍රථම අවස්ථාව එය විය.
වාචාල ඉඳිබුවා වාසය කළ විල, ක්‍රමයෙන්
කුඩා වන බව පෙනිණි. අතිවිශාල කඳු, අහසට දිස්වූයේ සිඟිති පස් ගොඩවල් මෙනි. එබඳු
විස්මිත දර්ශන අන් කිසි ම ඉඳිබුවකු දැක නො තිබුණු අතර, ආපසු ඔවුන් හමු වූ විට
පැවසීම සඳහා, ඌ ඒ සියලු විස්තර මතක තබා ගත්තේ ය.
පාසකලට ඉහළින් පියාසර කරන තුරු
සියල්ල යහතින් සිදු විය. එවිට වේලාව පස්වරු 3.00 පමණ වූ අතර පාසල අරී ළමයි පිටතට
පැමිණෙමින් සිටියහ, උඩ බැලූ කුඩා පිරිමි ළමයෙක් අහසින් යන
ඉඳිබුවා දැක කෑගැසී ය.
“ඒයි අර බලන්න. මෝඩ ඉබ්බෙක්
පියාඹනව.”
ඉඳිබුවාට කෝපය දරාගත නිකි විය.
“කාටද මෝඩ...”
කට විවර කළ විගස ඉඳිබුවා බිම ඇද වැටී සුණු විසුණු විය. වාචාල ඉඳිබුවා මියගියේ, ඉතාම වැදගත් අවස්ථාවක, කට පියා ගෙන සිටීමට නොහැකි වි නිසා ය. නිසි වෙලාවට කට පියා ගෙන සිටීමට ඉගෙන නොගත්තොත්, ඉතාම වැදගත් අවස්ථාවක නිහඬව සිටීමට ඔබට නොහැකි වන අතර, වචාල ඉඳිබුවා මෙන් ඔබ ද විනාශ වනු ඇත.