භික්ෂූන් වශයෙන් අප අනුගමනය කරන ඉතා සරල ජීවිත සම්ප්‍රදාය
තුළ මුදල් ළඟ තබා ගැනීමට අපට අවසර නැත. අප කරන අනුශාසනවලට හෝ උපදේශන කටයුතු සඳහා
හෝ අප කිසි විටක මුදල් අය කරන්නේ නැත.
සුප්‍රකට භාවනා ගුරුවරයකු වූ අප හිතවත් භික්ෂුවකට
කාන්තාවකගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි, භාවනාව ඉගෙන ගැනීමට ඇයට අවශ්‍යව තිබිණි.
“ඔබ භාවනා කරන සැටි උගන්වන බව මට ආරංචි වුණා”
“ඔව් නෝනා, මම ඒ වැඩ කරනවා”
“කොපමණ මුදලක් අය කරනවා ද...?”
“මොකුත් අය කරන්නෙ නැහැ.”
“එහෙම නම් ඔබ හොඳ ගුරුවරයෙක් වෙන්න බැහැ”
ඕස්ට්‍රේලියානු කාන්තාවකගෙන් මට ද එබඳු දුරකථන
ඇමතුමක් ලැබිණි.
“අද සවස ඔබේ බෞද්ධ මධ්‍යස්ථානයේ දේශනයක් පැවැත්වෙනවා
ද..?”
“ඔව් නෝනා, ඒක ආරම්භ වන්නෙ පස්වරු 8.00ට”
“කොපමණ මුදලක් ගෙවිය යුතු ද ?”
“මොකුත් නෑ නෝනා. මුදල් ගෙවීමක් නැහැ.”
“මම අහන දේ ඔබට තේරුණේ නෑ. ඔබේ දේශනයට සවන් දීම සඳහා
මා කොපමණ මුදලක් ගෙවිය යුතු ද?”
“නෝනා, ඔබ කිසිම මුදලක් ගෙවිය යුතු නැහැ. ශාලාව ඇතුළට ඇවිත්, පසු පෙළක හිඳ ගෙන, කැමති වෙලාවක පිට වී යා
හැකියි. ඔබේ නම හෝ ලිපිනය ගැන කිසිවක් අහන්නෙ නැහැ. මොකුත් මුදල් පරිත්‍යාග
ඉල්ලන්නෙත් නැහැ. ඒක සම්පූර්ණයෙන් ම නොමිලේ”
“හොඳයි..! මේ දේශනවලින් ඔබට ලැබෙන වාසිය කුමක්ද..?”
“සතුට විතරයි”
“මේ දිනවල දේශනවලට ඇය කරන මුදල ගැන කිසිවකු විමසූ
විට, මුදල් අය නො කරන බව කිසි විටක නො
කියමි”
ඒවා මිල කළ නොහැකි බව ඔවුන්ට පවසමි.
👌
ReplyDeleteතෙරුවන් සරණයි නවීන් මහත්මා ඔබට!
Delete