භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Tuesday, January 18, 2022

ඔබේ හදවත විවර කරන්න - Open Your Heart..

 අජාන් බ්‍රක්මවංසෝ හිමියන්ගේ දේශනා රැගත් පරිවර්තිත පොත කොටස් වශයෙන්...

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.

ශතවර්ෂ කීපයකට පෙර ආසියාවේ වනගත ගල්ගුහාවක භික්ෂූහු සත් දෙනෙක් භාවනා කරමින් සිටියහ. භාවනාවෙහි මාතෘකාව වූයේ මීට පෙර කතාන්දරයේ මා විස්තර කළ අසීමිත ආදරය යි. භික්ෂු පිරිස අතර නායක භික්ෂුව උන්වහන්සේගේ සහෝදරයා සහ උන්වහන්සේගේ හොඳම මිතුරා වූ අතර සතර වැනි භික්ෂුව නායක භික්ෂුවගේ සතුරෙක් විය. ඔවුන් දෙදෙනා අතර කිසිම එකමුතුවක් නොවීය. පස්වැනි භික්ෂුව පසු වූයේ ඉතා වයස්ගත තත්ත්වයක ය. සයවැනි භික්ෂුව රෝගියෙකු වූ අතර සත්වැනි භික්ෂුව වැදගැම්මකට නැති, භාවනා කරන අවස්ථාවේ නින්දෙන් ගොරවන, පිරිත් සූත්‍ර අමතක, තාලය වරදවා සජ්ජායනය කරන කෙනෙකි. සිවුර නිසි පරිදි පොරවා ගෙන සිටීමට ද ඔහු අසමත් විය. එහෙත් ඔහුගේ ස්වභාවය විඳ දරා ගෙන සිටි සෙසු භික්ෂූහු, තමන්ට ඉවසීම ඉගැන්වීම ගැන ඔහුට ස්තූති කළහ.

දිනක්, ඒ ගල්ගුහාව පිළිබඳව කොල්ලකරුවෝ පිරිසක් දැන ගත්හ. ඉතා අප්‍රකට, ගුප්ත ස්ථානයක පිහිටි බැවින්, එය තමන්ගේ මූලස්ථානය බවට පත්කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. ඒ සඳහා සියලු ම භික්ෂූන් මරා දැමීමට ඔවුහු තීරණය කළහ. වාසනාවකට මෙන්, නායක භික්ෂුව සිත් දිනා ගැනීමට සමත් අයෙකු වූ බැවින්, එක් භික්ෂුවක හැර ඉතිරි අයට පිට වී යාමට ඉඩ දීමටත්, ගල්ගුහාව පිහිටි තැන කිසිවකුට නො දන්වන බවට අනතුරු ඇඟවීමක් වශයෙන් ඒ ඉතිරි භික්ෂුව මරා දැමීමටත්, කොල්ලකරුවන් එකඟ කරවා ගත හැකි විය.

බිලි දිය යුත්තේ කුමන භික්ෂුව දැයි මිනිත්තු කීපයකින් තීරණය කිරීමට, නායක භික්ෂුවට කොල්ලකරුවන්ගෙන් අවසර ලැබිණි.

මා මේ කතන්දරය පිරිසකට පවසන විට, ප්‍රශ්නයක් ඇසීම සඳහා මදක් නතර කරමි.

“ඔබ සිතන පරිදි බිලි දීම සඳහා නායක භික්ෂුව තෝරා ගත්තේ කවුරුන් ද ?”

එබඳු ප්‍රශ්න මගින්, මගේ දේශනය අතරතුර නිදන්නට සැරසෙන අය ඉන් වැළකීමටත්, දැනටමත් නිදන අය අවදි කිරීමටත් හැකි වේ. භික්ෂු පිරිසෙහි සිටි සත් දෙනාගේ ස්වභාවය ගැන මම යළිත් පිරිසට සිහිපත් කරමි.

“අර සතුරු භික්ෂුව තෝරා ගන්න ඇති”

“නෑ. වැරදියි” මම ඒ පිළිතුර ප්‍රතික්ෂේප කරමි.

“නායක භික්ෂුවගේ සහෝදරයා ද?”

“වැරදියි”

වැඩි දෙනාගේ මතය වුයේ වැදගැම්මකට නැති භික්ෂුව තෝරා ගත් බවය. අප කෙතරම් අකාරුණික ද?. සුළු විනෝදයකින් පසු මම පිළිතුර හෙළිදරව් කරමි.

“කිසිවෙකු තේරීමට නායක භික්ෂුවට නොහැකි විය.”

සොහොයුරාටත්, හොඳම මිතුරාටත්, වයස්ගත භික්ෂුවටත්, රෝගී භික්ෂුවටත්, සතුරු භික්ෂුවටත්, වැදගැම්මකට නැති භික්ෂුවටත්, නායක භික්ෂුව දැක්වූ ආදරය, හැම අතින් ම එක සමාන විය. අසීමිත ආදරය පිළිබඳව ඔහු පරිපූරණත්වයට පත්ව සිටියේය. ඔහු ද සෙසු භික්ෂූන්ට මෙසේ පැවසීය.

“ඔබ කුමක් කලත් කවුරුන් වුවත් මගේ හදවත හැමදාම ඔබට විවෘතයි.”

අසීමිත ආදරයෙන් පෝෂණය වූ නායක භික්ෂුවගේ හදවත, හැම දෙනා සඳහා මුළුමනින් ම විවෘතව තිබිණි. ඉතා තියුණු ලෙස ඔහු අන්‍යයන් කෙරෙහි පැවති ආදරය, තමන් කෙරෙහි පැවති ආදරයට සමාන විය. ඔහුගේ හදවත තමන් වෙත ද එක සේ විවෘතව පැවතිණි. බිලි දිය යුත්තේ තමන් ද නැත්නම් වෙන කෙනෙකු දැයි ඔහුට තෝරා ගත නොහැකි වූයේ එබැවිනි.

“තමන්ට මෙන් තම අසල්වැසියාට ද ප්‍රේම කළ යුතුය” යනුවෙන් බයිබලයේ සඳහන් වන බව, මම ක්‍රිස්තු භක්තිකයින්ට සිහිපත් කරමි.

බිලි වීම සඳහා නායක භික්ෂුව තමන්වම තෝරා ගනු ඇතැයි වැඩි දෙනා සිතුවේ මන්ද?. අපේ සංස්කෘතියට අනුව අප හැම විටම අනුන් වෙනුවෙන් පරිත්‍යාග කරන්නේ මන්ද? අපට ම ආදරය කරන සැටි අප තවමත් ඉගෙන ගෙන නැත.

“ඔබ කුමක් කලත්, මගේ හදවත ඔබට විවෘතයි” යනුවෙන් පැවසීම ඔබට අපහසු විය හැකිය. එහෙත් ‘මා කුමක් කලත්, මගේ හදවත මට ම විවෘතයි” යනුවෙන් පැවසීම ඊට බෙහෙවින්ම අපහසු ය.

තමන්ට ම ආදරය කිරීම යනුවෙන් මා අදහස් කරන්නේ, එයයි. එය හැඳින්වෙන්නේ දයාන්විත බව යනුවෙනි. එය සාපරාධී හැඟීම නමැති සිරගෙයින් පිටතට පිය නැගීමකි, එය තමන් සමග සමාදාන වීමකි. ඒ වචන අවංකව, තමන්ට ම පැවසීමට ඔබට ධෛර්යය ඇත්නම් ඔබ එවිට උත්කෘෂ්ට ආදරයක තත්ත්වය අත්විඳිනු ඇත. යම් දිනෙක රැවටීමකින් තොරව ඒ වචන අපට ම කියා ගැනීමට සිදු වනු ඇත. එසේ කිරීම අප මෙතෙක් පියමං කර තිබුණු අපේ ම අංශයක් ආපසු අප වෙත පැමිණීමට සමාන ය. එකමුතු බවක්, පිරිපුන් බවක්, නිදහස් ආස්වාදයක් සිතට දැනේ. අප සැබවින්ම තවමත් කෙනෙකුට ආදරය දක්වන බව වැටහෙන්නේ අප එසේ තමන්ට ආදරය කරන විටය.

තමන් වෙත එබඳු ආදරයක් පිරිනැමීම සඳහා ඔබ සර්ව සම්පූර්ණ පුද්ගලයෙකු වීම අවශ්‍ය නොවේ.

බිලි දිය යුතු භික්ෂුව තෝරා ගැනීමට නායක භික්ෂුව අපොහොසත් වූ විට, ඔවුන් සත් දෙනාට සිදු වුයේ කුමක් දැයි, බොහෝ විට මගෙන් විමසති. වසර කීපයකට පෙර අසා තිබුණු ඒ කතාන්දරයේ ඔවුනට සිදු වූ දේ ගැන කිසිවක් සඳහන් නොවුවත්, ඊළඟට සිදු වූයේ කුමක් දැයි මම දනිමි. ඇත්ත වශයෙන් මම ඒ පිළිබඳ උපකල්පනය කළෙමි. තමන්ට කිසිවෙකු තෝරා ගත නොහැකි වීමට හේතුවෙත් ආදරයේ සහ දයාවේ අර්ථයත් නායක භික්ෂුව පැහැදිලි කළ විට කොල්ලකරුවෝ බෙහෙවින් පැහැදුණහ. භික්ෂූන්ට ජීවිත දානය දීමට අමතරව, සියලුම කොල්ලකරුවෝ පැවිදි වූහ.


Thursday, January 13, 2022

සාපරාධී හැඟීම් / අසීමිත ආදරය


 

සාපරාධී හැඟීම් සදහටම අත්හැරීම

 

සාපරාධි හැඟීමෙන් ඉවත්ව යන මේ ගමනේ වඩාත් ම අසීරු අවස්ථාව, අප සමාව ලැබිය යුතු බව අපටම ඒත්තු ගැන්වීමය. මෙතෙක් පැවසූ කතන්දර අපට සහාය වීම සඳහා වන අතර බන්ධනාගාරයෙන් පිටතට අවසන් පියවර තැබීම තමන්ම කළ යුතුය.

මාගේ මිතුරෙක් ළමා කාලයේ දී සිය හොඳම මිතුරා සමග පාලමක් උඩ සෙල්ලම් කරමින් සිටියේය. ඔහු විහිළුවට මෙන් සිය මිතුරා  වතුරට තල්ලු කළ විට දියේ ගිලී මළේය.

වසර ගණනාවක් යන තුර මගේ මිතුරා ජීවත් වූයේ තමන් අතින් වූ වරද පිළිබඳ අතිශය වේදනාත්මක හැඟීමකින් යුතුවය. දියේ ගිලී මළ මිතුරාගේ දෙමාපියන් ජීවත් වූයේ යාබද නිවසේය. ඔවුන්ට සිය එකම පුතා අහිමි වූයේ තමන් නිසා බව මගේ මිතුරා දැන සිටියේය. තමන් තවදුරටත් ඒ හැඟීමෙන් වේදනා විඳීමට අවශ්‍ය නැති බව එක් උදෑසනක ඔහුට වැටහිණි. තමන්ගේ ම බන්ධනාගාරයෙන් පිටතට ඔහු පිය නැගීය.

 

අසීමිත ආදරය

 


මගේ වයස අවුරුදු දහතුනක් වූ විට මගේ පියා මා දෙසට හැරී, මගේ ජීවිතය වෙනස් කිරීමට හේතු වූ වචන කීපයක් පැවසීය. ඒ අවස්ථාවේ ඔහුගේ අබලන් කාරයෙන් ලන්ඩන් උප නගරයක් මැදින් අපි දෙදෙනා ගමන් කරමින් සිටියෙමු.

“පුතා, ඔයා ජීවිත කාලය තුළ කුමන කාර්යයක් කළත් මේක මතක තියා ගන්න. මගේ නිවසෙහි දොර හැමදාම ඔබට විවෘතයි.”

නවයොවුන් වියේ සිටි මට එහි අදහස හරි හැටි නොවැටහුණත් එය වැදගත් අදහසක් බව දැනුණු බැවින් මතක තබා ගතිමි. ඊට තෙවසරකට පසු මගේ පියා මියගියේය.

මා ඊසාන දිග තායිලන්තයේ දී පැවිදි වූ විට, මගේ පියා පැවසූ වචන යළිත් මෙනෙහි කලෙමි. එකල අප ජීවත් වූයේ ලන්ඩන් නුවර දිළිඳු පෙදෙසක රජයේ සහනාධාරවලින් ඉදිකරන ලද කුඩා නිවසකය. එහෙත් මගේ පියා සැබවින්ම අදහස් කළේ ඒ නිවස නොවූ බව මට වැටහිණි. රෙදි කැබැල්ලක දවටන ලද මැණිකක් මෙන්, ඔහුගේ වචනවල රැඳී තිබුණේ ආදරය පිළිබඳ ඉතාමත් පැහැදිලි ප්‍රකාශයකි.

“පුතා, ඔයා ජීවිත කාලය කුමන කාර්යයක් කලත් මගේ හදවත හැමදාම ඔබට විවෘතයි.”

මගේ පියා මට ප්‍රධානය කළේ කොන්දේසි විරහිත අසීමිත ආදරයකි. මා ඔහුගේ පුතා වීම ඊට ප්‍රමාණවත් විය.

එවැනි වචන තවත් කෙනෙකුට පැවසීමට කොන්දේසි විරහිතව ඔබේ හදවත විවෘත කිරිමට ධෛර්යයත්, බුද්ධියත් අවශ්‍යය. එසේ කළොත් ඔවුන් අයුතු වාසි ලබා ගනිතැයි ඇතැම් අය බිය වීමට ඉඩ තිබේ. එබඳු ආදරයක් තවත් අයෙකුගෙන් ඔබට පිරිනැමෙන විට එය ඉතා අගනා තිළිණයක් වැනිය. ඔබ එය කෙනෙකුට අවංකව මුළු හදින් ඒ වචන පැවසුවහොත්, ඔබේ ආදරය පිළිගැනීමට ඔහු හෝ ඇය දෑත් දිගු කරනු ඇත.


Thursday, January 6, 2022

සැහැල්ලුවෙන් ජීවත් වීමට


 

පින්වත්නි, අද ධර්ම දේශනාවට මාතෘකා කලේ දුත ධර්ම... ගැන කියන්න. ජීවිතේ ලස්සන කරන ආභරණ වෙන දුත කාරණා 5ක්.

අපි අද හිතන්නෙ ටයිල් කරල තට්ටු දෙකට ගෙයක් හැදුව, ස්විමින් පූල් එකක් හැදුව, ණය වෙලා හරි ලෝන් එකක් ගත්ත. ගෙදර සාලෙට ඇතුල් වෙනකොටම බාර් එකක් තියෙන්න ඕන. දැන් කුස්සිය තියෙන්නෙ ගේ මැද්දේ. අපි හිතන්නෙ ඒවා ලස්සනයි කියල... ඒවා ලස්සන නෑ. ලස්සන කර ගන්න ඕන මනස. මනස ලස්සන නම් එතන තමයි දිවය ලෝකේ තියෙන්නෙ. අන්න ඒ විදිහට මනස ලස්සන කරගෙන ජීවත් වෙන්න අවශ්‍යය කරුණු 5ක්, ගිහි පැවිදි අපි කාටත් පොදුවේ දේශනා කරපු. පලවෙනි එක තමයි අප්පිච්චතා. අප්පිච්චතා කියන්නෙ අල්පේච්ඡතාව. සැහැල්ලු බව. වැඩිය බඩු පුරවගත්තම තමයි ප්‍රශ්න. අපිස් ජීවිතයක්. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕන... ණය වෙලා ලෝන් ගහල, මේ දවල්වල පේනවනෙ. මාස දෙකතුන දැන් ගෙවන්නකො. මිනිස්සු හිතුවේ නෑ. මේක දැන් අවුරුදු දෙකතුන තව දිග උනොත්. නයයි. සැනසිල්ලක් තියෙනවද එතකොට ගේ ඇතුලේ. සෝබනේට ජීවත් වෙච්ච අය තමයි දැන් වැඩිපුර කෑ ගහන්නෙ. ඇයි සෝබන වැඩ කරා වැඩි. ඒ නිසා දැන් අමාරුවේ වැටුන. මේ විදිහට මොන විදිහේ මොන ප්‍රශ්නය ආවත් අල්පේච්ච ජීවිතයක් නම් තියෙන දේ කන්න පුරුදු වෙන්න ඕන. ඉස්සර මිනිස්සු එහෙම නෑනෙ. උදේ උයපු දේ දවල් කෑවා. දවල් තියෙන ඒවා රෑට කෑවා. දැන් එහෙම තියෙනවාද. උයල උයල විසිකරන ගෙවල් දැන් තියෙන්නෙ. හරියට නාස්ති කරන රටක් අපි. ගන්න පඩිය ඉවරයි. ඉතිරියක් නෑ. මොකද..? තමන්ගෙ තරමට වඩා වියදම් කළා. එක වැරදී. ගිහි පැවිදි කාටත් හදිස්සියකට ගන්න මොනවහරි තියෙන්න ඕන. ආපදාසු භවිස්සති. දැන් කොරෝනා කලින් කියලද අවෙ. කියල ආවනම් ලෑස්ති වෙනවනෙ. ඒ නිසා අප්පේච්ච බව. චාම් බව, සරල බව.. දැන් ගෙදරක උනත් වැඩිය බඩුමුට්ටු ගොඩක් තිබුනම කැතයි. සත්තුත් එනව...තැනක් ලස්සන බඩුමුට්ටු අඩුවෙච්ච තරමට. මනුස්සයෙක් ලස්සන, ආභරණ අඩු වෙච්ච තරමට. එයා චාම්.. ලස්සනයි, සරලයි. දෙවෙනි කාරණාව සන්තුට්ටිතාව. සන්තුට්ටිතාව කියන්නෙ ලැබිච්ච දෙයකින් සතුටු වීම. ඒක ගුණයක්. එහෙම කියනවද අපි. පුළුවන්ද කියන්න බෑ. කොච්චර හම්බවුනත් මදි. ඇති කියපු කෙනකේ නෑ... මදි මදි කියල නැගිට්ට වෙලේ ඉඳන් නිදහස නෑ. වැඩ දා ගන්නවා. සන්තුට්ටි පරමං ධනං. ලෝකේ ධනවතා තමයි සතුටින් ඉන්න කෙනා. බොහොම සතුටින් ඉන්න පුළුවන් නම් එයා දිනුම්. හැම දෙකින්ම වියදම් කරලා හොයන්නෙ අපි සතුට.. අන්තිමට එතන තියෙන්නෙ දුක. සතුට තියෙන්නෙ මේ සිතේ. උදේ සතුටින් නැගිටින්න ඕන දවස වාසනාවන්ත වෙන්න. කේන්තියෙන් නැගිට්ටොත් දවසම මූසලයි. රෑට ඇඳට ගියාමත් ඒ දවස හිතල සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන... එයාට හොඳට නින්ද යනවා. නරක දේවල් කරපු කෙනාට, ඇඳේ පෙරලි පෙරලි ඉන්න වෙනවා. හෙට මේක අහුවුනොත් ඔෆිස් ගිහින් ඉවරයි. අම්ම, තාත්ත දැනගත්තොත් ඉවරයි... බයයි. නින්ද යන්නෙ නෑ රෑට. ගැස්සි ගැස්සි ඇහැරෙනවා. සැනසිල්ල නෑ. ඊළඟට සල්ලෙකතා.. කරණීයමෙත්ත සුත්‍රයේ තියෙන්නෙ සැහැල්ලු බව සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. සැහැල්ලු බව කියන්නෙ ඕනවට වඩා ප්‍රශ්න කරට ගන්නෙ නෑ. ප්‍රශ්න දාගන්නේ නෑ. දැන් අපි ළඟ ඒ සැහැල්ලු ගතිය නෑනෙ... දැන් ඔය ඇත්තෝ උනත් කල්පනා කරල බලන්න ප්‍රශ්න තියෙනවද.. නෑ. දැන් මහන වෙච්ච මට කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් මං විඳවන්නේ අනුන්ගෙ ප්‍රශ්න නිසා. මට නිකං වළඳන්න දෙනවා. අඳින්න ඇඳුමේ ඉඳල.. සබන් කෑල්ලක්වත් මං ජීවිතේට අරං නෑ. මට ලැබෙනවා. ඉතින් මට මොන ප්‍රශ්නද. පංසලේ ඉන්න අයගේ ප්‍රශ්න අපි අපිට ගත්තොත්, අපිට සැනසිල්ල නැති වෙනවා. එකනෙ මේ කොන්ඩෙත් කපල දාන්න කිව්වෙ. මේක තිබුනොත් හෝදන්න ඕන, පිහ දාන්න ඕන, වේලන්න ඕන..  හරිම සැහැල්ලුයි, සනීපයි. ඒ සැහැල්ලුව දැනෙන්නෙ තට්ටේ තියෙන අයට. දැන් අපේ පංසලේ කොල්ලෙක් හිටිය විනාඩි 30ක්, 35ක් යනවා කොන්ඩේ පීරන්න. හාමුදුරුවොන්ගෙ ජීවිතේ සැහැල්ලු වෙන්න තමයි හදල තිබ්බෙ. සිවුරු 3යි පාත්තරයයි. කුරුල්ල වගේ... පියාපත් බර විතරයි. දැන් අද ඉන්න අපිට එහෙම බෑ.. දැනුත් යතුරු කැරැල්ල ඉනේ තියෙන්නෙ. ඔන්න දා ගත්ත ප්‍රශ්න. නීරෝගීකමට බලපානවා ඒක. දැන් සීනි හැදෙන්නෙ, පෙෂර් හැදෙන්නෙ සීනි කාලම නෙමෙයි ආතතියට.. සතුට නැති කම. බලන්න මොන මොහොතේ බැලුවත් සමහරු කිපිලමයි ඉන්නෙ සර්පයො වගේ. ගණන් ගන්න හොඳ නෑ.. ඇයි මේ එක දෙයක්වත් මගේ නෙමෙයි. මට ඕන විදිහට එකක්වත් තියා ගන්න බෑ. මගේ ශරීරයවත් මට ඕන විදිහට තියා ගන්න බැරි නම් කොහොමද මේ අනිත් උන්ව තියා ගන්නෙ... ඉතින් අපි එක හිත හිත වද විඳින්න, අඬන්න ගියොත් අපි මෝඩයො... අපි කියන්නෙ නෑ එකපාර අතෑරපං කියල. හදා ගන්න බැරිනම් මොකද කරන්නෙ. සීලයේ අංගයක් තමයි සැහැල්ලු බව.

ඊළඟට පවිවෙකතා.. විවේකය. දැන් මේ කාලේ හොඳ විවේකයක් තිබුණනෙ. හැබැයි 90%ම කලේ මොනවද.. නිදා ගත්ත එක. සමහරු ආඩම්බරයෙන් කියනව උදේ 11 වෙනකං නිදි. නැගිටලා නාල, කාල ආයෙ නිදි. රෑටත් අයෙ නිදි ඕක කාලකන්නි කමක්... ඒක විවේකයක් නෙමේ. කායික විවේක. මානසික විවේක කියල දෙකක් තියෙනවා. අද බොහෝ අයට එකට වාඩි වෙලා එකට කන්න විවේකයක් නැහැ. දැන් වැඩ වැඩී.. Tv එක දාගෙන කැරපොත්තවත් කනවා. ඔහෙ ගිලගෙන ගිලගෙන යනවා. දැන් ඩ්‍රයිවින් කරන ගමන් කනවා. උදේ කන්න වෙලාව නෑ. ඇයි ඒ.. කලින් පොඩ්ඩක් නැගිටලා කාල ගියා නම් ඔය ප්‍රශ්නෙ නෑනෙ.  විවේකයක් තියෙන්න ඕන... පොතක් බලන්න. මැෂින් වාගේ වැඩ කරලා කරල මැරෙන්න හොඳ නෑ. විවේක සිතට තමයි ධර්මය දැනෙන්නෙ. විවේක තැනකටනෙ බුදුහාමුදුරුවෝ භාවනා කරන්න යන්න කිව්වෙ. ආරණ්‍යයගතෝවා, රුක්ඛමූලගතෝවා කිව්වෙ ඒකනෙ. අද විවේකි කියල කාමර වල වහගෙන කරන්නෙ මොකක්ද.. කුණුහරුප. කාමරවලට දොරවල් ආව. තාත්ත එකක. පුතා එකක, අම්ම එකක.. ගේ මංකොල්ල කෑවත් උන් දන්නෙ නෑ. ඒක විවේකයද.. ඒක රාගේ ඇවිස්සෙන වැඩක්. බලන්න ඕන නැති ඒවා බලල බලල මොලේ විකෘති වෙලා. අනුන්ගෙ ඕප දූප, නිරුවත.. ඒවා බලල අපි පව් පුරව ගන්නවා. විවේක වෙලාවට හොද පොතක් වගේ කියවන්න ඕන.. කියව කියව ඉන්නකොට නිදි මතම නම් නිදියගන්නව. නිදියනවා කියල හැම තිස්සෙම නිදි නම් ඒක කුසීත කම. අනිද්දා නුවර යන්න තියෙනවා කියල අද ඉඳල බුදියන් හරියනවද. ආයේ නුවර ගිහින් ඇවිත් දවස් දෙකක් නිදි. ලෙඩ උනාමත් නිදි. ලෙඩේ සනීප උනාමත් නිදි. අද වහිනවා එත් නිදි. කන්න කලිනුත් නිදි කෑවට පස්සෙත් නිදි. ඕකට කියන්නෙ කාලකන්නිකම කියල. ඒක තිරිසන් ගතියක්. හොඳ විවේකයක් හදා ගන්න ඕන පවුලත් එක්ක කතා කරන්න. අඩුපාඩු එතකොට තමයි තේරෙන්නෙ. එහෙම උනාම තමයි ගෙදර නෝනා කෝප්ප, පිඟන් පොළොවේ ගහන්නෙ. ප්‍රශ්න.... කියන්න කෙනෙක් නෑ. එහෙම උනොත් පවුල ගිනි ගොඩක් වගේ.

පස්වෙනි කාරණාව තමයි ඉඩමට්ටිතා. මෝඩකම... මේ ඔක්කොම කරන්නේ මෝඩකමනෙ. මුලා උනොත් ප්‍රශ්න වැඩී. ඒ නිසා බුදු හාමුදුරුවෝ දේශනා කරේ පහසු ක්‍රමයක්. අටපිරිකරයක් පූජා කර පමණින් නිවන් ලැබෙන්නෙ නෑ. ඒ සඳහා යන ප්‍රතිපදාවක් තියෙනවා. සමහරුන්ට කන්න වෙලාවකුත් නෑ. නිදා ගන්න වෙලාවකුත් නෑ. අන්තිමට කරපු වැඩකුත් නෑ. දැන් අත්තෙන්ම මමත් කල්පනා කරල බැලුව, මාස ගානක් මෙහෙම හිටිය.. හරියට බලුවහම කරපු දෙයක් නැහැ. මාස ගානක් ඉවරයි කියන්නෙ. මාස ගානක් කනත්තට කිට්ටු වෙලා. ඉද නන්දති, මෙව් කරලා තිබුණ නම් හරි සතුටක් දැනෙනවා. සන්තුට්ටී, සතුටින් ඉන්න ඕන. උදේ කා එක්කත් හිනා වෙන්න ඕන. මේ ඔච්චමට හිනා වෙනවා නෙමේ. දැන් පිටරට යනකොට මිනිස්සු හිනා වෙනවා. උදේ දකිනකොට ගුඩ් මෝර්නින්. අඳුරල නෙමෙයි. ඒක අපි ඇයි පුරුදු වුනේ නැත්තෙ. අපේ ළමයෙක් ඉස්කෝලේ යනකොට මේවා පුරුදු කරා නම්. එහෙම කියනකොට අනිත් අයගෙන් ආශිර්වාද ලැබෙනවා. ළමය මුරකාරයට උදේ ගුඩ් මෝර්නින් කියාගෙන යනවනම්, ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමන් අර මනුස්සය රකින්නේ අර ළමයව... ඇයි අර උදේ ලැබෙන වචනෙ නිසා. මෙලොව ලැබෙන විපාක. ඒකනෙ මංගල සුත්‍රයේ වදාළේ “සුභාෂිත වචන කතාකරොත් මෙලොවයි පරලොවයි දිනනවා කියල. හොඳ වචන කතා කරන කෙනා සභාවේ මොනා හරි කීවම ඒක පිළිගන්නවා. ඒ නිසා අල්පේච්ච කම හැම තැනකම තියෙන්න ඕන. අවශ්‍ය කරන ඒවා ගන්න ඕන. පෙරේතකමට ඔක්කොම එකතු කරන එක නෙමේ. අවශ්‍ය දේ ගන්නවා. විවේකයක් තියෙන්න ඕන.. පොතක් බලන්න. දැන් කියවන්නෙ නෑනෙ ළමයි. දැන් යුරෝපෙ මං දැක්ක සමහර ගමන් තියෙනවා පැය 24ක් විතර යන්න ඕන ගමන. මිනිස්සු කරන්නෙම පොත් කියවන එකනෙ. කියවන්නෙ ඕන්නැති නවකතා. සමහර පොත් රාගය අවුස්සනව, ද්වේෂය අවුස්සනවා, තවත් සමහර ඒවා මෝඩකම වැඩි කරවනවා... අර්ථවත් පොතක් කියවන්න ඕන. ඒකට විවේකයක් තියෙන්න ඕන. හොඳට තේරුම් අරගෙන කියවන්න ඕන. එහෙම විවේක මනසකින් කියෙවොත් කරුණු අමතක වෙන්නෙ නෑ.

සල්ලෙකතා - සැහැල්ලුවෙන් ඉන්න ඕන. ලෙඩ වෙනවා. ඊට පස්සෙ ලෙඩයි ලෙඩයි කියල මනසට ගත්තට පස්සෙ ලෙඩේ දෙක වෙනවා. ලෙඩක් හැදුනම බේත් ටිකක් අරං බොන්න ඕන. කරුමේ කරුමෙ කියල ඉන්නෙ නැතුව. ඕක ගණන් ගන්නෙ නැතුව ඉන්න ඕන. එක දෙයක් ගැන වැඩිය බැඳීම් නෑ. අද වෙලා තියෙන්නෙ බැඳල, හැම තැනකින්ම පැටලිලා. අන්තෝ ජටා - භාහි ජටා. එළියෙත් ප්‍රශ්න, ඇතුළෙත් ප්‍රශ්න. ඒ නිසා මේවා තේරුම් ගන්න ඕන.

මෝඩ කම දුරු කරන්න ඕන. අපි කවුරුත් මෝඩයි. නිවන් දකිනකං අපි මෝඩයි. නිවන් දැක්කම තමයි අපි බුද්ධිමත් වෙන්නෙ. එතකම්ම තියෙන්නෙ පොතේ දැනුම අපිට. අසරු දේ අසරු කොට, සරු දේ සරු කොට ගන්න ඕන. මෝඩකම කරන්නෙ ඒකෙ අනික් පැත්ත. අසරු දේ සරු කරලා පෙන්නනවා. සරු දේ අසරු කරලා පෙන්නනවා. ඒ නිසා හොඳට තේරුම් අරගෙන වැඩ කරන්න ඕන. දැන් මේ පෝලිම්.. පෝලිම් අද ඊයෙ ආපු එකක් නෙමේ. බුදුහාමුදුරුවෝ තමයි පෙන්නුවෙ, පෝලිම ලෝකෙට. පිණ්ඩපාතය ගියේ පේළියට. ලංකාවේ අපිට පෝලිම කියල දුන්නෙ මිහිඳු හාමුදුරුවෝ. ඒ ඉන්නකොට මීටරේ දුරින් ඉන්න ඕන. ඉස්සර බාලාංසේ ළමයි උදේ එලියෙ. මොකද උදේ අව්වේ තමයි විටමින් B, C තියෙන්නෙ. උදේ PT කියල පාඩමට. ළමයි අතේ දුරට මීටරෙන් තමයි ඉන්න ඕන. මේවා තිබුණ. අලුත් දෙයක් නෙමේ අපිට. දැන් යුරෝපෙ මඩ ගොඩක් හදල එකට දානවා චූටි ළමයිව... ප්‍රතිශක්තිකරණය. අපි අල්ලන්න එපා එපා කියල චූටි දේටත් ඉවරයි දැන්. ඒවා පොඩි කාලෙම ශරීරයට හදා ගන්න ඕන. බලන්නකෝ පේමන්ට් වල ඉන්න ළමයි. අපි චුට්ට  ඇත්තං ඩොක්ට ගාවට ගිහිල්ල.. ළමය නිකම්ම ලෙඩ වෙලා. ඔන්න අපි දාගත්ත ප්‍රශ්න. ආරෝග්‍යය පරමා ලාභා. මේ මොනවා තිබුනත් වැඩක් නෑ නීරෝගී කම නැත්තං. බැංකුවේ කොච්චර සල්ලි තිබුනත් වැඩක් නෑනෙ ලෙඩ උනොත්. අපේක්ෂා (පිළිකා) රෝහලට  යන්න උනොත්. ලේසිද කරන්ට් එක අල්ලනවා කියන එක. දැන් මං කාලෙකින් පිස්සන් කොටුවේ බණකට ගියා. පුදුම හිතෙනවා මොකක්ද මේ ඉතින් ජීවිතේ.. මේ තරුණ ළමයින්ට පිස්සු හැදිලා. ලස්සන ගෑනු, පිරිමි ළමයි. සතුට, අල්පෙච්චකම, සැහැල්ලුබව නෑ. ඒ නිසා මොළේ  විකෘති වෙනවා. අපි කන්නාඩියෙන් කොච්චර මූණ බලනවද. කොච්චර බැලුවත් වැඩක් නෑ මේ ඇතුළ බලන්න ඕන. ඒක තමයි නැණස කියල කියන්නෙ. මසැස නෙමෙයි. මහණ උනාට අපිටත් වරදිනවා. වරද සකස ගන්න ඕන. වරද උනා නෙ කියල ආයෙ කලොත්.. ඕන දෙයක් වෙච්චාවේ කියල, ඒක මෝඩයෙක්. කරපු කරුමෙ නැති වෙන්නෙ නෑ. ගොනා පසුපස බැඳී කරත්ත රෝදේ වගේ... නින්දා ලබන්න වෙනවා. කරපු වරදකුත් නෑ... දන්නෙ නෑ මොකක්ද කියල. මං එක උත්සවයකට ගියහම වෙච්ච දෙයක්. ඒ වාඩි වෙලා ඉන්න කොට තව හාමුදුරුවෝ දෙන්නෙක් මගේ දෙපැත්තේ... ඔහොම ඉන්නකොට මිනිහෙක් ආව එතනට. සුදු ඇඳගත්තු ෆයිල් මිටියකුත් අරගත්තු ටිකක් වයස කෙනෙක්. ඇවිල්ල මං එක්ක කතා කරලා ඇහුව තමුන්නාන්සෙ කොහිද කියල. මං කිව්වා කොළඹ. කොළඹ හරියට බණ කාරයො ඉන්නවා නේද කියල ඇහුවා. මං ඇහුව මෙහෙ නැද්ද කියල.. නෑ මෙහෙ ඉන්නෙ පිරිත් කාරයො කිව්වා. ඔය බණ කියන අය හරියට සල්ලි ගන්නව නේද කියල ඇහුව. මම නම් දන්නෙ නෑ.. ඔයාගෙන් එහෙම කවුරුහරි ගත්තද කියල ඇහුව... ඇයි අර බොරැල්ලෙ කෝවිද.... මාව දැකලන්ම් මගේ මූණට ඕක කියයිද. අර දෙනම බුස් ගාල හිනා උනා දෙපැත්තෙන්. අර උන්නාන්සෙ ඇහුව ඔයා බොරැල්ලෙ කෝවිද හාමුදුරුවෝ දකල තියෙනවද කියල. මිනිහ හිමීන් සැරේ ලිස්සල ගියා යන්න. අපි කරපු දෙයක් නෙමේ නමුත් කිව්වා. ඕක කරට ගත්තොත්. ඒ මිහිහට බණින්න, ගහන්න කරන්න ඕන නෑ.. ඒ මිනිහ ගියා යන්න. ඒක ඒ වේලේ වෙච්ච කරුමයක්.. සිනාමුසුව ඉන්න ඕන. ඕක අල්ලගෙන හිටියොත් නින්ද යන්නෙත් නෑ. ඇයි අර මිනිහ මට ඔහොම කිව්වෙ. කවුරුහරි කියලද. නෑ ඒක එතන තියල එන්න ඕන ඒ ප්‍රශ්නෙ.

ඔෆිස් එකේ ලොක්ක බැන්න. වැඩ කරන උන් හරියට වැඩ කලේ නෑ. ඒක ඔෆිස් එකේ තියල එන්න ඕන. ඒක උස්සගෙන ගෙදර ආවොත් තමයි ප්‍රශ්නෙ. එහෙම නැතුව ගෙදර ආවහම ඒකම කල්පනා කරකර. කන්නෙත් නෑ. බත් එකත් පොලේ ගහල, ළමයටත් ගහල, බල්ලටත් පයින් ගහල, ටෙලිෆෝන් එකත් පොලේ ගහල.. පාඩු කාටද. තමන්ටයි. මේවා කොහෙන් කෙලවර වෙයිද කියල මට තේරෙන්නෙ නෑ. තාත්ත කෙනෙක් මේක කිව්වෙ නාට්ටිය යනකොට කරන්ට් ගිහින්, මෙසේ තිබ්බ රිමොර්ට් එක අරං දුව ගහල tv එකට. තාත්තම කියනව මං පැන්න හාමුදුරුවනේ එළියට මට ගැහුවොත් කියල... ඉවසීම නෑ. බන්ධනාගාරෙට ගිහින් කතා කරන්න... ඔය ඔක්කොම ඉවසීම නැතුව වෙච්ච ප්‍රශ්න. ගෑණුත් එහෙමයි. තල්ලු කළා වැටිලා මැරිලා. මෝල් ගහෙන් ඔළුවට ගහල මැරිලා... මැරුණට පස්සෙ අතාරීද. දැන් අරක ඇතුළේ සැපයිද. මෙලොව විපාක. ඒ නිසා තමයි මේ කියන්නෙ මෝඩකම ආවම අම්ම තාත්ත පේන්නෙ නෑ. ඔය ළමයි දැන් හරි අකීකරුයි. අපි පොඩි කාලේ වගේ නෙමෙයිනෙ. අපි අයියට, අක්කට බයයි. අපේ ගෙවල් ළඟ හිටිය අයියයි, මල්ලියි. අම්මයි, තාත්තයි මැරිලා. මල්ලිටත් 30ක් විතර ඇති අපි පොඩි. අයිය එනකොට මල්ලි නැගිටිනවා, අපි වාඩි වෙලා. මල්ලි සිගරට් බොනවා. රේල් පාර පැත්තට ගිහිල්ල බීල පේර ගහේ කොළ කනවා. ගඳ එයි කියල. අයිය දන්නවා මූ සිගරට් බොනවා කියල. නමුත් ගෞරවයක් තිබුණ අයියට. දැන් පොඩි උන්.. ඉල්ලලා දෙනකකං බෑනෙ. කොරෝනා නිසා කඩ වහල තියෙන කාලේ ටිපිටිප් ඉල්ලලා පොඩි එකා අඬල. තාත්ත ගහල. උදේ ඇඳ යටට ගිය කොල්ල දවල් වෙනකං එන්නෙ නෑ. තාත්ත පාරට බහිනකොට හමුදාවෙන් අල්ලලා. ඇයි ඇඳිරි නීතියනෙ. මං ගිහිල්ල මිහිහවත් අරගෙන, කඩයකටත් ගිහිල්ල ටිපිටිප් අරං දුන්න. දැන් අවුරුදු 2, 3නේ ළමය ඔහොමනම් අවුරුදු 16, 17 වෙනකොට කොහොම වෙයිද. දැන් ළමයි ළඟ, ළමා කාලයක් නෑ. දැන් පැහිච්ච කාලේ තියෙන්නෙ. ලමයින්ට කියල කතන්දර, කවි තිබුණ දැන් ඕව කියල දෙනවද. වෙනස් උනා... ඒ නිසා මෝඩකම වැඩි. ඉස්සර අපේ ආච්චිලා, සීයල ඉස්කෝලේ ගිහිල්ල නෑ නමුත් ඒ ගොල්ලන්ගෙ දැනුම්. දැන් අවුරුදු 2,3 ලමයව ගේ ඇතුළේ දාල අපිට ඕන තැනකට ගිහින් එන්න පුළුවන්. ඌ අරක කොට කොට ඉඳි. ආයේ බෝනික්කෝ ඕනත් නෑ මොකක්වත් නෑනෙ... සෙල්ලං කාලේ දැන් නෑ.

ඒ නිසා අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕන සිල්වත්කම, ගුණවත්කම කියන්නෙ මේ සුදු ඇඳුමවත්, පානාතිපාතා, අදින්නාධානා කියා කියා ඉන්න එකවත් නෙමේ. ඒ පොරොන්දු වීමනෙ කරන්නෙ. ඉවසීම තියෙන්න ඕන, මෛත්‍රීය, කරුණාව, දයාව, අනුකම්පාව තියෙන්න ඕන. මිහිඳු හාමුදුරුවෝ ඇවිත් ඕව තමයි කිව්වෙ. දැන් මේ පොසොන් මාසෙනෙ. මිහිඳු මහරහතන් වහන්සේ එනකොට රජ්ජුරුවෝ මුවා පස්සෙනෙ දිව්වෙ... සත්ව කරුණාව කියල දුන්න. ඒක තමා මේ රටේ පෝයට සත්තු මරන්නේ නැත්තෙ. නීතියක් දැම්ම රජ්ජුරුවෝ සත්තු මරන්න බෑ... අන්න ඒ නිසා මේ දුත ධර්ම මනුස්සයෙක් ළඟ තියෙනවා නම් එයා බැබලෙනවා. සභාව මැද්දට ගියොත් එයාව කැපිල පෙන්වා. එයා කොහේ හරි යනවනම් එයා එක්ක යන යටත් ඒ වාසිය තියෙනවා... දැන් මාත් එක්ක දෙන්නෙක් යනවා කියමුකො. නිකං දෙන්නෙක්. දැන් මට තේ දුන්නොත් ඒ අයට තේ දෙන්නෙ නැද්ද. දෙනවා. ආ ඕගොල්ලොත් බීල යන්න.. ආ කාල යන්න. ඒ මගේ ළඟ ගුණයක් තියෙන නිසා. දැන් මගේ ළඟ ගුණයක් නැතිව හිටියොත් ඒ අයත් ගුටි කාල. මමයි ගහගන්න යන්නෙ... ඔය තියෙන්නෙ චන්ඩියොත් එක්ක ගිහින් ගුටි කාල අතපය කඩන් එන්නෙ. ඒ මොකද ගුණය නැති කම. ගුණය තියෙන තැනට ගහන්න හිතෙන්නෙ නෑ... ඔලුව නමන්න හිතෙනවා. මන්නෙ අතට ගත්තත් කොටන්න හිතෙන්නෙ නෑ. ඒක ඉබේම බිමට වැටෙනවා. ඒ නිසා තමයි මේවා බුදුහාමුදුරුවො දේශනා කරේ. අල්පේච්ච වෙන්න ඕන. තියෙන දෙයක් බෙදන්න ඕන. දීමයි, බෙදීමයි පුරුදු කරන්න ඕන. මේ කොරෝනා දවස්වල හරියට දකින්න ඇති ඔය ඇත්තො සමහර මිනිස්සුන්ට හරියට කන්න හම්බ වුනානෙ. දොරට තට්ටු කරලත් දීල යනවා. එක්කෙනක් කිව්වා හාමුදුරුවනේ මාස 10කට කන්න තියෙනවා කියල. ඒගොල්ලො දීල. සමහරුන්ට කිසිම දෙයක් හම්බුනේ නෑ. තියෙන සමහර මිනිස්සු හිඟන්නො බවට පත් වුනා. ඒ මොකද ගුණේටයි දෙයියොත් අපිට වඳිනවා කියන්නෙ, අතාරින්නෙ නෑ.

ගෙදර රෑට හැමදාම පැය භාගයක් පැයක් හොඳ හුස්මක් අරගෙන වැඩි වෙලා.. විවේක ගන්නකොට හොඳට හුස්මක් ගන්න ඕන. පීඩනයන් දුරුවෙනවා. ඒකනෙ ආනාපානාසතිය බුදුවෙන්න උපකාර කලේ. හොඳට හුස්ම අරගෙන බලනවා. චිත්ත විවේකීව. අද දවස ගැන. ඔය විදිහට කරලා මේ දුත ගුණ ඇති කර ගන්න. අල්පේච්ච කම, සන්තුට්ටි කම, සැහැල්ලුබව, විවෙකී බව, මෝඩනැති බව...

තෙරුවන් සරණයි !

Friday, December 24, 2021

අපි කවුරුත් වැරදිකාරයෝ වෙමු

 


සුපිරි වෙළඳසලකට ගිය දරුවෙක්

 

අපරාධයක් සිදු කළ අයකු වශයෙන් මිස අපරාධකරුවෙකු වශයෙන් කිසි විටෙක තමන් ගැන නො සිතන ලෙස මගේ බන්ධනාගාර මිතුරන්ට මම උපදෙස් දෙමි. ඔවුන් අපරාධකරුවන් බව පැවසුවොත් අපරාධකරුවන් වශයෙන් සැලකුවොත් තමන් අපරාධකරුවන් බව ඔවුන්ම කල්පනා කරතොත් ඔවුන් සැබවින්ම අපරාධකරුවන් බවට පත් වනු ඇත. එය ක්‍රියාත්මක වන්නේ එලෙසය.

සුපිරි වෙළඳසලක දී කුඩා පිරිමි දරුවෙකු අතින් කිරි පැකට්ටුවක් බිම වැටි පැලී හැමතැනම  කිරි ඉහිරිණි. “මෝඩ ළමයෙක්..!” ඔහුගේ මව දොස් කීවාය.

තවත් පිරිමි දරුවෙකු අතින් මී පැණි පැකට්ටුවක් බිම වැටි පැලී මී පැණි පොළොව මත විසිරිණි. “ඔයා කළේ මෝඩ වැඩක්.” ඔහුගේ මව දොස් නැගුවාය.

ප්‍රථම දරුවා සදහටම මෝඩයෙකු වශයෙන් හංවඩු ගසන ලද අතර දෙවැනි දරුවාගේ වරද පෙන්වා දුන් විට මෝඩකම් නතර කිරීමට ඔහු ඉගෙන ගනු ඇත.

තමන් අපරාධය කළ දින කරන ලද වෙනත් කාර්යන් පිළිබඳව මගේ බන්ධනාගාර මිතුරන්ගෙන් අසමි. එමෙන්ම ඒ වර්ෂයේ වෙනත් දිනවල දී වෙනත් වර්ෂවල දී ඔවුන් කළ වෙනත් කාර්යයන් ගැන විමසමි. ඉන් පසු මගේ ගඩොල් බිත්තිය පිළිබඳ කතන්දර ඔවුනට නැවත පවසමි. එහි වැරදි ලෙස තැන්පත් කරන ලද ගඩොල් හැර අනෙක් ගඩොල්වලින් අපරාධවලින් තොර අපේ ජීවිතය නියෝජනය වන බව ඔවුන්ට පෙන්වා දෙමි. ඇත්ත වශයෙන් අයහපත් ක්‍රියාවලට වඩා යහපත් ක්‍රියා බෙහෙවින් වැඩිය. ඔබ දැන් කඩා දැමිය යුතු අක්‍රමවත් බිත්තියක්ද..? එසේ නැතිනම් අප මෙන් අක්‍රමවත් ගඩොල් දෙකක් සහිත ක්‍රමවත් බිත්තියක්ද..? යනුවෙන් සිතා බැලිය යුතුය.

මට විහාරාධිපති තනතුර ලැබී බන්ධනාගාරයට යෑම නතර කර මාස කිහිපයකට පසු බන්ධනාගාර නිලධාරියෙකුගෙන් මට දුරකථන ඇමතුමක් ලැබිණි. ඔහු මට කළ ප්‍රශංසාව සැමදා අගේ කොට සලකමි. මගේ බන්ධනාගාර ශිෂ්‍යයින් සිර දඬුවම අවසන් වී පිටව ගිය පසු, යලිත් කිසි දිනක එහි නො පැමිණි බව නිලධාර්යා පැවසීය.

 

 

අපි කවුරුත් වැරදිකාරයෝ වෙමු

 

මීට ඉහත කතන්දරයේ දී බන්ධනාගාරයේ දී මා කටයුතු කළ අය පිළිබඳව මා කතා කළ නමුත් සාපරාධි හැඟීම නමැති සිරගෙදර සිරබත් කන කාහට වුවද ඒ උපදෙස් අදාළ වේ. අපේ හිත දොස් කියන ඒ ‘අපරාධයට’ අමතරව එදින තුළ ඒ දින තුළ, ඒ වර්ෂය තුළ, මේ ජීවිතය තුළ අප කළ වෙනත් කටයතු කවරේද..? බිත්තියේ ඇති අනෙක් ක්‍රමවත් ගඩොල් අපට පෙනේද..? අපේ වරදට හේතු වූ ඒ මෝඩ ක්‍රියාවෙන් ඔබ්බට අපට පෙනේද..? B පන්තිය පිළිබඳව අප පමණට වැඩි කාලයක් අවධානය යොමු කළොත් අප නියත වශයෙන්ම B පන්තියේ පුද්ගලයින් බවට පත්වනු ඇත. අප අපේ වරද නැවත කරමින් වැරදි හැඟීම් එක රැස් කරන්නේ ඒ නිසාය. එහෙත් අපේ ජීවිතවල සෙසු අංශ දකින විට තාත්වික අවබෝධයක් ලැබෙන විට හදවතෙහි විකසිත වන පුෂ්පයක් මෙන් විස්මිත බුද්ධියක් විවර වේ.