බුදු පියාණනේ
ඔබේ පාද
කරනෙමි පිනිපා
පියෙන් පියට මිහිකත
සනහා
බැලූ බැලූ නෙත්
සිත් බඳවා
දහම් අමාවෙන්
තිලොව තෙමූ
බුදු පියාණනේ
ඔබේ පාද
කරනෙමි පිනිපා...//
සසර සයුරකට
නෞකාවයි
නිමල අමිල
නෙත් සිලිලාරයි
ලොවේ අනගි
ගුණදම් මුහුදයි
බුදු පියාණනේ
ඔබේ පාද
කරනෙමි පිනිපා...//
හිමියනි ඔබෙ
මොක් මග හමුවේ
හැදෙමි
බැඳෙමි නැහැවෙමි නිබඳේ
තිලෝ තිලක
සම්බුදු සමිඳේ
බුදු පියාණනේ
ඔබේ පාද
කරනෙමි පිනිපා
පද වැල් - විජේතිලක රත්නායක
සංගීතය - සෝමතිලක ජයමහ
ගායනය - සෝමතිලක ජයමහ
0 comments:
Post a Comment