මීට ඉහත කතන්දරයෙහි මට අත් හැරීමට සිදු වුණේ දත්
දැක්කුමේ වේදනාව පිළිබද බියයි.
තියුණු වේදනාව විඳිමින් සිටි මගේ මිතුරන් බොහෝ දෙනකු
මේ ක්‍රමය අත්හදා බැලුවත් සාර්ථක නොවීය. ඔවුන්ගේ වේදනාව හා සසඳන විට මගෙ වේදනාව
ඉතා සුළු යයි ඔවුහු මැසිවිලි නැගූහ. එය සත්‍ය නොවේ. වේදනාව පෞද්ගලික වන අතර එය
මැනිය නොහැකි ය. ඔවුන්ගේ අත්හැරීම සාර්ථක නොවීමට හේතුව මගෙ ශිෂ්‍යයින් තිදෙනකු
පිළිබඳ මේ කතන්දරයෙන් ඔවුන්ට පැහැදිලි කළෙමි.
දැඩි වේදනාවෙන් පෙළෙන පළමුවැනි ශිෂ්‍යයා, වේදනාව අත්
හැරීමට තැත් කරයි. කිසිවක් වෙනස් නො වන විට ඔවුහු ‘අත් හරින්න යයි යළිත් පවසති’.
මෙය හාස්‍යජනක වුවත් අප කවුරුත් බොහෝ විට කරන්නේ
එයයි. අප අත් හරින්නේ වැරදි දෙයකි. අප අත් හළ යුත්තේ අප තුළ සිටින පාලකයා ය.
දැඩි වේදනාවෙන් පෙළෙමින් සිටි දෙවැනි ශිෂ්‍යයා, මේ
අවවාදය මතක තබා ගෙන, පාලකයා අත හරියි. මිනිත්තු දහයකට පසුත් වේදනාවේ වෙනසක් නැති
හෙයින්, අත් හැරීම සාර්ථක නැතැයි ඔවුහු චෝදනා කරති. අත් හැරීම, වේදනාවෙන් මිදීමේ
ක්‍රමයක් නොවන බවත් එය වේදනාව සමග සමාදාන වීමේ ක්‍රමයක් බවත් මම ඔවුනට පහදා දෙමි.
“වේදනාව ඔබ මට කුමක් කළත්, මගේ හදවත ඔබට විවෘතයි
ඇතුළට එන්න” යනුවෙන් තෙවැනි ශිෂ්‍යයා පවසයි.
වේදනාවට නිදහස දෙන ඔවුහු, එය පාලනය කිරීමට දරන උත්සාහය අත් හැර දමති. වේදනාව අතුරුදහන් වන්නේ එසේ කළ විට පමණ ය.
0 comments:
Post a Comment