භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Wednesday, June 7, 2023

ප්‍රඥාව යනු කුමක් ද

 

මා ශිෂ්‍යයකු වශයෙන් සිටිය දී, මගේ ගිම්හාන නිවාඩුවෙන් වැඩි කාලයක් ගත කළේ, ස්කොට්ලන්තයේ කඳුකර ප්‍රදේශවල ය. එහි පැවති හුදකලා බැවින්, සුන්දරත්වයෙන් හා නිසල බවින්, ඉමහත් ආස්වාදයක් අත් වින්ඳෙමි.

එක් සිහිකටයුතු සවස් කාලයක, උස් තුඩු හා කලපු අතරින් වැටී තිබුණු මුහුදු බඩ පටු මාවතක මම සක්මන් කරමින් සිටියෙමි. උණුසුම්, දීප්තිමත් සූර්යයා, මා අවට පැවති සුවිශේෂ සුන්දරත්වය විදහා දක්වන, විදුලි ආලෝක ධාරාවක් වැනි විය. කඳුගැට අතර ඔවිටියාය, වසන්ත සමයේ නැවුම් හරිත වර්ණයෙන් යුත් විල්ලුද වැනි තැන පඳුරු සහිත අනන්ත භූමි දර්ශනයක් සිරි ඉසිලී ය. රැලි නගන සයුරට ඉහළින් වූ ගිරි ශිඛර දිස්වූයේ මූර්තිමත් කරන ලද ‘දෙව්මැදුරු මෙන්. නිල්වන් සාගර ජලය මත සන්ධ්‍යා හිරු කිරණ දිදුලනු පෙනිණි. කාන්තිමත් වටපිටාවෙන් ප්‍රමෝදයට පත් වැහිලිහිණියෝ අහසෙහි සැරිසරන්නට වූහ. සොබා දහම, සිය උපරිම සෞන්දර්යය ප්‍රදර්ශනය කළා මෙනි.

ඉමහත් ප්‍රබෝධයෙන් යුතුව සක්මන් කරමින් සිටි මම, කඳුගැටය පාමුල පාර අයිනේ නතර කර තිබුණු කුඩා කාරයක් දුටුවෙමි. එදින පැවති සුන්දරත්වයෙන් වශී වූ එහි රියැදුරා, කාරය නතර කර එහි රස විඳිමින් සිටිනු ඇතැයි සිතුවෙමි. ඊහෙත් එතනට ළඟා වූ විට දකින්නට ලැබුණේ, ඉදිරි අසුනෙහි හිඳ ගත් මැදිවියේ පුද්ගලයෙකු පුවත්පතක් කියවමින් සිටින බවය.

පුවත් පත ඉතා විශාල වූ බැවින්, අවට දර්ශනය ඉන් ආවරණය විය. සාගරය, කඳුගැට, ඕවිටි ආදය වෙනුවට ඔහුගේ අවධානය යොමුව පැවතියේ, යුද්ධය, දේශපාලනය සහ ඕපාදූප කෙරෙහි ය. පුවත්පතට වැසුණු සෞන්දර්යය ඔහුට පෙනෙන පරිදි, මගේ ගමන් මල්ලෙන් කතුරක් ගෙන, එහි සිදුරක් කැපීමට මට සිතුණන්, ඔහු දැවැන්ත මිනිසකු වූ අතර, ම මගේ කුස පිරෙන්නට ආහාර නො ලැබුණු, කෙට්ටු ශිෂ්‍යයකු වූ බැවින් පුවත් පත කියවීමට ඔහුට ඉඩ දී මම ඉදිරියට ගමන් කළෙමි.

අපේ සිත් බොහෝ විට පිරී පවතින්නේ, යුධ ගැටුම්, සේවා ස්ථාන වන ආරවුල් ලොව ප්‍රකට පුද්ගලයින් පිලිබඳ ඔපාදූප ආදී, පුවත්පත් පුරවා ඇති අප්‍රසන්න ආරංචිවලිනි. අපේ සිත් තුළ ඇති ‘පුවත් පත’ වරින් වර හෝ බැහැර කිරීමට අප නො දන්නෙ නම්, අප ඊට වශී වී ඇත්නම්, අපට කිසි විටක, ස්වාභාවික සෞන්දර්ය ය පිළිබඳ නිර්මල ප්‍රමෝදය අත්විඳීමට නොහැකි වනු ඇත. ප්‍රඥාව කිසි විටක පහළ නො වනු ඇත.


Sunday, June 4, 2023

දරු සෙනෙහස

 

තම දරුවාගේ අවශ්‍යතා ගැන වඩාත් හොඳින් දන්නේ තමන් යයි දෙමාපියන් නිගමනය කිරීම, ගැටලුවක් බවට පත්ව තිබේ. බොහෝ විට ඒ නිගමන වැරදි වන අතර, නිවැරදි වන අවස්ථා ද තිබෙන බව, වසර දහසකට පමණ පෙර, චීන කවියකු වූ, සූ ටුං පෝ විසින් රචිත පහත දැක්වෙන පද්‍යයෙන් පැහැදිලි වේ.

මගේ පුතා උපන් විට

දරුවකු මේ ලොව උපත ලැබූ විට

ඔහු මහා නුවණැති දරුවකු වේ නම්

සතුටට පත් වෙති පවුලේ කවුරුත්

මගේ මුළු දිවිය ම නාස්ති වූයේ,

මහ නුවණැත්තකු වීම නිසයි

චූටි පුතා නූගතකු වුණොත්

ඒ වගේ ම අමනයකු වුණොත්

ශාන්ත වනු ඇත මුළු ජීවිතය ම

මතු දවසක වී ඇමති කෙනෙක්



Sunday, May 28, 2023

කරුණාවේ පියාපත්

 කරුණාව සුන්දර පරවියකු වශයෙන් උපකල්පනය කළොත්, ප්‍රඥාව උගේ පියාපත් ය. ප්‍රඥාවෙන් තොර කරුණාව, කිසි විටක පියසර නො කරයි. බාලදක්ෂයෙක්, වයස්ගත කාන්තාවක, රථවාහන අධික මාර්ගයක් හරහා කැඳවා ගෙන යාමෙන් යහපත් ක්‍රියාවක් කලේ ය. ගැට‍ළුව වූයේ, ඇයට පාර හරහා යාමට අවස්ථාවක් නොතිබීම ය. ඒ බව ඔහුට පැවසීමට නොහැකි තරමට, ඇය වික්ෂිප්ත වී සිටියා ය.

අවාසනාවකට මෙන්, ඒ කතන්දරයෙන් විස්තර වන්නේ, කරුණාවේ නාමයෙන් ලොව සිදු වන දේවල් ය. අප බොහෝ විට සිත ගෙන සිටින්නේ, අනෙක් තැනැත්තාට අවශ්‍ය දේ අප දන්නා බව ය.

උපතින් ම බිහිරු වූ තරුණයෙක්, නිතිපතා සිදු කළ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා, දෙමාපියන් සමග වෛද්‍යවරයා වෙත ගියේ ය. වෛද්‍ය සඟරාවක දකින්නට ලැබුණු නවතම වෛද්‍ය ක්‍රියාමාර්ගයක් පිළිබඳව, වෛද්‍යවරයා දෙමාපියන්ට දැන්වීය. සරල, ලැබ ශල්‍ය කර්මයක් මගින්, උපතින් ම බිහිරි අගයෙන් 10% දෙනෙකුට, සම්පූර්ණ ශ්‍රවණය ලබා දිය හැකි බව, ඒ සඟරාවේ සඳහන්ව ඇති බවත්, දෙමාපියන්ගේ අනුමැතිය ඒ සඳහා අවශ්‍ය බවත්, වෛද්‍යවරයා පවසූ විට, ඔවුහූ එක හෙළා ඊට කැමති වූහ.

ඒ අනුව, තරුණයාගේ ශ්‍රවණ ශක්තිය, මුළුමනින් ප්‍රකෘතිමත් කරන ලදී. එවිට දෙමාපියන් සහ වෛද්‍යවරයා කෙරෙහි ඔහු තුළ ඇති වූයේ දැඩි කෝපයකි. ශල්‍යකර්මය පිළිබඳව ඔවුන් අතර ඇති වූ සාකච්ඡාව ඔහුට නෑසුණු අතරම ඊට ඔහුගේ අනුමැතිය විමසා නො තිබිණි. නිරන්තර ඝෝෂාවෙන් ඇති වූ පීඩාව, දර ගත නොහැකි බවට ඔහු මැසිවිලි නැගී ය. ශ්‍රවණය ලබා ගැනීමට ඔහුට කිසි විටක අවශ්‍ය නො වී ය.

දෙමාපියන්, වෛද්‍යවරයා පමණක් නොව මා ද, එතෙක් සිත ගෙන සිටියේ, හැම දෙනා ම ශ්‍රවණය කිරීමට කැමති බව ය. එබඳු අනුමාන කිරීම් මගින් උද්ගත වන කරුණාව, අඥාන මෙන් ම අනතුරුදායක ය.


Thursday, May 25, 2023

සර්පයා, පුරපති සහ භික්ෂුව

 මම භික්ෂුවක වශයෙන්, අවුරුදු අටකට වැඩි කාලයක් තායිලන්තයේ ගත කළෙමි. බොහෝ විට මා ජීවත් වූයේ සර්පයින් බහුල ආරණ්‍ය සේනාසනවල ය. මා 1974 දී තායිලන්තයට පැමිණි විට, එහි සර්ප වර්ග සීයක් සිටින බවත් ඉන් වර්ග අනූනවයක් දරුණු විෂ සහිත බවත්, ඉතිරි වර්ගය වූ පිඹුරන් සතුන්ගේ ගෙල මිරිකා මරා දමන බවත්, මට දැන ගන්නට ලැබිණි.

ඒ කාලය තුළ හැම දිනක ම වාගේ සර්පයින් දක්නට ලැබිණි. වරක් මගේ කුටිය තුළ සිටි අඩි හයක් දිග සර්පයකු මට පෑගුණු විට, බියට පත් ඌත්, මාත්, වාසනාවකට මෙන් දෙපැත්තකට පැන්න නිසා එදා මම බේරුණෙමි. තවත් අවස්ථාවක අප පිරිත් සජ්ජායනය කරමින් සිටිය දී, එක් භික්ෂුවකගේ පිට දිගේ සර්පයකු බද ගානු දැනී, සිවුර ගලවා දැමූ විට ඌ ඉවතට ඇදී ගියේ ය. ආරණ්‍යවාසී භික්ෂූන් වශයෙන්, සියලු සතුන්ට මෛත්‍රී කිරීමට, අපට පුහුණුවක් ලබා දෙන ලදී. ඒ දිනවල, කිසි ම භික්ෂුවකට සර්පයින් දෂ්ට නො කළේ ඒ නිසා විය යුතු ය.

තායිලන්තයේ ගත කළ කාලය තුළ අතිවිශාල සර්පයින් දෙදෙනකු දුටුවෙමි. ඉන් එකෙක්, මීටර් හතක් පමණ දිග පිඹුරෙක් විය. ඊට අවුරුදු කීපයකට පසු මම නැවතත් ඌ දුටුවෙමි. ආශ්‍රමයේ සිටි තවත් භික්ෂූන් ද ඌ දැක තිබිණි. අනෙක් සර්පයා, නාග රාජයෙක් විය. ඌ දුටු විට, මම බිරාන්ත වීමි. තවත් අවස්ථාවක මීටර් දෙකක් පමණ වූ කැලෑ අඩිපාරක මම ගමන් කරමින් සිටියෙමි. තද කළු පාට සර්පයෙකු පාර හරහා ගමන් කරනු දැක, නතර වී බලා සිටියත්, උගේ හිස හෝ වලිගය මට නො පෙනී ගියේ, ඌ මීටර් දහයකට වඩා දිග බව ය. ඌ නාග රාජයකු බව, ගම්වැසියෝ මා සමග පැවසූහ.

අචාන් චා හිමියන්ගේ ශිෂ්‍යයකු වූ කුඩා සාමණේර භික්ෂුවක්, තවත් භික්ෂූන් පිරිසක් සමග, තායිලන්තයේ වනාන්තරයක භාවනා කරමින් සිටියේ ය. කිසි යම් සතකු එහි ළඟා වන ශබ්දය ඇසී, භික්ෂූන් ඇස් ඇර බැලූහ. නාග රාජයකු ඔවුන් දෙසට බඩගා එනු දකින්නට ලැබිණි. ජ්‍යෙෂ්ඨ භික්ෂුව වෙත පැමිණි නාගරාජයා, එතුමාගේ හිසේ මට්ටමට තම හිස ඔසවා, පෙණය දිග හැර, සිහින් ශබ්දයක් නිකුත් කරන්නට විය.

එබඳු අවස්ථාවක දුවන්නට තැත් කිරීමෙන් පලක් නැත. ඒ විශාල සර්පයින්ට අපට වඩා වේගයෙන් ගමන් කළ හැකි ය.

ජ්‍යෙෂ්ඨ භික්ෂුව, මද සිනාවෙන් යුතුව, දකුණු අත ඔසවා, නාගයාගේ හිස පිරිමදිමින්, “ම හමු වීමට පැමිණීම ගැන ඔබට ස්තුතියි” යනුවෙන් පැවසී ය. එතුමා, සුවිශේෂ කාරුණික බවකින් යුත් භික්ෂුවක් විය. නාග රාජයා පෙණය හකුළා ගෙන, හිස බිමට පහත කර, ඉවතට ඇදී ගියේ ය.

ඒ ජ්‍යෙෂ්ඨ භික්ෂුව, ඕස්ට්‍රේලියාවේ, අපේ ආශ්‍රමයේ මාස කීපයක් නතර වී සිටියේ ය. අපේ ගොඩනැගිලි කීපයක් සඳහා නගර සභාවේ අනුමැතිය අවශ්‍යව තිබිණි. ඒ කටයුතු පරීක්ෂා කිරීමට, නගරාධිපතිතුමා ආශ්‍රමයට පැමිණියේ ය.

එතුමා, දිස්ත්‍රික්කයේ සිටි වඩාත් ම බලගතු පුද්ගලයා විය. සිය තනතුරට සරිලන පරිදි එතුමා කදිම ඇඳුම් කට්ටලයකින් සැරසී සිටියේ ය. පිට කබායේ බොත්තම් අමුණා නො තිබුණු බැවින්, ඔහුගේ අතිවිශාල ඕස්ට්‍රේලියානු උදරය ඉස්මතු වී පෙනිණි. භික්ෂුව ඉරිදියට ගොස් ඒ උදරයට මදක් තට්ටු කළේ ය. එය භික්ෂුවකට අකැප බවත්, එබඳු උසස් තනතුරකට ගෞරවයක්  බවත් මම කල්පනා කළෙමි.

උදාර පුද්ගලයෙකු වූ නගරාධිපති තුමා, හඬ නගා සිනාසෙන්නට විය. අපේ සියලු ගොඩනැගිලි සැලසුම්වලට අනුමැතිය ලැබිණි. එතුමා අපේ ඉතා හිතවත් මිතුරකු බවට පත් විය.