කිසි යම් දොම්නසක් ඇති වූ විට, අප නිතර සිතන්නේ එය අසාධාරණ බව
ය. ‘ඇයි මට මෙලෙස සිදු වන්නෙ’ යනුවෙන් කම්පා වීමට අපි
පුරුදු වී සිටිමු. ජීවිතය මීට වඩා සාධාරණ වූවා නම් සුළු හෝ සහනයක් අත් වන බව අපේ
අදහස ය.
බන්ධනාගාරයේ පැවති මගේ භාවනා පන්තියට පැමිණි
මැදිවියේ සිරකරුවෙක්, පන්තියෙන් පසු මා හමු වීමට අවසර ඉල්ලී ය. මාස කීපයක් ඒ පන්තියට සහභාගී
වූ බැවින්, මම ඔහු මැනවින් දැන හැඳින සිටියෙමි.
“හිමියනි, මා මේ සිර කූඩුවක දමා තිබුනත්, ඒ අපරාධය මා කළේ නැහැ. මම අහිංසකයි.
හුඟක් අපරාධකාරයින් කතා කරන්නෙ, මේ විදිහට තමයි. ඒ අය කවුරුත් කියන්නෙ බොරු. මම
ඔබතුමාට කියන්නෙ ඇත්ත. ඔබතුමාට බොරු කියන්න මට බැහැ.”
ඒ අවස්ථාවත්, කතා කළ විලාසයත් අනුව ඔහු පැවසුවේ සත්‍යයක් බව මට ඒත්තු ගියේ ය.
නොකළ වරදකට සිර දඬුවම් විඳීම, කෙතරම් අසාධාරණ දැයි මම කල්පනා
කලෙමි. එහෙත් ඔහු මගේ කල්පනාවට බාධා කලේ ය.
“හිමියනි, මා වෙනත් අපරාධ හුඟක් කළා. ඒ මොකුත් අහුවුණේ නෑ. ඒ නිසා, මගේ සිර
දඬුවම සාධාරණයි”
ඒ කපටි පුද්ගලයා, කර්ම විපාක ගැන දැන සිටි බව
පෙනිණි. අප කළ පීඩාකාරී, පිළිකුල් සහගත ‘අපරාධ වලට’ විපාල නො ලැබුණු අවස්ථා කොපමණ ඇද්ද? ‘එය
අසාධාරණයි. මා අසු නො වූයේ මන්ද?’ යනුවෙන් අප කිසි විටක
පවසා ඇද්ද?
එසේ වුවත්, පැහැදිලි හේතුවකින් තොරව, පීඩා විඳීම අපට සිදු වූ විට, ‘එය සාධාරණ නැතැ’යි අපි දුක් වෙමු. ඇතැම් විට එය සාධාරණ විය හැකි ය. මගේ කතන්දරයෙහි සිරකරු මෙන් අප අසු නො වූ බොහෝ ‘අපරාධ’ තිබේ. කෙසේ වුවත්, ජීවිතය සාධාරණය.
0 comments:
Post a Comment