Sunday, September 26, 2021

මෛත්‍රී භාවනාව

සසරේ සැරිසරන සියලු ලෝ වැසියාගේ සිත් තුළ ක්‍රෝධය, වෛරය ආදී පහත් තමාටම අවැඩ පිණිස හේතුවන කෙලෙස් මානසිකත්වයෝ ඇත. ඒ සිත මැඩලමින් සිතේ සුවය ඇතිකරන්නාවූ අනෙකාටත්, තමාටත් සැපය පිණිසම හේතුවන සිතක් ඇතිකර ගැනීම මෛත්‍රීයයි. එය කමටහනක් කොටගෙන භාවනා කිරීම මෛත්‍රී භාවනාවයි. මෙම භාවනාව වඩන තැනැත්තා වෛරය, තරහව ආදී සිතුවිලි වලින් ඇතිවන හානිය ගැනත් මෛත්‍රීය තුලින් ඇතිවන ශාන්තිය ගැනත් යම් අවබෝධයක්...

මෙත් වැඩීමෙන් ලැබෙන ආනිසංස 11

  සුඛං සුපති - සුවසේ නිදයි.. සුවෙන්, නිදහසේ නින්දක් ලබන්නට හැකි කීයෙන් කී දෙනෙක් හට අද දවසේ හැකිද. නොහැකි පිරිසම වැඩිය. ලෙඩ රෝග නිසා, වැඩරාජකාරි අධික වීම නිසා, මානසික අසහනය.. වැනි කාරනා නිසා ඒ බොහෝ දෙනා අහිමි කරගන්නා නින්ද මෙත් වැඩීමේ ඵලයක්, ආනිසංසයක් ලෙස ලැබේ. සමහරෙක් නින්ද ළඟා කරගැනීමට වෛද්‍ය පිහිට, නිදි පෙතිවල පිහිට පතයි. නමුත් එයින් ඔබට ජීවත් වන මුළු කාලය පුරා උදව් ලබා ගත හැකිද. බැරිය. වෛද්‍යවරු පවා දීර්ඝ කාලයක් නිදි පෙති භාවිත කිරීම අනුමත...

කරණීයමෙත්ත සුත්‍රය

කරණීයමත්ථ කුසලේන  -  මෙත් සිත පැතිරවීමට (ශාන්ත වූ නිවනට) කැමති යංතං සංතං පදං අභිසමෙච්ච  -  තමාගේ දියුණුව සලසා ගැනීමට කැමති සක්කෝ උජූ ච සූචූ ච  -  දෙයක් කිරීමේ ශක්තියෙන් යුත්, අවංක හා සෘජු ගති ඇති සුවචෝ චස්ස මුදු අනතිමානී  -  පහසුවෙන් වැටහෙන, රළු හැසිරීම් නැති හා කිසිඳු මානයක් නැති සන්තුස්සකෝ ච සුභාරෝ ච  -  ලද දෙයින් සතුටුවන හා පහසුවෙන් පෝෂණය කළ හැකි අප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති  -  කාර්ය...

Saturday, September 25, 2021

බක්කුල මහරහතන් වහන්සේ

ගෞතම බුදු සසුනේ ආශ්චර්යමත් මහරහත් ජීවිත කතා අතරින් බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතයද සුවිශේෂී එකකි. උන්වහන්සේ කිසි දිනෙක ආහාරපාන හැරුණු කොට ඖෂධ යයි කියනා කිසිවක් ලබාගෙන නොමැත. ඒ පමණක් නොව උන්වහන්සේ කිසිකලෙක ලෙඩවීද නොමැත. පුරා අවුරුදු එකසිය හැටක් ආයු වැළඳූ උන්වහන්සේ එක දිනකවත් හෙම්බිරිස්සාවකින් හෝ පීඩා විඳ නොමැත.අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට සමයේ බක්කුල හිමියෝ බ්‍රාහ්මණයෙක්ව උපත ලබා සිටියේය. බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා පැවිදි වූ මේ  බ්‍රාහ්මණයාට...

අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ

 උන්වහන්සේ  මහා පිනැති භික්ෂුවක් විය. ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා මිහිපිට ධර්මාවබෝධය කළ ප්‍රථම මහරහතන් උතුමා උන්වහන්සේය. ඒ නිසා උන්වහන්සේව චිරරාතඤ්ඥ වශයෙන් හැඳින්වූහ. ඒ සඳහා උන්වහන්සේ කල්ප ගණනක සිට පාරමී පිරීය. පදුමුත්තර බුදුන් දවස ගොවි කුලයක උන්වහන්සේ උපත ලැබීය. දිනක් සඟපාමොක් ඇතුළු පිරිස ඉදිරියේ පදුමුත්තර බුදුහිමියන් එක් භික්ෂුවක් අරඹයා පළමුවෙන් ධර්මය අවබෝධ...

Friday, September 24, 2021

බුදු පියාණනේ..

බුදු පියාණනේ ඔබේ පාද කරනෙමි පිනිපා   පියෙන් පියට මිහිකත සනහා බැලූ බැලූ නෙත් සිත් බඳවා දහම් අමාවෙන් තිලොව තෙමූ   බුදු පියාණනේ ඔබේ පාද කරනෙමි පිනිපා...//   සසර සයුරකට නෞකාවයි නිමල අමිල නෙත් සිලිලාරයි ලොවේ අනගි ගුණදම් මුහුදයි   බුදු පියාණනේ ඔබේ පාද කරනෙමි පිනිපා...//   හිමියනි ඔබෙ මොක් මග හමුවේ හැදෙමි බැඳෙමි නැහැවෙමි නිබඳේ තිලෝ තිලක සම්බුදු සමිඳේ   බුදු පියාණනේ ඔබේ පාද කරනෙමි පිනිපා   පද වැල්...

ළා දළු බෝපත්

 ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවි.. වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ   ලේන කුලේ සිට ආගිය මග තොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වී නිවන් දකින තුරු මේ සංසාරේ පසු පස ආවා සෙවණැල්ලක් සේ   ළා දළු බෝපත්...   තැලී සෙනේ සිත සැලී හඬන විට වැටී දෙපා ළඟ යසෝදරාවෝ පිපී නිවන් මල් සාධුකාර දී නිවී පහන් විය උදෑසනක් සේ   ළා දළු බෝපත්...   පද වැල් - රඹුකකන සිද්ධාර්ථ හිමිසංගීතය...