වැදගත් තීරණයක් ගැනීමට තැත් කරනා විට, මීට ඉහත කතාන්දරයේ සඳහන් ක්‍රමවේදය, ඔබට භාවිත කළ හැකි ය. එහෙත් ඔබ ඒ ක්‍රමවේදය අනුගමනය කිරීම අනිවාර්ය
නොවේ. ඒ කුමක් වුවත්, තීරණය ඔබගේ ය. එය සාර්ථක නො වේ නම්, මට චෝදනා නො කරන්න.
එක් සරසවි ශිෂ්‍යාවක්, අපේ භික්ෂුවක හමුවීමට පැමිණියා ය. ඊට පසු දා වැදගත් විභාගයක් පැවති
බැවින්, පිරිත් සජ්ජායනයක් මගින් තමන්ට ආශීර්වාද කරන ලෙස,
ඇය ඉල්ලීමක් කළා ය. භික්ෂුව, ඇය කෙරෙහි කරුණාවෙන්, ඒ ඉල්ලීම ඉටු කළ අතර ඒ සඳහා මුදල් අය කිරීමක් නො වීය. ඇය මුදල් පරිත්‍යාගයක්
කලේ ද නැත.
ඇය යළිත් කිසි දිනක දකින්නට නො ලැබිණි. අපේ
විහාරස්ථානයේ භික්ෂූන් අදක්ෂ යයි ද, නිසි පරිදි ආශීර්වාද කරන සැටි අප දැන සිටියේ නැතැයි ද යනුවෙන් ඇය අපට
දොස් පැවරූ බව, ඇගේ මිතුරන්ගෙන් දැන ගන්නට ලැබිණි. ඇය
විභාගයෙන් අසමත් වී තිබිණි.
විනෝදකාමී තරුණියක වූ ඇය, විභාගයෙන් අසමත් වූයේ, කිසි ම පාඩමක් නො කළ නිසා බව ඇගේ මිතුරියෝ මා සමග පැවසූහ. සරසවි
ජීවිතයේ ‘එතරම් වැදගත් නො වූ’ අධ්‍යයන කොටස, භික්ෂූන්ගේ ආශීර්වාදයෙන් ඉටු කර ගැනීම ඇගේ බලාපොරොත්තුව වන්නට ඇත.
අපේ ජීවිතයේ යම් වැරදීමක් වූ විට, තවත් කෙනකුට දොස් පැවරීමෙන් සහනයක් ලැබේ යයි පෙනුණත්, එමගින් ගැටලුව නො විසඳේ.
0 comments:
Post a Comment