හැම තිස්සේම හිත සතුටින් තියාගන්න උපක්රමයක් කියන්න පුළුවන්ද? අපිට එහෙම ප්රශ්නයක් යොමු කරලා තිබුනා.
හැමතිස්සේම සතුටින්
ඉන්න කවුද ආස නැත්තේ? මේ කියාදෙන එකම එක ක්රමය
ඔබට ගොඩක් සතුටින් ඉන්න උදව් කරාවි. මේ ක්රමයට විතරක් නෙමෙයි ජීවිතයේ සතුටින්
ඉන්න පුළුවන්. නමුත් මේ කියා දෙන ක්රමය ඔබට ගොඩාක් හිත සතුටින් පුරවාගෙන සන්තෝසෙන්
ජීවිතය ගතකරන උදව් කරයි. ඒ තමයි අනිත් අය දිහා බලල ඔබ ගොඩක් සතුටු වෙන්න. තව
කෙනෙකුගේ ලස්සන දකිනකොට සතුටු වෙන්න. තව කෙනෙකුගේ දක්ෂතා දකිනකොට ඔබ සතුටු වෙන්න.
තව කෙනෙක් යම් පමණකට දියුණුවෙලා සැප සම්පත් සහිත ඉන්නවා වගේ පේනව නම්, එයාගේ
ජීවිතයේ සතුටින් යනවා කියල පේනව නම් ඔබ හදවතින්ම සතුටු වෙන්න. ඔබට වඩා දක්ෂයෙක්
ඉන්න පුළුවන් ඉගෙන ගන්න තැනක, ආයතනයක සමහරවිට ඔබේ පවුල් සංස්ථාවේ ඔබට වඩා දක්ෂයෙක්,
ඔබට වඩා හැකියාවල් තියෙන කෙනෙක් අනිත් අය අතරට ගියාට පස්සේ ඔබට වඩා පිළිගැනීම් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්.
එතකොට ඔබ හදවතින් සතුටු වෙන්න. අනේ මේ අය තමන් ලැබූ සැප සම්පත් කිසිවකින්
පිරිහෙන්න නම් එපා කියන ලස්සන හිත ඔබ ඇති කරගන්න. අන්න ඒ ලස්සන හිත ඔබට ගොඩාක්
සතුට සැනසුම උදාකරනවා. නමුත් මේ සමාජයේ හැමෝම නෑනේ දියුණ වෙච්චි, සාර්ථක වෙච්චි,
සුවසේ වාසය කරන අය නෙමෙයි හැමෝම. එතකොට අපිට පේනවා සමහරු අසරණ වෙලා ඉන්නවා. සමහරු
දුක සේ ඉන්නවා. සමහරු අපහසුවෙන් ඉන්නවා. එහෙම අය දකිද්දී අපි මොකද කරන්නේ? එහෙමයි දකිනකොට ඒ අයගේ දියුණුව පතන්න. හදවතින් ආශිර්වාද
කරන්න. අනේ මේ අය මේ අපහසුතාවයෙන් ගොඩ ඒවා. අනේ මේ කෙනා මේ දුකෙන් මේ වෙහෙසෙන්
නිදහස් වේවා! අන්න ඒ වගේ ලස්සන ප්රාර්ථනා කරන්න.
බුදුරජාණන් වහන්සේ එක්
අවස්ථාවක දේශනා කරනවා භික්ෂූන්ට මහණෙනි තථාගතයන් වහන්සේගේ හිත තුළ නිතර විතර්කයක්
තියෙනවා ඒ තමයි මගේ ඉරියව්වකින්වත් කිසිම සත්වයෙකුට වෙහෙසක් වෙන්න එපා කියන
හිතුවිල්ල. බලන්න බුදු කෙනෙකුගේ හිතක තිබුණු ලස්සන විතර්කය. ඒ බුදුරජාණන් වහන්සේ
අවවාද කළා, අනුශාසනා කළා මහණෙනි, ඔබත් ආන් ඒ විදියට හිතන්න. මගේ ඉරියව්වකින්වත්
කිසිම සත්වයෙකුට වෙහෙසක් වෙන්න එපා කියලා. ඕන් ඔය කරුණු ඔබ ළඟ තිබුණත් දියුණුව
සාර්ථකත්වය දැකල සතුටු වීම ඊළඟට අනිත් අයට හදවතින්ම දියුණු උදෙසා ආශිර්වාද කිරීම හැම
තිස්සේම හිත සතුටින් තියාගන්න. ඒක ඔබට ගොඩක් උදව් වෙනවා. ඒ නිසා පුරුදු කරගන්න ඔය
ක්රමය.
තෙරුවන් සරණයි 🙏
0 comments:
Post a Comment