ළා දළු බෝපත්
සෙමින් සැලෙන සේ
යසෝදරා
දේවි..
වාවනු බැරි
තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ
ඇසුර මතක් වී
ළා දළු බෝපත්
සෙමින් සැලෙන සේ
ලේන කුලේ සිට
ආගිය මග තොට
සිටියා නොසැලෙන
පහන් ටැඹක් වී
නිවන් දකින
තුරු මේ සංසාරේ
පසු පස ආවා
සෙවණැල්ලක් සේ
ළා දළු බෝපත්...
තැලී සෙනේ
සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ
යසෝදරාවෝ
පිපී නිවන් මල්
සාධුකාර දී
නිවී පහන්
විය උදෑසනක් සේ
ළා දළු බෝපත්...
පද වැල් - රඹුකකන සිද්ධාර්ථ හිමි
සංගීතය - H. M. ජයවර්ධන
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
0 comments:
Post a Comment