අපේ ආශ්‍රමයේ එක් භික්ෂුවකගේ හැම දතක්ම වාගේ නරක වී
ඇත. ඔහුගේ දත් කීපයක් ම ගලවා දමා ඇතත් ඔහු කිසි විටෙක නිර්වින්දන භාවිතා කිරීමට ඉඩ
දී නැත. එසේ කිරීමට කැමති දන්ත වෛද්‍යවරයෙකු ඔහුට සොයා ගත හැකි විය.
නිර්වින්දන භාවිතයෙන් තොරව දත් ගැලවීම අද්භූත දෙයක්
බව පෙනුණත්, මේ භික්ෂුව ඊටත් වඩා අද්භූත ක්‍රියාවක නිරත විය. ඔහු තමන්ගේ දතක් ගලවා
දැමීය.
ඔහු ලේ තැවරුණු දතක් ආණ්ඩුවකින් අල්ලා ගෙන, ආශ්‍රමයේ
කම්හලෙන් පිටතට එනු අපි දුටුවෙමු. එබඳු අසීරු ක්‍රියාවක් කලේ කෙසේ දැයි මම ඔහුගෙන්
විමසුවෙමි. බිය, වේදනාවෙහි වැදගත් අංගයක් වීමට හේතුව, ඔහුගේ ප්‍රකාශයෙන් සනාථ වේ.
“මගේ ම දත ගලවා දැමීමට මා තීරණය කළ විට වේදනාවක් නො
දැනිණි. මා කම්හලට යන විටත්, අඬුව අතට ගත් විටත්, වේදනාවක් නො දැනිණි. දත
ගලවන විට වේදනාවක් දැනුණත්, ඒ තත්පර කීපයකට පමණි.”
0 comments:
Post a Comment