වර්ෂ කීපයකට පෙර, තායිලන්ත
භික්ෂූන් පිළිබඳව ඔපාදූපැ රැසක්, අන්තර්ජාතික පුවත්පත්වල
පළ විය. නියත වශයෙන් බඹසැර රැකීමට, භික්ෂූහු විනය නීති
මගින් බැඳී සිටිති. ප්‍රචාරය වූ ඕපාදූප වලට අනුව, ඇතැම්
භික්ෂූන් ඒ විනය නීති කඩකර තිබිණි. පාඨකයින් උනන්දුවක් දැක්වුයේ සිල්වත් භික්ෂූන්
පිළිබඳ තොරතුරු කෙරෙහි නොව, විනය නීති කඩ කරන භික්ෂූන්
පිළිබඳ ඕපාදූප වලට බව, පුවත්පත් දැන සිටියේ ය.
මේ තොරතුරු පළ වූ දිනවල, මා පිළිබඳ
පාපොච්චාරණයක් කිරීම යෝග්‍ය බව කල්පනා කලෙමි. එක් සිකුරාදාවක සන්ධ්‍යා කාලයේ දී, පර්ත් නුවර අපෙගේ විහාරස්ථානයේ දී, තුන්සීයක්
පමණ පිරිසක් ඉදිරිපිට, මම ධෛර්ය උපදවා ගෙන සත්‍යය
පැවසීමි.
“මා පාපොච්චාරණයක් කළ යුතුව
තිබෙනවා. මේක පහසු වැඩක් නොවෙයි... අවුරුදු කීපයකට පෙර...” දෙගිඩියාවෙන් මම මදක්
නිහඬ වීමි.
“අවුරුදු කීපයකට පෙර, මගේ
ජීවිතයේ ඉතාමත් ප්‍රීතිමත් යුගයක් මම ගත කළා. වෙනත් මිනිසකුගේ බිරිඳක් තුරුල්ලේ.”
යළිත් මද වෙලාවක් නිහඬව
සිටියෙමි.
“අපි ඔවුනොවුන් වැලඳ ගත්තා, සිප ගත්තා, සුරතල් වුණා”
හිස බිමට නමා ගෙන, පලස දෙස බලා
සිටියෙමි.
මා පැවසූ දේ අසා කම්පාවට පත්
පිරිස නැගූ සිහින් හඬ මට ඇසිණි.
“වෙන්න බැහැ, අචාන් බ්‍රහ්මවංසෝ
හිමියන් ඒ වගේ වැරදි වැඩක් කරාවි ද?” සමහර අය මිමිනූහ.
ඉතා පැරණි දායකයින්, යළිත් කිසි
විටක ආපසු නො එන්නට මෙන්, දොර දෙසට පිය නගනු දුටුවෙමි.
ගිහි බෞද්ධයින් වුව ද, සෙසු
පිරිමින්ගේ භාර්යාවන් සමග සබඳකම් පැවැත්වූයේ නැත. එය පරදාර සේවනය නම් වූ පාප
කර්මයකි. මම හිස ඔසවා, පිරිස දෙස ආත්ම විශ්වාසයෙන් බලා මද
සිනා පහළ කලෙමි.
“ඒ කාන්තාව, වෙන කවුරුත්
නෙවෙයි. මගේ මව...මා ළදරුවෙකු සිටි කාළයේ...”
පිරිස කඳුළු පිසිමින් හඬ නගා
සිනාසෙන්නට වූහ.
“ඒක ඇත්ත කතාවක්, අය තවමත්
පිරිමියෙකුගේ බිරිඳක්. ඒ පිරිමියා තමයි, මගේ පියා. අපි ඔවුනොවුන් වැළඳ ගත්ත, සුරතල් වුණා, සිප ගත්තා”
මගේ ශ්‍රාවක පිරිසගේ සිනාව නතර
වූ විට, ඔවුන්
කවුරුත් වාගේ, මා වරදවා නිගමනය කළ බව පෙන්වා දුනිමි.
“ජීවිතයේ කොපමණ වාර ගණනක්, සැබෑ
තොරතුරු නො විමසා හදිසි තීරණවලට අප එළඹී ඇද්ද?” යනුවෙන්
මම ඔවුන්ගෙන් ප්‍රශ්න කළෙමි.
“මෙය නිවැරදි ය, අන් සියල්ල
ම වැරදි ය යනුවෙන් තීරණ ගැනීම ප්‍රඥාව නොවේ.”
0 comments:
Post a Comment