කිසිවකු අපේ සිත රිද වූ විට ඔහුට දඬුවම් කළ යුතු
පුද්ගලයා අප විය යුතු නොවේ. අප ක්‍රිස්තු භක්තිකයින් නම් මුස්ලිම්වරුන් හෝ
යුදෙව්වන් නම් දෙවියන් වහන්සේගෙන් ඔහුට දඬුවම් ලැබෙන බව අප විශ්වාස කරමු. අප
බෞද්ධයින් නම් හින්දුන් හෝ සීක්වරුන් නම් කර්ම බලය මගින් නිසි දඬුවම් ලැබෙන බව අපි
දනිමු. එබැවින් වැරදිකරුට පාඩමක් උගන්වන පුද්ගලයා අප විය යුතු මන්ද? කෝපය අත් හැර, සමාව දීම මගින් එය
නිවා දැමීමෙන් අප තවමත් දරන්නේ, අප සතු මහජන සේවයයි. මා සමග සිටි බටහිර භික්ෂූන්
දෙදෙනෙකු අතර වාදයක් ඇති විය. ඉන් එක් භික්ෂුවක්,
වියට්නාම යුද්ධයේ දී පෙරමුණෙහි සටන් කර බරපතළ තුවාල ලබා සිටි ඇමරිකානු නාවික
භටයෙක් විය. විසිපස් හැවිරිදි පමණ වූ අනෙක් භික්ෂුව, කලකට
පෙර ඉතා සාර්ථක ව්‍යාපාරිකයෙක් විය. දෙදෙනා ම බුද්ධිමත්, ශක්තිමත් කිසිවෙකුට හිස
නො නමන ඇය වූහ. භික්ෂූන් වාද කිරීම නුසුදුසු වුවත් ඔවුහු බරපතළ වාදයක පැටලී
සිටියහ. ගුටි ඇන ගැනීම භික්ෂූන්ට කැප නො වුවත්, ඔවුන් ඊට
සැරසෙන බවක් පෙනිණි. ඉතා දරුණු වචන හුවමාරුවක් අතරතුර එක් භික්ෂුවක් (නාවික භටයා)
දණින් වැටී ආචාරශීලී ලෙස අනෙක් භික්ෂුවට හිස නමා ආචාර කළේ ය.
“මට සමාවෙන්න”
අනෙක් භික්ෂුව කම්පාවට පත් විය. ඔහු හඬා වැලපුණේ ය.
එය හද පතුලෙන් ඉස්මතු වූ දුර්ලභ හැඟීමක් විය.
මිනිත්තු කීපයකට පසු ඔවුන් දෙදෙනා මිතුරන් මෙන් එක්ව සක්මන් කරනු දක්නට ලැබිණි.
0 comments:
Post a Comment