එක් සන්ධ්‍යාවක, අපගේ බෞද්ධ
මධ්‍යස්ථානයේ දුරකථනය නාද විය.
“අචාන් බ්‍රහ්ම හිමියන් ඉන්නවා
ද?” කෝපාවිෂ්ට පුද්ගලයෙක් ඇසී ය.
“සමාවෙන්න” ඒ අවස්ථාවේ රිසිවරය
අතට ගත්, ඉතා භක්තිමත් ආසියානු කාන්තාව පිළිතුරු
දුන්නා ය.
“එතුමා, කාමරය තුළ විවේක
ගන්නවා. කරුණාකර, මිනිත්තු තිහකින් නැවත කතා කරන්න”
“මිනිත්තු තිහකින් එයා
මැරෙනවා” ගර්ජනා කළ පුද්ගලයා රිසිවරය තැබී ය.
මිනිත්තු විස්සකට පසු, මා
කාමරයෙන් පිටතට පැමිණි විට ඉතා වයස්ගත කාන්තාව සුදුමැලි වී, වෙව්ලමින් සිටිනු දුටුවෙමි. සිදු වූයේ කුමක්දැයි දැන ගැනීම සඳහා අනෙක්
අය එහි රැස්වී සිටියත්, කතා කර ගත නොහැකි තරමට ඇය කම්පාවට
පත්ව සිටියා ය. මා ඇය සැනසූ විට, වචන කීපයක් ඇගේ මුවින්
පිට විය.
“කවුද එනවා, ඔබ වහන්සේ
මරන්න”
ඕස්ට්‍රේලියානු තරුණයකුට ඒඩ්ස්
රෝගය වැළඳී ඇති බව අනාවරණය වූ දා පටන්, ඔහුට අනුශාසනා කිරීමෙහි නිරතව සිටියෙමි. ඒ
තත්ත්වයට මුහුණ දීමට හැකි වන පරිදි, ඔහුට භාවනා ක්‍රම ද
ඉගැන්වීමි. ඒ වන විට, ඔහු මරණයට ළං වෙමින් සිටියේ ය. ඊට
පෙර දින මා ඔහු හමු වීමට ගිය විට, ඔහු සිටියේ, කුමන මොහොතක හෝ සිය සහකාරියගෙන් දුරකථන ඇමතුමක් ලැබෙතැයි අපේක්ෂාවෙනි.
එබැවින්, මට ලැබුණු දුරකථන ඇමතුමෙන් අදහස් වූයේ කුමක්දැයි, මට සැනෙකින් අවබෝධ විය. මිනිත්තු තිහකින් මියයන බව නිශ්චිත වූයේ, මා නොව ඒඩ්ස් රෝගයෙන් පෙළුණු ඒ තරුණයා ය.
ඒ තරුණයා මියයාමට පෙර, ඉක්මනින්
ඔහුගේ නිවසට ගොස්, හමු වී සැනසිලි වදන් පැවසීමි. වයස්ගත කාන්තාව කම්පනයෙන් මිය
යාමට පෙර, ඇයට ද, වැරදි අවබෝධය පිළිබඳව කරුණු පහදා දීමට
මට හැකි විය.
බොහෝ විට, යම් කෙනෙකු
පවසන දේත්, අපට ඇසෙන දේත් එක ම නොවේ.
0 comments:
Post a Comment