Friday, September 17, 2021

විනෝද චාරිකා වෙනුවට වන්දනා ගමනක් යමුද

  මේ නිවාඩුවටවත් කොහි හරි යන්න ඕන. පෝය දවසේ කොහෙ හරි යමුද?. ගියපාර වගේ නෙමේ හොඳ තැනක් බලල යන්න ඕන. එහෙ කෑමත් හරි නැහැ. අර කට්ටියත් එක්ක යමු. මේ පාර යනවනම් දවස් 2,3ක්වත් ඉන්න බලන් යං.


ඔබ අප මේ ජීවත් වූ කාලයේ කොතරම් ගමන් ගිහින් ඇද්ද, චාරිකා සඳහා සහභාගිව ඇද්ද? කුඩා කළ පටන් පාසල් චාරිකා ගිය ඔබ නෑදෑ ගෙවල් වල, මිතුරු ගෙවල්, මිතුරු හමු, සාදා, ප්‍රිය සාද, මගුල් ගෙවල්, අවමගුල් ගෙවල්, සංගීත සංදර්ශන, උත්සව ආදී නොයෙකුත් දේ සඳහා සහභාගී වී තිබේ. ඒ හැම සහභාගී වූ තැනකදීම ඔබ කලේ කුමක්ද? වල්පල්, කේලම්, මුසාබස්, පරුෂ වචන කතා කිරීමයි. යම් විදිහකට ඔබට ලැබී ඇති ජීවිතයේ වටිනා කාලය ගෙවා දැමීමයි. හිස් වචන කතා කරමින්, පුහු විහිලු තහළු කරගනිමින්, බැන ගනිමින්, නටමින්, ගී කියමින්, රණ්ඩු ද ඒ අතර කර ගන්මින් ගෙවූ කාලය, ඒ සඳහා වියදම් කර මුදල් වලට සත්‍ය වූ, අර්ථවත් වූ වටිනාකම් ලැබී ඇද්ද. සමහර විට ඒ සාදා, හමු වලින් ඔබට ජන්මාන්තර වෛරක්කාරයන් බිහි වූ අවස්ථා අත. දෙතුන් දාහක් වියපැහැදම් කර ගිය උත්සවයකින් ලබාගත් සතුටක් ඇද්ද.

සංචාරක ගමන්, විනෝද චාරිකා, දුර ස්ථාන දැක බලා ගැනීමට ගිය අවස්ථා ගැන මොහොතක් සිතන්න. වෙනස් වූ පරිසර අත්දැකීමක් විඳ ගන්න. නොදන්න පලාතක සිරි දැක බලා ගන්න මේ අකාරයෙන් ඔබ කෙතරම් දුර ගෙවා ගොස් තිබෙනවාද?. කෙතරම් දවස් ඔබ එහි ගත කර තිබෙනවාද?.

මොහොතක් නමුත් සිතුවාද ඒ තරමට නොවුනත් ඔබ වන්දනා ගමන් කීයකට සහභාගී වුනාද කියා.......? පෝයට ලැබෙන නිවාඩුවටත් ගෙදර වැඩකට, මිතුරු හමුවකට නැතිනම් විනෝද ගමනකට හැර සිල් සමාදන් වීමට තියා වන්දනාවකට, ආමිස පූජාවකට වෙන් කර තිබෙනවාද? මෙතරම් පුණ්‍ය භූමි නොමැති වෙනත් රටක් නොමැති කොට ඔබ මාද ඇතුළුව අප හැම දෙනා මේ සිරි ලකේ අනන්තවත් පිහිටියා වූ පුණ්‍ය භූමි කෙතරම් ප්‍රමාණයක් වැඳපුදාගෙන ඇද්ද?. දැකබලාගෙන සිත පහදා ගෙන ඇද්ද? දින ගණන් සැලසුම් කර විනෝද චාරිකා ගියත්, පවුලේ සියල්ලෝම සතුටුවෙමින් ගොස් වන්දනාමාන කළ තැන් කීයක් ඇද්ද? වයසට ගොස් දඹදිව වඳින්න හිතන්න පෙර ලංකාවේ බුදුන් වැඩම කොට ආශිර්වාද කර, අනුහස් පිහිට වූ තැන් කීයක් වන්දනා කරගැනීම, හිත සනසා ගැනීම සඳහා ගිහින් ඇත්තද?

ඒ නිසා ඔබ යන චාරිකා, විනෝද ගමන් අතරට පුණ්‍ය භූමි වන්දනාව චාරිකාවක්ද එකතු කරගනිමින් ඒවා වැඳ පුදා ගැනීමට අමතක නොකරන්න.

ගිය චාරිකාවක පුණ්‍ය මතක සටහන් ලෙස පූජා භූමියක් සිහි කරගැනීමට ඇත්නම් කෙතරම් භාගයක්ද? එය ඔබගේ සසර ගමන සුවපත් කරන ගමනක්, මතක සටහනක් වෙයි නිතැතින්ම.

 

0 comments:

Post a Comment