දොම්නස් සහගත බැවින් මිදීමට ආධාර වන එක් උපදෙසක්, මිල කළ නො හැකියි මෙන්ම ඉතා සරල
ද වේ. එහෙත් සරල බව පෙනෙන උපදෙස් වරදවා තේරුම් ගැනීම පහසු ය. අපට සැබෑ අවබෝධයක්
ලැබෙන්නේ දොම්නස් සහගත බවින් මිදුණු විට පමණක් බව පහත දැක්වෙන කතන්දරයෙන් තහවුරු
වේ.
නව සිරකරු බියෙන් ද දැඩි ශෝකයෙන් ද පෙළෙන බව පෙනිණි.
සිට කුටියේ කළුගල් බිත්තිවලට උණුසුම උරා ගෙන තිබිණි. ශක්තිමත් වානේ පොලු වල කිසි ම
දයාවක් නො වීය. සිරකුටියේ යකඩ දොර වැසී යාමත් සමග සියලු බලාපොරොත්තු බිඳ වැටිණි.
ඔහුගේ කුඩා ඇඳ අද්දර ගල් බිත්තියෙහි පහත සඳහන් වචන කුරුටු ගා තිබිණි. ‘මෙය ද අවසන්
වේවි’. ඔහුට පෙර ඒ සිරකුටියේ සිටි සිරකරුට මෙන් ඔහුට ද ඒ වචන අස්වැසිල්ලක් විය. සර
දඬුවම කොතෙක් කටුක වුවත් ඔහු ඒ වචන මතක් තබා ගත්තේ ය. ඔහු නිදහස ලැබූ දින ඒ වචනවල
අර්ථය, ඔහුට වැටහිණි. ඔහුගේ දඬුවම් කාලය අවසන් වී තිබිණි.
සුපුරුදු ජීවිතය යළිත් ආරම්භ කළ විට ඒ වචන කොළ
කැබලිවල ලියා ඇඳ ළඟ ද, වාහනය තුල ද, සේවා ස්ථානයේ ද තබා ගෙන එහි අර්ථය ගැන ඔහු
නිතර මෙනෙහි කලේ ය. කරදර අධික කාලයක දී වුව ද ඔහු කිසි විටක දොම්නසට පත් නො වීය. ඒ
වචන මතක තබා ගෙන, අවස්ථාවට මුහුණ දුන්නේ ය. ‘නරක කාලය’ දිගුකල් පවතින බව නො පෙනිණි. ‘
හොඳ කාලය’ පැමිණි විට ඔහු ඉන් ආස්වාදයක් ලැබූ අතර කිසි විටක නොසැලකිලිමත් ලෙස
විනෝද නො වීය. “ඒ හොඳ කාලය” ද අවසන් වන බව ඔහු දැන සිටියේ ය.
ඔහුට පිළිකා රෝගය වැළඳුණු විටද ‘එය ද අවසන් වෙතැයි’
යන අදහස ඔහු තුළ බලාපොරොත්තු ඇති කළේ ය. එපමණක් නොව රෝගය යටපත් කිරීම සඳහා අවශ්‍ය
ශක්තිය ද ධනාත්මක ආකල්පය ද ඔහුට ලැබිණි. දිනක් “පිළිකාව අවසන් වී ඇතැයි” ඔහුගේ
විශේෂඥ වෛද්‍යවරයා පැවසී ය.
පසු කලක මරණාසන්න අවස්ථාවේ දී ඔහු ඒ වචන අඹු දරුවන්ට
පැවසී ය. අනතුරුව සන්සුන් ලෙස අවසන් හුස්ම හෙළී ය. ඔහුගෙන් නෑ මිතුරන්ට ලැබුණු
අවසන් තිළිණය වූයේ ඒ වචන ය. එමගින් තමන්ගේ වියෝ දුක ද වසන් වන බව ඔවුහු තේරුම්
ගත්හ.
0 comments:
Post a Comment