කෝපය යනු බුද්ධිමත් ප්‍රතිචාරයක් නොවේ. බුද්ධියෙන්
ජීවත් වන අය වන අතර, ප්‍රීතිමත් අය කෝප නොවෙති. කෝපය අහේතුක බව ප්‍රථමයෙන් ම කිව
යුතුය.
දිනක් අප ගමන් කළ වාහනය, රතු සංඥා එළියක් දැක නතර
කරන ලදී. අප පසෙකින් නතර කරන ලද තවත් වාහනයක රියදුරා සංඥා එළිය කෙරෙහි කෝපයෙන් පසු
වනු පෙනිණි.
“මට වැදගත් වැඩක් තිබෙන බව ඔබ දන්නේ නැද්ද? මා දැන්
හොඳටම පරක්කු වෙලා. මට ඉදිරියෙන් පැමිණි වාහනයට ඔබ ඉඩ දුන්නා නේද? මට මේ විදිහට
කරදර කල මුල් වතාව මෙය නොවෙයි” යනුවෙන් ඔහු සිතින් දොස් නගන්නට ඇත.
ඔහු මාර්ග සංඥා එළිවලට දොස් නැගුවේ , ඒවා සිතාමතා
ඔහුට කරදර කල මෙනි. ඒවා දුෂ්ට බව සිතුවත්, හුදෙක් සංඥා එළි වශයෙන් ක්‍රියාත්මක වීම පමණකි සිදු වන්නේ.
ඔහු පමා වී නිවසට ලඟා වු විට බිරිඳ මෙසේ බැණ වදින්නට
ඇත.
“අපට වැදගත් ගමනක් තිබෙන බව ඔයා දන්නවා. පමා නොවිය
යුතු බවත් දන්නවා. ඔයා වෙන වැඩ කරන්න ඇති. ඔයා මේ වගේ පමා වුණු මුල් වතාව මෙය
නොවෙයි. ඔයා හිතාමතාම තමයි මගේ සිත රිදවන්නේ”.
ඔහු දුෂ්ට බව ඇය සිතුවත් එය සාධාරණ නොවේ.
0 comments:
Post a Comment