Tuesday, January 24, 2023

වැදගත් පුද්ගලයෙකු වන හැටි

 මා අපගේ ආශ්‍රමයේ ගත කළ ප්‍රථම වර්ෂයේ දී ගෙවල් තැනීම පිළිබඳව ඉගෙනීමට මට සිදු විය. මට පැවරුණු ප්‍රථම කාර්යය වූයේ, වැසිකිළි හයකින් සහ නාන කාමර හයකින් සමන්විත ගොඩනැගිල්ලකි. එබැවින් ජල නළ වෙළඳ සමාගමකට එහි සැලැස්ම ඉදිරිපත් කලෙමි. එය තරමක ලොකු ගනුදෙනුවක් විය. අවශ්‍ය ජල නළ කොටස් සහ ඒවා සවි කළ යුතු අන්දම පිළිබඳව එහි සිටි වෙළඳ සේවක ෆ්‍රෙඩි විසින් සවිස්තර පැහැදිළි කිරීමක් කරන...

Sunday, January 15, 2023

චාටු බසින් වුවද අවශ්‍ය ප්‍රතිඵල ලද හැකිය

 අප ගැන කරන ප්‍රශංසා ඇසීමට අප හැම දෙනා ම කැමති වුවත් බොහෝ විට අසන්නට ලැබෙන්නේ අපේ වැරදි ය. එය සාධාරණ බව සිතේ. අප හැම විට ම වාගේ කතා කරන්නේ අනුන්ගේ වැරදි ගැන ය. අප අනුන් ගැන ප්‍රශංසා කරන්නේ ම නැත. ඔබ කතා කරන විට ඊට සවන් දීමට උත්සහ කරන්න.ප්‍රශංසාවෙන් තොර වූ විට, යහපත් ගුණාංග ප්‍රතිෂක්තිමත් නො කළ විට ඒ ගුණාංග මැල වී යයි. එහෙත් සුළු ප්‍රශංසාවකින් ඒ ගුණාංගවලට රුකුලක් ලැබේ....

Saturday, January 14, 2023

ධනාත්මක සමාව

ආශ්‍රමයක් තුළ නම් සමාව දීම සාර්ථක විය හැකි යැයි ඔබ පවසනු මට ඇසේ. එහෙත් සාමාන්‍ය ජීවිතයේ දී එසේ සමාව දෙන විට අපෙන් අයුතු වාසි ලබා ගැනීමට ඉඩ තිබේ. අප දුර්වල යයි මිනිසුන් සිතනු ඇත. මම ඊට එකඟ වෙමි. එබඳු සමාව දීම පමණක් සාර්ථක වන්නේ කලාතුරකිනි. එක් කම්මුලකට පහර වැදුණු විට අනෙක් කම්මුල ද පෙන්වන තැනැත්තා දන්ත වෛද්‍යවරයා වෙත එක්ව වරක් නොව දෙවරක් යා යුතු යැයි කියමනක් තිබේ. මීට පෙර...

Friday, January 13, 2023

සමාව දීම මගින් කෝපය නිවීම

 කිසිවකු අපේ සිත රිද වූ විට ඔහුට දඬුවම් කළ යුතු පුද්ගලයා අප විය යුතු නොවේ. අප ක්‍රිස්තු භක්තිකයින් නම් මුස්ලිම්වරුන් හෝ යුදෙව්වන් නම් දෙවියන් වහන්සේගෙන් ඔහුට දඬුවම් ලැබෙන බව අප විශ්වාස කරමු. අප බෞද්ධයින් නම් හින්දුන් හෝ සීක්වරුන් නම් කර්ම බලය මගින් නිසි දඬුවම් ලැබෙන බව අපි දනිමු. එබැවින් වැරදිකරුට පාඩමක් උගන්වන පුද්ගලයා අප විය යුතු මන්ද? කෝපය අත් හැර, සමාව දීම මගින් එය නිවා...