කරුණාව සුන්දර පරවියකු වශයෙන් උපකල්පනය කළොත්, ප්‍රඥාව උගේ පියාපත් ය. ප්‍රඥාවෙන් තොර කරුණාව, කිසි විටක පියසර නො කරයි. බාලදක්ෂයෙක්, වයස්ගත කාන්තාවක, රථවාහන අධික මාර්ගයක් හරහා කැඳවා ගෙන යාමෙන් යහපත් ක්‍රියාවක් කලේ ය. ගැටළුව වූයේ, ඇයට පාර හරහා යාමට අවස්ථාවක් නොතිබීම ය. ඒ බව ඔහුට පැවසීමට නොහැකි තරමට, ඇය වික්ෂිප්ත වී සිටියා ය.
අවාසනාවකට මෙන්, ඒ කතන්දරයෙන් විස්තර වන්නේ, කරුණාවේ නාමයෙන්
ලොව සිදු වන දේවල් ය. අප බොහෝ විට සිත ගෙන සිටින්නේ,
අනෙක් තැනැත්තාට අවශ්‍ය දේ අප දන්නා බව ය.
උපතින් ම බිහිරු වූ තරුණයෙක්, නිතිපතා සිදු කළ වෛද්‍ය
පරීක්ෂණයක් සඳහා, දෙමාපියන් සමග වෛද්‍යවරයා වෙත ගියේ ය.
වෛද්‍ය සඟරාවක දකින්නට ලැබුණු නවතම වෛද්‍ය ක්‍රියාමාර්ගයක් පිළිබඳව, වෛද්‍යවරයා දෙමාපියන්ට දැන්වීය. සරල, ලැබ ශල්‍ය
කර්මයක් මගින්, උපතින් ම බිහිරි අගයෙන් 10% දෙනෙකුට, සම්පූර්ණ ශ්‍රවණය ලබා දිය හැකි බව, ඒ සඟරාවේ
සඳහන්ව ඇති බවත්, දෙමාපියන්ගේ අනුමැතිය ඒ සඳහා අවශ්‍ය
බවත්, වෛද්‍යවරයා පවසූ විට,
ඔවුහූ එක හෙළා ඊට කැමති වූහ.
ඒ අනුව, තරුණයාගේ ශ්‍රවණ ශක්තිය, මුළුමනින් ප්‍රකෘතිමත්
කරන ලදී. එවිට දෙමාපියන් සහ වෛද්‍යවරයා කෙරෙහි ඔහු තුළ ඇති වූයේ දැඩි කෝපයකි. ශල්‍යකර්මය
පිළිබඳව ඔවුන් අතර ඇති වූ සාකච්ඡාව ඔහුට නෑසුණු අතරම ඊට ඔහුගේ අනුමැතිය විමසා නො
තිබිණි. නිරන්තර ඝෝෂාවෙන් ඇති වූ පීඩාව, දර ගත නොහැකි බවට
ඔහු මැසිවිලි නැගී ය. ශ්‍රවණය ලබා ගැනීමට ඔහුට කිසි විටක අවශ්‍ය නො වී ය.
දෙමාපියන්, වෛද්‍යවරයා පමණක් නොව මා ද, එතෙක් සිත ගෙන
සිටියේ, හැම දෙනා ම ශ්‍රවණය කිරීමට කැමති බව ය. එබඳු
අනුමාන කිරීම් මගින් උද්ගත වන කරුණාව, අඥාන මෙන් ම
අනතුරුදායක ය.
0 comments:
Post a Comment