Tuesday, May 23, 2023

කඳුළු සැලූ එළදෙන

 බන්ධනාගාරයක භාවනා පන්තියක් සඳහා මම, නියමිත වේලාවට කලින් එහි ගියෙමි. මා ඊට පෙර කිසි විටක දැක නො තිබුණු සිරකරුවෙක්, මා සමග කථා කිරීමට සූදානම් ව සිටියේ ය. ඉතා ඝනට වැවුණු හිස කෙස් සහ යටි රැවුලක් ද, පච්ච කෙටූ අත් ද සහිත ඔහු දැවැන්ත පුද්ගලයෙක් විය. ඔහුගේ මුහුණෙහි වූ තුවාල කැළැල්වලින් ප්‍රකාශ වූයේ ඔහු බිහිසුණු ආරවුල් රැසකට පැටලෙන්නට ඇති බව ය. එතරම් දරුණු පෙනුමක් ඇති කෙනකු,...