වැඳුම් පිදුම් කිරීමේ අනන්ත ආනිශංස ත්‍රිපිටකයේ සඳහන් කරලා
තියෙනවා. මහා පරිනිර්වාණ සුත්‍රයේ.. “යෙහි කේචි ආනන්ද, චේතිය චාරිකං අභින්ධංතා
පසන්න චිත්තා කාලං කරිස්සංති සබ්බේතේ කායං භේදා පරං මරණා සුගතිං සග්ගං ලොඛං උප්පජ්ජති”.
ආනන්ද, යම්කිසි කෙනෙක් සැදැහැ සිතින් චෛත්‍ය චාරිකාවෙහි හැසිරේද ඔහු ඒ අසලට යන්නත්
කලින් යම් හෙයකින් මැරුණ හොත් එම මරණයත් සමග ඔහු ස්වර්ග ලෝකයේ උපදින බව සඳහන් කරලා
තියෙනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා සැදැහැවත් බෞද්ධයන් විසින් දැකබලා වැඳ
පුදා ගෙන සංවේග උපදවා ගත යුතු ස්ථාන හතරක් තියෙනව කියල. ඒවා නම්.. බෝසතාණන් වහන්සේ
උප්පතිය ලබපු තැන, සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබූ තැන, මංගල ධර්ම දේශනාව සිදුකළ තැන, පරිනිර්වාණ
ධාතුවෙන් සැතපුන තැන. යමෙක් මේ සතර ස්ථානයන් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් වැඳගන්න යන්නේ
ද, ඒ අතරතුර ඔහු මරුන හොත්.. ඔහු දෙව්ලොව උපදිනවා අතරක් නැතුව. ඒ නිසා මේ කාරණාවල්
දැන ශ්‍රද්ධා සිත දියුණු කරගෙන සතර තැන් වන්දනා කරන එක මොනතරම් ආරක්ෂාවක් අපිට
සපයනවද... මේ සඳහා තවත් කරුණු පිටක ගත තොරතුරුවල සඳහන් කරලා තියෙනව එක තැනක සංයුක්ත
නිකායෙ. පහන් සිතින් බුදුන් වඳින්නට යමුයි කියල යම් කෙනෙක්, දහම් අසන්නට, සඟුන්
වඳින්නට සුදානම් වන්නේද ආන් ඒ සුදානම් වීම මොනතරම් වටිනවද. ආන් ඒ පියවර දහසයකින්
දහසය වාරයක් බෙදල... එකට තමයි කියන්නෙ ඔය සොළොස් කලාවෙන් එක කලාවක් කියල. දාසය
වාතාවකින් බෙද බෙදා එන එක කොටසක් තරම්වත් බොහොම ලස්සන ස්වර්නාභාරණයෙන් සැරසූ
ලක්ෂයක් ස්ත්‍රීහු, ලක්ෂයක් අශ්වයන්, ලක්ෂයක් රත, ලක්ෂයක් කන්‍යාවෝ යන හාරලක්ෂයටද වඩා
නැතහොත් එම වස්තු දන් දීමට ද වඩා වටිනා බව එයින් සඳහන් කරනවා. හාරලක්ෂයක් වූ වස්තූන්ට
ද වඩා ඒ වස්තු දන් දීමෙන් ලබන කුසලයටද වඩා බුදුන් දකින්න තියන එක පියවර සොළොස්
කලාවකින් එකක් තරම්වත් ඒක වටින්නෙ නැහැ කියල සඳහන් කරනවා. ආන් ඒ නිසා භාග්‍යවතුන්
වහන්සේ තුල, තිසරණයෙහි කොයිතරම් ගුණයක් තියෙනවද කියන කරුණම මෙතන අපූරුවට පැහැදිලි වෙනවා.
ශ්‍රද්ධාවන්තයෙකුට නම් මේ බුද්ධාන්තරයක ලබාගත්ත උතුම් ජීවිතය සුගතිගාමී වෙන්නෙ ඒ
කරුණ හොඳටම ප්‍රමාණවත්. අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අග්‍ර වෙහෙර විහාර
කෙරෙහි, දහම කෙරෙහි, සඟයා කෙරෙහි සිත පහදවූ සත්වයා අග්‍ර ආයුෂ ඇතුව අග්‍ර වර්ණ
ඇතුව, අග්‍ර යසස් අතුව, අග්‍ර වූ කීර්තිය, සැප, කාය බල ඇතුව දෙවියන් මිනිසුන් අතරද
අග්‍රයි කියල සඳහන් කරනවා. සියලු දෙනා අභිභවනය කරන රූපයක්, හැමදෙනාටම වඩා මහා
තේජවන්ත බවක් ඇතුව උපදිනවා. මේ තුනුරුවන්ගේ ගුණ ප්‍රකාශ කරන්නට තියා සිතා ගන්නවත් බැහැ
කියලම පැහැදිලි කරලා විස්තර කරනවා.
ඊළඟට පින්වතුනි මෙතන තවත් කාරණාවක් සිහිපත් කරනවා ත්‍රිපිටකයට
අනුකූලවම ස්වර්ණමාලි චෛත්‍ය කෙරේ සිත පහදවා ගැනීමෙන් නිවන් දුටුවන්ගේ සංඛ්‍යාවම
අතිවිශාල බව. එහෙනම් අපිට, මේ ලංකා භූමි තලයට තියෙන ශ්‍රේෂ්ඨතම සම්පත. සිහිපත්
කරනවා ලක්දිව පිහිටියා වූ අනෙක් සියලු චෛත්‍යන් හා විහාරස්ථානයන්හි හි නොව අනුරාධපුර
පිහිටි ස්වර්ණමාලි මහ චෛත්‍ය ස්ථානය පමණක් වැඳීමෙන්, පිදීමෙන් නොව දර්ශන මාත්‍රයෙන්,
බුද්ධාලම්බන ප්‍රීතිය ලැබ දෙව්ලොව ඉපදීම නොව සකල ක්ලේශයන් ප්‍රහානය කිරීමෙන් පරම නිවන්
පුරයට පැමිණියාවූන්ගේ සංඛ්‍යාව මෙතෙකැයි කිව නොහැකි බව සංයුක්ත නිකායේ අට්ට කතාවේ
සඳහන් කරනව. එතකොට ඒ පිටකය ලියවෙනකොට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණු දේශනා කරන කොට
මහ සෑය හැදිල නැහැ. මහා සෑය හැදෙන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සෙ.
ඒ අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236කට පස්සෙ. එතකොට
අනාගතයෙ ලංකාව කියන මේ පුංචි රටේ ඉදිවෙන මේ ශ්‍රේෂ්ඨ මේ චෛත්‍ය මේ වාගේ මහා සයක්
වෙන කොහෙවත් නැහැ. එතකොට අපිට තේරෙනව අපි කොයි තරම් වාසනාවන්තද, භාග්‍යවන්ත ද කියල.
කොටි ලක්ෂයක් සක්වල මෙවන් සෑයක් නෑ කියල. ඒ කියන්නෙ මුළු බුද්ධ රාජ්‍යයේම නැහැ
කියන එකයි. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ඉස්සරලම සඳහන් කරන කාරණාවක්
මේ සංයුක්ත නිකායේ මේ අට්ඨකථාවෙමයි සඳහන් කරන්නෙ. ලංකාවේ තව බොහෝ වෙහෙර විහාර
තියෙනව අති සුවිශේෂී. මහනුවර දළදා මාලිගාවෙ ධන්ත ධාතූන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ වගේම
භාග්‍යවතුන් වහන්සේගේ දක්ෂිණ දළදා වහන්සේ සෝමාවතියේ වැඩ ඉන්නව. සේරුවාවිල මහ සෑයේ
ලලාට ධාතතූන් වහන්සේ වැඩ ඉන්නව. තූපාරම
මහා සෑයේ දක්ෂිණ අකු ධාතූන් වහන්සේ වැඩ ඉන්නව. එකයි මෙතන ලංකා භූමි පුරා තියෙන අන්‍ය
විහාර ගැන නෙමෙයි මේ සඳහන් කරන්නෙ කියල කියන්නෙ. ඒ මහා සෑය ළඟ, ලඟට ගිහි වැඳල පුදල
නොයෙක් පින්කම් කරපු අය ගැනත් නෙමෙයි මේ කතා කරන්නේ මේ සඳහන් කරන්නෙ. එහෙම සඳහන්
කරා නම් කොච්චර ඇතිද.
ඒත් තියෙන්නෙ ස්වර්ණමාලි සෑයේ සිත පහදවා ගෙන ශ්‍රද්ධාව උපදවාගෙන
දෙව්ලොව ඉපදිච්ච අය ගැන නෙමෙයි. සදහටම සංසාර සාගරයෙන් සමු අරගෙන ගිය පිරිසේ
සීමාවක් නෑ කියලයි මේ සඳහන් කරන්නෙ. එහෙනම් වැන්දොත් කොහොමද? පිදුවොත් කොහොමද?... හුණු
ටිකක් ආලේප කරොත් කොහොමද, මලුව අතුපතු ගාල දැම්මොත් කොහොමද. ඒ තරම් ආනිශංස තව
කොහින් ලබන්නද කියන කාරණාව අපිට හිතන්න ඉතුරු කරල තියෙනව. එතරම් අප්‍රමාණ ආනිසංස සහිත
මේ මහා පූජා වස්තූන් භාගාවතුන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ කරුණාව හින්දම අපිට බුදුරජාණන්
වහන්සේ ප්‍රධානය කරේ. ආන් ඒ නිසාම සඳහන් කරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් කෙනෙකුට
ඇහි පිල්ලම් ගහන මාත්‍රයක්, ප්‍රීතියක් ඇති වුනොත් ආන් ඒ ප්‍රීතියෙන් දෙන ඵලය,
කෙනෙක් භාවනා කරල, භාවනා කරලා කසින මුදුන් පත් කරලා කොයි තරම් ඒ භාවනාවේ දියුණු වෙලාද
මුළු ජම්බුද්දීපය තමාගේ මුණ ඉස්සරහ වගේ
පෙන්වා, මුලු ජම්බුද්දීපාය පුරාම ඉරක් පෑයුව වගේ ආලෝකයක් පතුරවන්න තරම් හැකියාවක්
ඒ භාවනාව දියුණු කර කෙනාට තියෙනව. ඒ භාවනාව එතනට දියුණු කර ගන්න එයා මොනතරම් දුක්
විඳින්න ඕනද, රෑ -දහවල් දෙකේ පැය ගණන් වාඩි වෙලා භාවනා කරන්න ඇද්ද. සඳහන් කරනවා
ආන් ඊට වඩා වටිනව කියල බුදුරජාණන් වහන්සේ ගැන ඇහි පිල්ලමක් ගහන මාත්‍රයක ප්‍රසාදය
ඇති වෙනව නම් කියල. එහෙම නම් අපිට බුදුරනාණන් වහන්සේ නිසා මේ මනුස්ස ජීවිතය උපයෝගී
කරගෙන සතර අපායට යන්නේ නැතුව සුගතිගැමි වෙන්නෙ කොයි තරම් පහසුකම් මේ ශ්‍රේෂ්ඨ රටේ
තියෙනවද?... එය දැනගෙන එයින් ප්‍රයෝජන අරගෙන සසරින් මිදෙන්න යමෙක් කල්පනා කරන්නේ නම්
ඔවුන් හැබෑවට පෙරත් පින් කරගෙන අදත් පින් කරගන්න ආපු අය. නැත්නම් මේ පැත්තේ කොච්චර
මිනිස්සු ඉන්නවද, ඒ මිනිස්සු කොයි තරම් මේ පූජා ස්ථානය නිසා ජීවත් වෙනවද. නමුත්
දාස් ගණන් මහා සෑය නිසා මල් විකුණන අය හවසට ගිහිල්ල එයින් මලක් දෙකක් පූජා කරනවද
කියල අපිට සැකයි. මහා සෑය නිසා ලක්ෂ ගණන හම්බකරන අය මහා සෑය වෙනුවෙන් වසරකට
රුපියල් දාහක් වියදම් කරන්න කාරුණික වෙනවද කියල අපි දන්නේ නෑ. ඒත් කොච්චර දේවල් කරගන්න
පුළුවන්ද. මේ රටේ ඉපදිලා මැරිලා යනවා මහා සෑය දැක්කේ නැතුව. මේ දළදා මාලිගාව වැඳ ගන්නෙ
නැතුව. ඒ අය මොකක් හරි හේතුවකින් ඉපදිලා,
ඉපදිච්ච එකේ අර්ථයවත් දන්නේ නැතුව ඔහේ ජීවත් වෙලා මැරිල යයි. මෙවන් කරුණු අහල,
මෙවන් කරුණු දැනගෙන සැපවත්ව ජීවත් වෙන්න, සතුටින් හිනාවෙවී මැරෙන්න පුළුවන් අපූරු
කාලයක් අපූරු ජීවිතයක් අපිට ලැබිල තියෙන්නෙ. පිදිය යුත්තන් පිදීම කියන කාරණාව භාග්‍යවතුන්
වහන්සේ පිදීම ගැන විතරයි අපි මේ කරුණු ටිකක් සාකච්ඡා කරේ. මේ එක මංගල කාරණාවක්
නමුත් සාකච්ඡා කරන්න පැය ගණන් කතා කරත් ඉවර වෙන්නෙ නැති තරම් කරුණු. නමුත් ධර්ම දේශනා
කාලය ඉවරවෙලා තියෙන නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳ ව ශ්‍රද්ධාව උපදවාගෙන මේ ලැබිච්ච
ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයෙන් උතුම් ඵලයක් උදාපත් කරගන්න, තමන්ට ලැබිච්ච උතුම් මනුෂ්‍ය
ජීවිතයට සැබෑ සාධාරණයක් තමන් විසින්ම ඉෂ්ට කරගන්න.
සාදු සාදු සාදු !
0 comments:
Post a Comment