Friday, February 25, 2022

විවාහය, වගකීම


 

විවාහය

 

බෞද්ධ මංගල උත්සවවල දී ආගමික කටයුතු සිදු කිරීමට බෞද්ධ භික්ෂුවක වශයෙන් මගේ යුතුකමකි. නීත්‍යනුකූල වශයෙන් විවාහය ලියා පදිංචි කිරීම සිදු කරන්නේ බෞද්ධ ගිහියෙකු වුවත් බොහෝ අඹුසැමියන්ගේ නිගමනය ඔවුන්ගේ විවාහය සිදු කළේ මා බවය.

විවාහය සඳහා මුදු තුනක් යොදා ගනිතැයි කියනු ලැබේ.

01.       විවාහ ගිවිස ගැනීමේ මුද්ද

02.       මංගල මුද්ද

03.       දුක් කරදර පිළිබඳ මුද්ද

ඒ අනුව විවාහයක දී අනාගත ගැටලු අපේක්ෂා කෙරේ. එබඳු ගැටලු ඇති වූ වුට, මා විවාහය සිදු කළ අය ඒ පිළිබඳ ව උපදෙස් ලබා ගැනීමට මා වෙත පැමිණෙති. සැහැල්ලු ජීවිතය ප්‍රිය කරන භික්ෂුවක වශයෙන් ඒ සැමියාටත්, බිරිඳටත් පමණක් නොව මටත් හැකිතාක් කල් කරදරවලින් තොරව ජීවත් වීමට හැකි වන පරිදි මගේ ‘විවාහ සේවාවට’ පහත සඳහන් කතන්දර ඇතුළත් කරමි.


 

වගකීම

පෙම් සබඳතා සහ විවාහය පිළිබඳව වූ මගේ මතය මෙසේ ය.

ඒ යුවළ විවාහයට පෙර ගමන් බිමන් යන විට, ඔවුන් අතර පවතින්නේ හුදු සබඳතාවකි. විවාහ ගිවිසගත් පසුද, එය සබඳතාවක් පමණි. ඔවුන් ප්‍රසිද්ධියේ විවාහ පොරොන්දු ප්‍රකාශ කළ විට එය වගකීමක් බවට පත් වේ.

මංගල උත්සවයේ අරමුණ, වගකීම ය. උත්සවයේ ආගමික කටයුතු කිරීම් දී, ඒ අරමුණු දිවි ඇති තාක් මතක තිබෙන පරිදි පහදා දීම සඳහා මම එක්තරා ක්‍රමයක් අනුගමනය කරමි. සබඳතාව සහ වගකීම අතර වෙනස, ඌරු මස් සහ බිත්තර අතර වෙනසට සමාන බව මම ඔවුන්ට විස්තර කරමි.

 

කුකුලා සහ තාරාව

මෙය මගේ ගුරුවරයා වූ අචාන් චා හිමියන්ගේ ප්‍රියතම කතාන්දරය විය.

අලුත විවාහ වූ යුවළක්, ගිම්හානයේ එක් සොඳුරු සන්ධ්‍යාවක රාත්‍රී ආහාරයෙන් පසු, වන ලැහැබක ඇවිදීමට ගියහ. ඈතින් කිසියම් ශබ්දයක් ඇසෙන තුරු ඔවුන් දෙදෙනා පසු වූයේ ඉතා විනෝදයෙනි.

“ක්වැක් ක්වැක්” දෙදෙනා ම උනන්දුවෙන් ඊට සවන් දුන්හ.

“සවන් දෙන්න” බිරිඳ කීවා ය. “කුකුළෙක් වෙන්න ඇති”

“නෑ නෑ ඒ තාරාවෙක්” ස්වාමි පුරුෂයා පැවසීය.

“වෙන්න බෑ. මට හොඳටම විශ්වාසයි. ඒ කුකුළෙක්”

කොහොමද එහෙම වෙන්නෙ?. කුකුළන් හඬලන්නේ කුක්කු කූ කූ කියල. තාරාවුන් හඬලන්නේ ක්වැක් ක්වැක් කියල ඩාලිං, ඒ තාරාවෙක්” ඔහු පැවසුවේ මදක් නුරුස්සනා ස්වභාවයෙනි.

“ක්වැක් ක්වැක්” ඒ ශබ්දය යළිත් ඇසිනි.

“පේනවා නේද? ඒ තාරාවෙක්”

“නෑ ඩාලිං. ඒ කුකුළෙක්. ඒක ස්ථිරයි. ඇය පැවසුවේ මුරණ්ඩු විලාසයෙනි.

“මේ අහන්න. ඒ තාරාවෙක්.. ඒ තාරාවෙක්. තාරාවෙක්... තේරුණා ද?” ඔහු පැවසුවේ කෝපයෙනි.

“නමුත්, ඒ කුකුළෙක්ම තමයි” ඇය කීවේ අමනාපයෙනි. යළිත් ‘ක්වැක් ක්වැක්’ ශබ්දය ඇසිණි.

“ඒ වුණාට ඒ කුකුළෙක්” ඇය කීවේ කඳුළු සලමිනි.

බිරිඳගේ දෙනෙත්වල කඳුළු දුටු විට, ඇය සමග විවාහ වීමට හේතු වූ ආදරය ඔහුට සිහිපත් විය. ඔහුගේ මුහුණෙහි ස්වරූපය සෞම්‍ය විය.

“සමාවෙන්න ඩාලිං, මම හිතන්නෙ ඔයා හරි. ඒ කුකුළෙක් තමයි.”

“තැනක් යූ ඩාලිං” ඇය පැවසුවේ ඔහුගේ ඇත මිරිකමිනි.

ඔහුන් දෙදෙනා ආදරයෙන් යුතුව යළිත් ඇවිදීමට පටන් ගත් විට වන ලැහැබ තුළින් “ක්වැක් ක්වැක්” හඬ යළිත් ඇසිණි.

අන්තිමේ දී ස්වාමි පුරුෂයාට ඇති වූ අවබෝධය මෙබඳු ය.

වඩා වැදගත් වන්නේ, ඒ සතා කුකුළකු හෝ තාරාවකු යයි පිළිගැනීම නොව, දෙදෙනා අතර එකමුතු බවයි.

නොවැදගත් කරුණු මත, විවාහ කීයක් බිඳ වැටී ඇද්ද?. “කුකුළා ද, තාරාවා ද වැනි තර්ක දික්කසාද කීයක දී සාක්ෂි වශයෙන් ඉදිරිපත් වී ඇද්ද ?

මේ කතාන්දරය තේරුම් ගත් විට, අපේ ප්‍රමුඛතා අපට සිහිපත් වනු ඇත. නොවැදගත් තර්ක වලට වඩා ජීවිතය වැදගත්ය. ඇරත්, අප මුළුමනින් ම නියත වශයෙන් ම නිවැරදි බව කීවරක් අපට ඒත්තු ගොස් තිබේද? ඇත්ත වශයෙන් වරද සම්පූරණයෙන් අපේ බව අපට අන්තිමේ දී වැටහේ.

0 comments:

Post a Comment