දාහත්වැනි සියවසේ විසූ, ප්‍රංශ දාර්ශනික හා ගණිතඥ බ්ලේසි
පැස්කෝල් වරක් මෙසේ පැවසී ය.
“මිනිසාගේ
සියලු ගැටලු උද්ගත වන්නේ, නිශ්චලව හිඳ ගෙන සිටින සැටි ඔහු නො දත් නිසා
ය.”
‘නිශ්චලව
හිඳ ගෙන සිටිය යුත්තේ කුමන අවස්ථාවල දී දැයි නො දත් නිසා ය’ යනුවෙන්, ඊට යමක් එකතු
කිරීමට මම කැමැත්තෙමි.
1967
වර්ෂයේ දී, ජෝර්දානය, ඊජිප්තුව සහ සිරියාව සමග, ඊශ්‍රායලය යුද වැඩී සිටියේ ය. ඒ යුද්ධය අතරමැද දී, පුවත්පත්
වාර්තාකරුවෙක් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති හැරල්ඩ් මැක්මිලන් මහතා හමු වී, මැද
පෙරදිග අර්බුදය පිළිබඳව එතුමාගේ අදහස් විමසී ය.
“මැද
පෙරදිග අර්බුදයක් නැහැ”යනුවෙන් මේ පරිණත දේශපාලඥයා, පැකිළීමකින් තොරව
පැවසී ය.
වාර්තාකරු
මවිතයට පත් විය.
“මැද
පෙරදිග අර්බුදයක් නැතැ යි යනුවෙන් ඔබතුමා අදහස් කරන්නෙ කුමක් ද?
එහි දරුණු යුද්ධයක් පවතින බව ඔබතුමා දන්නේ නැද්ද? අප මේ කථා කරන අතරේ, බෝම්බ හෙළන
බව, යුධ ටැංකි, ඔවුනොවුන් විනාශ කරන බව, සෙබළුන් සිය ගණනින් මියයන බව, ඔබතුමාට
වැටහෙන්නේ නැද්ද? ඉතින් කොහොමද කියන්නෙ, මැද පෙරදිග අර්බුදයක් නැහැ කියලා ?”
පරිණත දේශපාලනඥයා, සන්සුන්ව මෙසේ
පැවසී ය.
“අර්බුදයක්
නම්, ගැටළුවක් නම්, ඊට විසඳුමක් තිබෙනවා, මැද පෙරදිග ප්‍රශ්නයට විසඳුමක් නැහැ. ඒ නිසා ඒක ගැටළුවක් නො වේ.”
විසඳුමක් නැති ගැටලු පිළිබඳව කනස්සලු වීමට, අපේ ජීවිතය කොපමණ කාලයක් අපතේ යවා ඇද්ද?
0 comments:
Post a Comment